පොහොට්ටුවෙන් පිපි සිනිදු මොලොක් මල්...
හිරු දැක රිසි සේ පිබිදෙනු කලියෙන්....
අසම්මතෙන් පැන ආ පර බඹරුන්....
කෙලසා වනසා පැනයයි සැනෙකින්....
කොටදෙනියාවේ වෙසෙනා මිනිසුන්...
බෝඩ් කෑලි වල මොනවද ලියමින්...
වැලපී හඩනා හැටි අවසිහියෙන්...
විපරම් කෙරුවෙමි මාද කුතුහලෙන්...
සුපුන් සදක් සේ නිවසට පායා...
කාගෙත් හුරතල් දියණිය සේයා...
තනියට ලග රැදි ආච්චි සීයා...
ගම අද නිහඩයි වැලපෙයි නෑයා...
සිගිති දැරිය නිදි වැදී සිටිද්දී....
අයෙකු ඇයව ගෙන දෙපා නගද්දී...
අසල තිබූ වන ලැහැබට යද්දී....
හිහඩව සිටියේ ඇයි ඒ වෙද්දී....
ලොව නොම උහුලන දේ මෙහි කැදවා
අහිංසකීගේ අත් පා හරවා...
ආත්මයෙත් වේදනාව රදවා....
ඇද සිටි ඇදුමෙන් ගෙල සිරකරවා....
දෙන වද සියල්ල දී පණ නසලා...
අධර්මිශ්ටයෝ ඇත පැන දුවලා...
පත්තර මුල් පිටු සටහන් තබලා..
ථල කිම රකුසා නිදැල්ලෙ හැරලා.. ?
සිගිති දෑත් පොඩි සලමින් කෝලේ...
මිදුල පුරා දග කෙරුවයි බාලේ.....
කිරිකැටි දියණිය දකිනා වේලේ....
කෙලෙසින් ගත්තද ඇගෙ පණ නාලේ..
අදුරු රැයකි නැත තරුකැට පායා...
නිහඩ දසත මවනා නෙක ඡායා....
දෛවයෙ සරදම කරමින් මායා...
අවසන් ගමනට යනවද සේයා....
හෙලා දකිමු කියනමුත් කමින් පස්....
අමතක කරලයි කාලය පැන ගොස්....
දූශනයට අත පොවන යකුන් වෙස්..
වටිනවා ගෙනෙන්න යලි එල්ලුම් ගස්..
හිරු දැක රිසි සේ පිබිදෙනු කලියෙන්....
අසම්මතෙන් පැන ආ පර බඹරුන්....
කෙලසා වනසා පැනයයි සැනෙකින්....
කොටදෙනියාවේ වෙසෙනා මිනිසුන්...
බෝඩ් කෑලි වල මොනවද ලියමින්...
වැලපී හඩනා හැටි අවසිහියෙන්...
විපරම් කෙරුවෙමි මාද කුතුහලෙන්...
සුපුන් සදක් සේ නිවසට පායා...
කාගෙත් හුරතල් දියණිය සේයා...
තනියට ලග රැදි ආච්චි සීයා...
ගම අද නිහඩයි වැලපෙයි නෑයා...
සිගිති දැරිය නිදි වැදී සිටිද්දී....
අයෙකු ඇයව ගෙන දෙපා නගද්දී...
අසල තිබූ වන ලැහැබට යද්දී....
හිහඩව සිටියේ ඇයි ඒ වෙද්දී....
ලොව නොම උහුලන දේ මෙහි කැදවා
අහිංසකීගේ අත් පා හරවා...
ආත්මයෙත් වේදනාව රදවා....
ඇද සිටි ඇදුමෙන් ගෙල සිරකරවා....
දෙන වද සියල්ල දී පණ නසලා...
අධර්මිශ්ටයෝ ඇත පැන දුවලා...
පත්තර මුල් පිටු සටහන් තබලා..
ථල කිම රකුසා නිදැල්ලෙ හැරලා.. ?
සිගිති දෑත් පොඩි සලමින් කෝලේ...
මිදුල පුරා දග කෙරුවයි බාලේ.....
කිරිකැටි දියණිය දකිනා වේලේ....
කෙලෙසින් ගත්තද ඇගෙ පණ නාලේ..
අදුරු රැයකි නැත තරුකැට පායා...
නිහඩ දසත මවනා නෙක ඡායා....
දෛවයෙ සරදම කරමින් මායා...
අවසන් ගමනට යනවද සේයා....
හෙලා දකිමු කියනමුත් කමින් පස්....
අමතක කරලයි කාලය පැන ගොස්....
දූශනයට අත පොවන යකුන් වෙස්..
වටිනවා ගෙනෙන්න යලි එල්ලුම් ගස්..
පෙර නැති විලස මැලවී ගිය වතක් දරා..
දග කල දෙපය එක විලසට දිගා කරා...
පුන්චිම දෑත් පොඩි ලය මත එකට දරා...
සීතල දෙනක් මැද සේයා නිදන් කරා....
දග කල දෙපය එක විලසට දිගා කරා...
පුන්චිම දෑත් පොඩි ලය මත එකට දරා...
සීතල දෙනක් මැද සේයා නිදන් කරා....


