ඔන්න සිඞහලු සතියකට පස්සෙ අද ත්‍රෙඩ් එකේ දෙවනි කොටස දාන්න හදන්නෙ.ත්‍රෙඩ් එක බම්ප් කරපු,රෙප් දීපු හැමෝටමත් ස්තූති කරන ගමන් අද වැඩේ පටන් ගමු.
ප්‍රසිද්ධ නිවාඩු
රජය මගීන් ප්‍රකාශිතයට පත් කරන ලද වෙළඳ නිවාඩු දිනයන්,ප්‍රසිද්ධ නිවාඩු දිනයන් ලෙස සැලකේ.මම දවස් වසරකට 09 ක පමණ ඇත.මේ තියෙන්නෙ එව්වා.
1.තෛපොන්ගල් දිනය
2.ජාතික දිනය
3.සිංහල හින්දු අලුත් අව්රුද්දට පෙර දිනය
4.සිංහල හින්දු අලුත් අව්රුදු දිනය
5.මැයි දිනය
6.වෙසක් පුර පසලොස්වක දිනයට පසු දිනය
7.ජාතික වීර දිනය
8.නබි තුමාගේ උපන් දිනය
9.නත්තල් දිනය
මෙම නිවාඩු දින 09 ම කාර්යාල හා සාප්පු සේවකයිනට හිමි වන අතර කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව මෙම නිවාඩු දිනයන්හීද සේවකයන් සේවයේ යෙදවිය හැකිය.එහෙත් එසේ සේවයේ යොදවන සේවකයින් හට වැටුප් සහිත වෙනත් නිවාඩු දිනයක් එම වර්ෂයේ දෙසැම්බර් 31 වනදාට පෙර ලබාදිය යුතු අතර ප්‍රසිද්ධ නිවාඩු දිනයක සේවකයෙකු සේවයේ යෙදවීම වෙනුවෙන් එම දිනය සඳහා සාමාන්‍ය දිනක වේතනය මෙන් දෙගුණයක් එම සේවකයා හට ගෙවිය යුතුය.
පෝය නිවාඩුව
පසලොස්වකපෝය දිනය වැටුප් සහිත නිවාඩු දිනයක් ලෙස සැලකේ.පෝය දිනයන්, සති නිවාඩු දිනයක යෙදුනහොත් ඒ වෙනුවට අතිරේක නිවාඩු ලබා ගැනීමට ප්‍රතිපාදන සලසා නොමැත.
ප්‍රසූතිකාධාර/ප්‍රසූත නිවාඩු
මෙම විධි විධානයන් බොහෝ දුරට ප්‍රසූතිකාධාර ආඥා පනතේ වූ විධිවිධාන වලට සමානය.එහෙත් සාප්පු හා කාර්යාල සේවක පනත යටතට ගැනෙනා සේවිකාවන්ට හිමිවනුයේ ප්‍රසූත නිවාඩුය.පනතේ 18 වන වගන්තියේ 'අ' උප වගන්තියේ සිට 'ඌ' උප වගන්තියේ සඳහන් වන්නේ ප්‍රසූත නිවාඩු වලට අදාල නියමයන් වේ.
මෙම පනත යටතට ගැනෙන සේවිකාවන් තමා ප්‍රසව අවස්ථාවට එලඹෙන බව දින 14කට පෙර සේවා යෝජකයාට දැන්විය යුතු අතර සේවා යෝජකයා විසින් ඇයගේ නිවාඩු අනුමත කලයුතුය.
මෙම සේවිකාවන් හට පළමු සජීවී දරු උපත් දෙක සඳහා එක් වතාවකට වැඩ කරන දින 84 ක බැගින් වැටුප් සහිත නිවාඩු දින සඳහා හිමිකම් ඇත.සජීවී දරු උපත් දෙකකින් පසුව උපදින දරුවන් සඳහා එක් ප්‍රසූතයකදී දින 42ක නිවාඩුවක් හිමිය.මෙම නිවාඩු වලට අමතරව එම කාලය තුල යෙදෙන සති,පෝය හා ප්‍රසිද්ධ නිවාඩුද හිමිය.
දරු ප්‍රසූතියට තෙමාසයකට පෙර හා තෙමාසයකට පසු කාලය තුල දරුවාට හෝ මවට අනතුරුදායක වන කිසිදු කටයුත්තක සේවිකාව යෙදවීම සේවායෝජකයා විසින් කිසි සේත්ම නොකල යුතුය.
ප්‍රසූතය නිසා හෝ දරුවෙකු පිළිසිඳ ගැනීම හේතුවෙන් සිදුවිය හැකි කවර ආකාරයේ රෝගී තත්වයක් හේතුවෙන් සේවිකාවක් සේවයෙන් පහකිරීම කල නොහැක.යම් විටක සජීවී දරු උපතක් නොවී මළ දරු උපතක්,කලල රූපයක් හෝ ප්‍රසූත කල විටද එම සේවිකාවන්ටද ප්‍රසූත නිවාඩු හිමිකම ඇත.මේ සඳහා කලල රූපයක් පහත සඳහන් කරුණු සම්පූර්ණ වශයෙන් සපුරා ඇති බවට සෑහීමකට පත් විය යුතුය.
1.සති 28ක් වයස් ගත වීම.
2.අවම වශයෙන් අඟල් 12ක් දිග වීම
3.අවම වශයෙන් රාත්තල් 02ක් බරැති වීම.
ශුභසාධන පහසුකම්
1.ආලෝකය හා වාතාශ්‍රය සෑහෙන ප්‍රමාණයට ආයතනයතුලට වැටෙන්නට සැලැස්විය යුතුය.
2.ස්ත්‍රී,පුරුෂ දෙපාර්ශවයටම වෙනවෙනම වැසිකිලි පහසුකම් හා සේදීමේ පහසුකම් සැපයිය යුතුය.
3.කෑම ගැනීම සඳහ සුදුසු ප්‍රමාණවත් ඉඩ පහසුකම් සැපයිය යුතුය.
4.සේවයේ නියුක්ත කාන්තාවන් වෙනුවෙන් අවම වශයෙන් තිදෙනෙකුට එකක් වශයෙන් ආසන පහසුකම් තිබිය යුතුය.මෙම නියමය අදාල වන්නේ සාප්පු සේවිකාවන් සඳහා පමණි.
තුන්වන කොටස ලබන සතියට.