JVP සේවාවන්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මහමගට ඇද වැටෙන රෝහණ වීජේවීර දරු පවුල

    rohana1.jpg

    ලෝක දේශපාලනයේ සටන්කාමී විමුක්‌ති අරගලයේ පුරෝගාමියා ‍ෙච්ගුවේරා නම් එම ස්‌ථානය අපේ රටේ හිමිවන්නේ රෝහණ විජේවීරටය.

    ජනතා විමුක්‌ති පෙරමුණේ නිර්මාතෘවරයා ලෙස මෙන්ම මෙරට විප්ලවවාදී දේශපාලන නායකයා ලෙස ඉතිහාසයට එක්‌ව සිටින රෝහණ විජේවීර ඝාතනය වී මේ වන විට වසර විසිහයක්‌ ගතව ඇත.

    එහෙත් අද වනවිට ජනතා විමුක්‌ති පෙරමුණ මෙන්ම එයින් කැඩී ගිය කොටස්‌ මෙරට දේශපාලනයේ සුවිශේෂී චරිත බවට පත්ව ඇතත් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන් අද වන විට පත්ව සිටින්නේ අතිශය දුක්‌�ත තත්ත්වයකටය. ඒ ඔවුන් මෙතෙක්‌ වාසය කළ වැලිසර නාවික හමුදා කඳවුරේ ආරක්‌ෂිත නිවස්‌නයෙන් ලබන සැප්තැම්බර් 30 වැනිදා ඉවත්ව යන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ දැනුම් දීමත් සමඟය. අද වන විට චිත්‍රාංගනී විජේවීර මහත්මියට හා දරු පවුලට ඉන්නට හිටින්නට තැනක්‌ නැත. නාවික හමුදා කඳවුරෙන් ඉවත් කෙරෙන ඔවුන්ට යන්නට සිදුවන්නේ මහා පාරටය.

    1989 නොවැම්බර් 12 වැනිදා උලපනේදී හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ විජේවීර නොවැම්බර් 13 වැනි දින බොරැල්ල කනත්තේදී පණ පිටින් පුළුස්‌සා ඝාතනය කරන ලදී.

    රෝහණ විජේවීර උලපනේ වතුයායකදී හමුදා අත්අඩංගුවට ගත් මොහොතේදී එම හමුදා කණ්‌ඩායමට නායකත්වය දුන් මේජර් ජනරාල් ජානක පෙරේරාත් ( එවකට බ්‍රිගේඩියර්) කර්නල් ගාමිණී හෙට්‌ටිආරච්චිත් විජේවීරගේ බිරිඳ ඇතුළු දරුවන්ට ආරක්‌ෂාව පතා වහාම පිටත්ව යන ලෙස දැනුම් දුන්නේ ඒ මොහොතේ වෙනත් කණ්‌ඩායමකට මොවුන් හසුවූයේ නම් ඔවුන් විජේවීරගේ දරු පවුලෙන්ද පළිගනු ඇතැයි තිබූ සැකය නිසාය. ඒ මොහොතේ රෝහණ විජේවීරගේ නැගණිය චිත්‍රානි විජේවීරද, නිවසේ වැඩකටයුතු සඳහා සහය දුන් ජනතා විමුක්‌ති පෙරමුණට සම්බන්ධ තරුණියන් දෙදෙනකුද එහි සිටියහ. ඒ සියලු දෙනාටම යන්නට ඉඩදුන් අතර ඔවුන්ගේ අවවාදය වූයේ ආරක්‌ෂාකාරීව හැකි ඉක්‌මනින් පලා යන ලෙසය.

    මේ පිරිස දින කීපයකදී කොළඹට පැමිණ ආරක්‌ෂාව තකා තැනින් තැන නතර වූහ.

    අවසානයේ බොරලැස්‌ගමුවේ ඥාති නිවසකට යන විජේවීර දරුපවුල භාරගැනීමට ඔවුන්ද මැලිකමක්‌ දක්‌වන්නේ ඒ වන විට රටේ පැවති තත්ත්වය නිසාය.

    ඒ වන විට රටේ පැවති මානව හිමිකම් තත්ත්වය නිසා ජනතා විමුක්‌ති පෙරමුණේ බොහෝ ක්‍රියාකාරිකයන්ගේ දරු පවුල් ආරක්‌ෂාව තකා මෙරට විදේශ තානාපති කාර්යාලවල පිහිට පැතූ අතර ඒ සියල්ලන්ටම පාහේ ඒ ඒ රටවල දේශපාලන රැකවරණය ලැබුණි. ඒ හේතුවෙන් එසේ ගිය බොහෝ දෙනකු අද ආර්ථික තත්ත්වය යහපත් කරගෙන තම දරුවන්ටද හොඳින් උගන්වා හොඳ සමාජ තත්ත්වයක පසුවෙති.

