මිනුවන්ගොඩදි මියගියේ PSDයේ සිව්දෙනෙකුයි - 6ක&#
කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ - යාගොඩමුල්ල ප්‍රදේශයේ අද (10) පෙරවරුවේ සිදුවූ මාරක රිය අනතුරෙන් මියගිය හතරදෙනා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් බව එහි අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළා. මෙම මියගිය හතරදෙනා අතර කාන්තාවක්ද වන බවයි මිනුවන්ගොඩ රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ 6 දෙනෙකු ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු කාන්තාවන් වනවා.
මොවුන් නිකවැරටිය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා යමින් සිටියදී මෙලෙස අනතුරට මුහුණදී ඇති බවයි ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ.
කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරෙන් සිව්දෙනෙකු මිය ගිය බව පොලිසිය පවසයි. තවත් පිරිසක් තුවාල ලබා ඇත. බරපතල තුවාල ලබා සිටි 6 දෙනෙක් ගම්පහ රෝහලට මාරුකර යවා ඇත.
කොළඹ සිට පැමිණි ඩිෆෙන්ඩර් රථයක් පුද්ගලික බසයකට ඉස්සර කිරීමට යාමේ දී අනතුර සිදුව තිබේ. එහි දී විරුද්ධ දෙසින් පැමිණි බසයක ගැටී ඇත. කොළඹ දෙස සිට පැමිණි බස් රථයද හැප්පී ඇත.
ඩිෆෙන්ඩර් රථයේ පැමිණ ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරීන් බව මිනුවන්ගොඩ රෝහල් අධ්‍යක්ෂවරයා තහවුරු කරයි.
Hiru news....