෴පට්ට සිංහල රැපක්෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෴පට්ට සිංහල රැපක්෴



    දසමස කුස දරන් ඔබ මගෙ බර දරන්
    මෙලොවට බිහිකර පසුත් මාව හිත දරන්
    ඔබෙ දෑතට මා අරන් ඔබෙ ලේ කිරි කරන්
    පෙව්වෙ මා හට ආදරෙන් ඔබෙ ලයට තුරුළු කරන්

    කවා පොවා උස්මහත් කර ඔබ හිද මා ලග
    යන්න ඉදිරියටම පෙන්නුවෙ හරි මග
    එහෙම කරන අම්මට අපි හරියට සලකනවද
    පොඩ්ඩක් බැරි වුණ ගමන් අපි බැන වදිනවද

    ඉලන්දාරි ඔයාට කෙල්ලෙක් එහෙම හම්බවුණාම
    අම්මට තියෙන ආදරේ ටික ටික අඩු උනාද
    අම්මට ඔයාව මනුස්සයෙක් කරන්න ගතවුනෙ අවුරුදු දහය විස්ස
    කපටි කෙල්ලෙක්ට අහුවුනොතින් ඔයාව නැතිවෙයි විනාඩි දහයෙන් විස්ස

    ඔයා යන්නෙ ලොකු ලොකු තැන් වලට කන්න බොන්න
    අම්මත් එක්ක යන්න බැරි ඇයි දැන් ඇය මහළු නිසාද
    ඔයාව ලොක්කෙක් කරන්න අම්මා දැරුවෙ වෙහෙස
    අමතක වෙලාද ඇයගේ මව් පහස

    අම්මා මගේ ජීවිතයම එළිය කලා
    තාත්තා මගේ ලෝකෙ වීරයයි සැමදා
    ආදරයෙන් ඒ මුළු ලෝකය නැහැවුණා
    රකිමු ආදරෙන් අපෙ මව්පියන් සැමදා

    උදේ රැයින් නැගිටලා ඔයාගෙ නළලට හාදු දීලා
    යන්නෙ හිත හිත ඔයා ගැන ගොඩක් සිහින මවලා
    දවසෙම වැඩ කරල දහඩිය නැහැවිලා
    හම්බකරන්නෙ ඔයාගෙ අනාගතය ගැන හිතලා

    හවසට ගෙදර එන්නෙ ඔයාගෙ හිනාව බලන්න
    අරගෙන රස කෑම ඔයාට ආදරෙන් කවන්න
    ඒත් ඔයාගෙ තාත්තා නොපෙන්නුවට ආදරේ
    හිත තුල ඇත ආදරෙ වගෙ මහ සාගරේ

    ඔයාට හොදින් උගන්නන්න ලොකු ලොක්කෙක් කරන්න
    ගැහුවෙ බැන්නෙ නීතී රීති දාලා ඔයාව හදන්න
    එපා අහිතක් හිතන්න මේ ගැන පොඩ්ඩක් හිතන්න
    අම්මා තාත්තා නැත්තං ඔයා අද කොහෙද ආ..?

    ඔයා ලොක්කෙක් වුණ දවසට මේවා මතකෙ තියාගන්න
    අම්මට තාත්තට හොදින් සලකල ආදරයෙන් බලාගන්න
    එපා කිසි දිනක ඔවුන්ගෙ සිත් රිදවන්න
    අම්මා තාත්තා වෙනුවෙන් ඔබේ කාලය වෙන් කරන්න

    අම්මා මගේ ජීවිතයම එළිය කලා
    තාත්තා මගේ ලෝකෙ වීරයයි සැමදා
    ආදරයෙන් ඒ මුළු ලෝකය නැහැවුණා
    රකිමු ආදරෙන් අපෙ මව්පියන් සැමදා