    එහෙත් විජේවීර මහත්මිය තානාපති කාර්යාලයක්‌ වෙත යනු වෙනුවට ගියේ යුද හමුදා මූලස්‌ථානය වෙතය. යම් ලෙසකින් ඇය විදේශ රටක දේශපාලන රැකවරණ පැතුවේ නම් අන් සියල්ලන්ටම වඩා මේ පවුලට විශේෂිත තත්ත්වයක්‌ ලැබෙන්නට ඉඩ තිබිණි.

    නොවැම්බර් 19 වැනිදා විජේවීරගේ බිරිය දරුවෝද ඔවුන් සමඟ සිටි විජේවීරගේ මව වික්‍රම කළුතොට මහත්මියද සමඟ කොළඹ හමුදා මූලස්‌ථානයට භාරවූහ. ඒ වන විට ආරක්‌ෂක අංශ මෙන්ම තවත් ඝාතක කණ්‌ඩායම් රැසක්‌ ඔවුන් සොයා ලංකාව පීරමින් සිටියහ. මෙම කණ්‌ඩායම්වලට හසුවූයේ නම් මේ දරු පවුල අතුරුදන් වූවන්ගේ කණ්‌ඩායමට අයත්වන්නට බොහෝ ඉඩ තිබුණි.

    කෙසේවෙතත් හමුදා මූලස්‌ථානය වෙත භාරවුණු ඇගේ දරු පවුලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන්නට එවකට ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.

    ඉන් පසු මේ දරු පවුල ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට යවා එහි විශේෂ ආරක්‌ෂක නිවස්‌නයක තබන ලද්දේ ආරක්‌ෂාව පතාය.

    1994 කාලයේ විජේවීර දරුපවුල ත්‍රිකුණාමලයේ සිට වැලිසර නාවික හමුදා කඳවුරට පැමිණියහ.

    රෝහණ විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීරය. ඔවුන් දෙදෙනාට දූදරුවන් හයදෙනෙකි. එයින් දියණියන් සිවුදෙනකු සහ පුතුන් දෙදෙනෙක්‌ වශයෙනි.

    දසුන් ඊෂා වැඩිමහල් දියණි උපන්නේ 1981 ජනවාරි 12 වැනි දින කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදීය.

    විජේවීර පවුලේ දෙවැන්නිය වූ 'සුපුන් ත්‍යාගා' උපන්නේ 1982 අප්‍රේල් මස 5 දිනය. තෙවැනි දියණිය මායා විභූති 1984 ජූලි 24 වැනිදා බණ්‌ඩාරවෙල මාරිස්‌ටොප් පෞද්ගලික රෝහලේ උපන්නාය. සිවුවැනි දියණි අමා සසිරි 1987 ජනවාරි 20 බලන්ගොඩ වල්හපුතැන්න ග්‍රාමීය රෝහලේදී එළිය දුටුවාය. පවුලේ පස්‌වැන්නා වූ 'උවිඳු විදුරැ 1988 මැයි මස 20 වැනි දින බදුල්ලේ සෙන්ට්‍රල් රෝහලේදී උපත ලැබුවේය. රෝහණ විජේවීර ඝාතනය වන විට බාල පුතු සුපුල් සිටියේ විජේවීර මහත්මියගේ කුසේය.

    මෙයින් වැඩිමහල් දියණිය දසුන් ඊශා තම සොයුරා සමඟ වරක්‌ ගැටුමක්‌ ඇතිකර ගත්තාය. සිද්ධියෙන් සොහොයුරා තුවාල ලැබූ අතර අවසානයේ එය අධිකරණය දක්‌වාම ගියේය. අධිකරණයෙන් ඇයව ජනතා විමුක්‌ති පෙරමුණට හිතවත් වෛද්‍යවරයකුගේ භාරයට පත් කරන ලදී. ඉන්පසු ඇයට කුමක්‌ සිදුවුයේ දැයි කිසිවකු නොදනී.

    විජේවීරගේ ලොකු පුතා දැනට රුසියාවේ සමාජ විද්‍යාව හා දේශපාලන විද්‍යාව සම්බන්ධ උපාධියක්‌ හදාරමින් සිටින්නේ අර්ධ ශිෂ්‍යත්වයක්‌ ලැබීමෙනි.

    කොළඹ රුසියානු සංස්‌කෘතික මධ්‍යස්‌ථානය මගින් ලබා දුන් එම ශිෂ්‍යත්වය ලබාගැනීම සඳහා කිසිවකුත් ඔහුට ඒ හැටි උදව් කළේ නැත. රුසියානු මධ්‍යස්‌ථානයේ වැඩ කටයුතුවලට සහයෝගය දෙමින් ඒ හා සම්බන්ධව කටයුතු කිරීම නිසා ඔහුට එය හිමිවිය.