    දුකට කියන කවි සී පදෙ ඇසෙන්නෙ අද ඒ තාලය
    තනිකම පාලුව දැනේවි දකිද්දි අද මේ කාලය
    වටේ ඉන්න කොල්ලො කෙල්ලො විනෝද වෙන ඒ තාලය
    දැක මම අද බලන් ඉන්නෙ එනකන් මට ඒ වාරය

    ඉගෙනගන්න උත්සාහ කලේ නෑ හරියට අකුරූ
    කට්ටි පැන්නෙ මිතුරු වෙසින් එන එයි උන් හතුරූ
    යන්නේ අද කාර් එකෙන් නොදැක්ක සේ මා මිතුරූ
    ඇහුවා නම් දෙමාපියන් කිව් ඒ ගුණ මියුරූ

    රැකියාවක් හොයාගන්න ඉන්ටෙව් වල බඩගෑවට
    හැකියාවට රැකියා නැත අද මා හට
    හිටියත් අද යාලුවො රට රැකියාවල
    බෑ උන්ටත් අත දෙන්නට අද මා හට

    වීදි දිගට ඇවිදල කුලි වැඩ කර සල්ලි ටික අරගෙන
    එදා වේල කාලා හිනාවෙලා හිටියට දුක ඇත මගෙ හිත යට
    නැත එදා මගෙ ලග හිටි ළද හිස් නිසා මගෙ මුදල් පසුම්බිය
    නැතිවුණා කිසිවෙකු මගෙ ලග ඇතිකල සුරතල ඇත ලග

    මුදලට යට මේ ලෝකයේ පිරිහී ඇත මනුදම් මෙසේ
    නැතිනම් රුපියල් සත අතේ නැත මිතුරන් සැම ඔබ වටේ
    සිටියොත් ඒ ගැන පසුතැවී කාලය යයි නොදැනිම ගෙවී
    කෙරුවොත් හැමදේ අදිටනින් වියැකෙයි දුප්පත්කම ලොවින්

    නැති වුණත් මට නානකාමර ඇත පොදු ලිද නාන්නට
    නැත කිසි දින වැටුනෙ බිමට නිදියන්නෙ පැදුරෙ බිමද
    ඇදල ඩෙනිම ගහල සුවද ගියාට ජැන්ඩි පහට
    අදින්නෙ එකම ඩෙනිම වැඩ කරනා දවස් පහට

    නැතිවට කන්න රසමසවුලු තම්බල කන්නෙ කොස් ගෙඩි මදුලු
    නැත කිසිදින බොන්නෙ විස්කි බ්‍රැන්ඩි
    තිබ්බත් මට සල්ලි නැතත් සල්ලි සාක්කු පිරෙන්න
    ඇත ගුණදම හිත පිරෙන්න

    නැත කිසිදින කලෙ ජඩ වැඩ හොයන්න සල්ලි බැංකු පොත් පිරෙන්න
    ගේම් දීලා සල්ලි වලට යන්නෙ නෑ වැලිකඩ මම
    හොරකම් කරල සල්ලි හොයල විනෝද වෙන්න බෑ මට
    හැමදාම පන්සල් ගිහින් වදින්නෙ මම බුදුසමිදුට
    දුප්පත් උනත් මම මල්ලි හිතින් පෝසත් හැමදාටම


    සල්ලි තියෙන සමහරු ලග නැත ගුණදම මනුස්සකම
    දෙනවද රුපියල දෙක අත දිගු කරනා යාචකයට
    හිටියට රජ මාලිගවල ගියත් යාන වාහනවල
    නැත සතුට ඒ හිත තුල තියෙනව වගෙ මගෙ හිත තුල

    මුදලට යට මේ ලෝකයේ පිරිහී ඇත මනුදම් මෙසේ
    නැතිනම් රුපියල් සත අතේ නැත මිතුරන් සැම ඔබ වටේ
    සිටියොත් ඒ ගැන පසුතැවී කාලය යයි නොදැනිම ගෙවී
    කෙරුවොත් හැමදේ අදිටනින් වියැකෙයි දුප්පත්කම ලොවින්