    ඉතිරි මුදල සඳහා ජනතා විමුක්‌ති පෙරමුණ කොටසක්‌ ලබාදුන්නේය. ඉතිරිය ලබාදුන්නේ 1971 දී ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලනයේ සිටි ඉන් පසුව ඉවත්වුණු පිරිසකි.

    විජේවීරගේ සෙසු දරුවන් සිවුදෙනා තවමත් රැකියා විරහිතය. ඔවුන්ගේ අනාගතය ගැන ඇත්තේ දැඩි අවිනිශ්චිතභාවයකි. විශේෂයෙන්ම ඔවුන් මුළු ජීවිතය පුරාම ගතකර ඇත්තේ සාමාන්‍ය ජීවිතයක්‌ නොවේ. එක්‌කෝ සැඟවී අප්‍රසිද්ධවය. එසේත් නැතිනම් හමුදා කඳවුරකය. එම නිසා මේ දරුවන්ගේ අනාගතය ගැන කිසියම් හෝ වගකිවයුතු පාර්ශ්වයක්‌ කටයුතු කළ යුතුව තිබේ.

    මෙරට බොහෝ දේශපාලනඥයන්ගේ අභාවයන් සමඟ ඔවුන්ගේ දූදරුවන් බිරින්දෑවරුන් පසුගිය කාලය පුරා තම ස්‌වාමියාගේ හෝ පියාගේ පක්‌ෂයට විරුද්ධවාදිකම් සිදු කිරීම, එම පක්‌ෂ විවේචනය කිරීම, ප්‍රතිවාදී පක්‌ෂවල වේදිකාවලට නැගීම, ප්‍රතිවාදී පක්‌ෂවලට සහයෝගය ලබාදීම ආදිය සිදු කරනු පසුගිය කාලය පුරා දක්‌නට ලැබුණි. එහෙත් රෝහණ විජේවීරගේ බිරිඳ හෝ දරුවන් කිසිවිටෙක එලෙස කටයුතු නොකළහ. ජනතා විමුක්‌ති පෙරමුණට කිසිදු අයුරකින් සතුරුකමක්‌ නොකළහ. පක්‌ෂයට කිසිම වැරදි වැඩක්‌ නොකළහ. එබැවින් ඔවුන් සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණට විශේෂ වගකීමක්‌ මෙන්ම යුතු කමක්‌ද තිබේ.

    අනෙක්‌ අතට මෙරට පාලන බලය අපේක්‌ෂා කරන පක්‌ෂයක්‌ ලෙස ඔවුන් තමන්ගේ නිර්මාතෘවරයාගේ එසේත් නැත්නම් නායකයාගේ දරුපවුල සුරකින්නේ නැත්නම් රටේ ජනතාව සුරකින්නේ කෙසේද යන ප්‍රශ්නය ජනතාව හමුවේ මතුවීම වැළක්‌විය නොහැක. අනෙක්‌ අතට ජනතා විමුක්‌ති පෙරමුණ පසුගිය මහමැතිවරණයේ ප්‍රචාරණය සඳහා සිදුකළ දැවැන්ත වියදම සලකා බැලූවිට රෝහණ විජේවීර දරු පවුල රැක ගැනීමට මුදල් හෝ සම්පත් නැතැයි සිතන්නටවත් බැරිය.

    ජනතා විමුක්‌ති පෙරමුණ සහ ඉන් කැඩී ගිය ජාතික නිදහස්‌ පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්‌ෂය ආදී සියලු පක්‌ෂ වල ආරම්භක මූලය රෝහණ විජේවීරයන්ය. එම නිසා ඔවුන් සියලු දෙනාටම මේ වගකීමෙන් මිදිය නොහැක.

    ජනිත සෙනෙවිරත්න - දිවයින
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    125486.jpg

    ජනාතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරඳ සහ දරුවන්ගේ අධ්‍යාපන වියහියදම් ඇතුළු සියළු සොයා බැලීම් ජනතා විමුක්ති පෙරමුණ විසින් නිරන්තරයෙන්ම සිදු කළ බවත් ඉදිරයටත් එසේම සිදුවන බවත් ඔවුන් මහ පාරට වැටීමට ඉඩ නොතබන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසූවේ සතිඅන්ත පුවත්පත් කිහිපයකි පළවන වාර්ථා පදනම් කරගනිමින් අප විසින් කළ විමසීමකදීය.
    එම වාර්තාවල දැක්වෙන්නේ දැනට රජයේ භාරයේ වැලිසර නාවික හමුදා කඳවුරේ නිවාසයක ජීවත්වන විජේවීර මහතාගේ බිරඳට සහ දරුවන්ට එම නිවසින් ඉවත්ව යන ලෙස දන්වා ඇති බැවින් එම පවුල පිළිබඳ සොයාබැලීමට කිසිවෙකු නොමැති වීම නිසා ඔවුන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවයි.
    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරණයෙන් එම පවුල සම්බන්ධයෙන් සොයාබලමින් විශේෂයෙන් ඔවුන්ගේ අධ්‍යාපන වියදම් පවා දරමින් එම පවුලේ සෑම විශේෂ අවස්ථාවකට සම්බන්ධ වෙමින් කටයුතු කළ බවත් දැනටත් එලෙස කටයුතු කරන බවත් ය.
    එය යුතුකමක් ලෙස සලකා සිදුකළ කටයුත්තක් බවත් එම කටයුතු ප්‍රසිද්ධියට පත් කරමින් එමගින් ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනක දේශපාලන වාසි ලබාගැනීමට හෝ එම පවුලේ අය දේශපාලන කටයුතුවලට ඈඳාගැනීමට කටයුතු නොකළ බවත් ප්‍රධාන ලේකම්වරයා පවසයි.
    දැනට ඔවුන් ජීවත්වන වැලිසර නාවික හමුදා කඳවුරෙන් එළියට එන ඕණෑම මොහොතක ඔවුන්ගේ වගකීම භාරගැනීමට පක්ෂය සූදානම් බවත් එය විජේවීර මහතාගේ බිරඳ හා දරුවන් දන්නා බවත් ටිල්වින් සිල්වා මහතා පවසයි. විජේවීර මහතාගේ බිරිඳ හා දරුවන් පිළිබඳවත් ජ.වි.පෙ ඔවුන්ට නිහඬවම ඉටුකරන සිය යුතුකම් පිළිබඳවත් හොඳින් නොදන්නා අය විවිද වැරදි අදහස් පල කළද ජ.වි.පෙ මෙම පවුල වෙනුවෙන් කටයුතු කළ අන්දම විජේවීර මහතාගේ බිරිඳ හා දරුවන් හොඳින්ම දන්නා බවත් ඔවුන් පිළිබඳ සොයාබැලීමට කිසිවෙකුත් නොමැති යැයි පල කිරීම ඉතාම සාවද්‍ය කරුනක් බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටී.

    Src: www.lankatruth.com
     
    දැන් කොයි කතාවද ඇත්ත ? මොකෝ පත්තර කාරයෝ අරහෙම ලියන්නේ, ඔබලගේම නායකයකු මට මතකයි වරෙක කිව්වා ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ කියලා.

    මොකක් උනත් පත්තරේ වැරදි නම් නඩුවක් දාන්නම ඕනේ මේ වගේ වැරදි ප්‍රකාශ කරනවට.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වත්මන් ආණ්ඩුවේ මේ වන විට බොහෝ වේගයෙන් රාජපක්‍ෂ පාලනයේ ක‍්‍රමවේදයට ලඟා වෙමින් සිටින බව ජවිපෙ පත් කල මන්ත‍්‍රි බිමල් රත්නායක මහතා පවසයි.

    මහින්ද රාජපක්‍ෂට දුර්දාන්ත පාලකයෙකු වීමට වසර නවයක් ගතවුණද මෙම පාලනය ඊට බොහෝ කලින් ඒ තත්වයට පත් වනු ඇතැයිද මොවුන් රාජපක්‍ෂය අල්ලන්නට බොහෝ වේගයෙන් දිව යනු ඇතැයිද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

    නරක් වෙන්න අවුරුදු 9ක් ගත්ත එකද හොද ? මාස 9ක් ගත්ත එකද හොද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොල් ටොක් නෙ දෙන්නෙ මහිනදගෙන් ලැප්ටොප් අරගෙන අරලොයගහමන්දිරෙන් ප්‍රයිඩ් රයිස් කපු දැන් යහපලනෙට සෙට් වෙන්න් හදන ජනිතලා වග් මාදයවෙදියො මොනාද බන් ජවිපෙ ගැන් දන්නෙ. උන් ලැප්ටොප් එකටයි වාසියටයි නැමෙන් හැටියට උන්ට හිතා ගන්න බැහැ කැපකිරිමක් කියන්නෙ මොකද්ද කියල. පක්ශය විසින් සියලු අව්ශතා සදහා උපරිම අයුරින් දාය්කත්වය දිලා තියනවා. එලියට ආවත් වගකිම ගන්නවා.

    එත් අපිට අනබෙර ගහන්න් ඔනි නැහැ. කියන්න ඔනිත් නැහැ