    :eek::eek:
     
    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    කුනුහරුපනේ බන් අහන්න පුලුවන්ද ඕව ? උබල සිංහලද ? වැල බලල මොළ කර වෙලා ද ඕව අහන්න ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුනුහරුපනේ බන් අහන්න පුලුවන්ද ඕව ? උබල සිංහලද ? වැල බලල මොළ කර වෙලා ද ඕව අහන්න ?
    :lol::lol::lol::lol:
    කුණුහරුපද නැද්ද කියන්න උඹ රැප අහල බලපංකො..
    කුණහරුපයක් තිබ්බොත් මට කියපං..
    එතකොට මං ත්‍රේඩ් එක අයින් කරන්නං..

     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    pure sinhalu rap hippop වගේ ඒවා අහන්නෙ නෑ බ්‍රෝ :sorry:
    pure sinhalu සිංහලු අහන්නෙ බ්ලැක් මෙටල් :sorry: මොකද ඒවා සිංහල සංස්කෘතිය එක්ක හොදට ගැලපෙනව :dull:
    රැප් කියන්නෙ අමුම අමු කුණුහබ්බ ජරාවක් :growl: සමහර රැප් පටං ගන්නෙත් "මද ෆක මද ෆක මද ෆක මද ෆක මද ෆක මද ෆක " ඉවර වෙන්නෙත් "මද ෆක මද ෆක මද ෆක මද ෆක "
    ඕකයි බ්‍රෝ ඇත්ත
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    pure sinhalu rap hippop වගේ ඒවා අහන්නෙ නෑ බ්‍රෝ :sorry:
    pure sinhalu සිංහලු අහන්නෙ බ්ලැක් මෙටල් :sorry: මොකද ඒවා සිංහල සංස්කෘතිය එක්ක හොදට ගැලපෙනව :dull:
    රැප් කියන්නෙ අමුම අමු කුණුහබ්බ ජරාවක් :growl: සමහර රැප් පටං ගන්නෙත් "මද ෆක මද ෆක මද ෆක මද ෆක මද ෆක මද ෆක " ඉවර වෙන්නෙත් "මද ෆක මද ෆක මද ෆක මද ෆක "
    ඕකයි බ්‍රෝ ඇත්ත
    මේකෙ කුණුහරුප නෑ කිව්වනේ උට්ටියෙ.. අහල බලපං ඉස්සෙල්ලා..:sorry:

    අඩේ හොදයි බන්:)....(උබ දැම්ම නිසා අහෙවුවේ:P )
    :sorry:
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මේකෙ කුණුහරුප නෑ කිව්වනේ උට්ටියෙ.. අහල බලපං ඉස්සෙල්ලා..:sorry:


    :sorry:

    :sorry:වෙන්න ඇති :) ඒත් සිංහල අපි ප්‍රතිපත්තිගරුක ජාතියක් වශයෙන් ඕව රිජෙක්ට් කරලා තියෙන්නෙ බ්‍රෝ :( ඒක නිසා අහන්න බෑ බ්‍රෝ :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :sorry:වෙන්න ඇති :) ඒත් සිංහල අපි ප්‍රතිපත්තිගරුක ජාතියක් වශයෙන් ඕව රිජෙක්ට් කරලා තියෙන්නෙ බ්‍රෝ :( ඒක නිසා අහන්න බෑ බ්‍රෝ :(
    :(

    11.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එළ එළ...එළ කිව්වට මාත් පළවෙනි එක විතරයි ඇහුවෙ බං.. මට රැප් දිරවන්නෙ නැති සීන් එකක් තියේ....

    දේශීය සුභාවිත සංගීතය තමයි ඉතින්:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළ එළ...එළ කිව්වට මාත් පළවෙනි එක විතරයි ඇහුවෙ බං.. මට රැප් දිරවන්නෙ නැති සීන් එකක් තියේ....

    දේශීය සුභාවිත සංගීතය තමයි ඉතින්:lol:
    මමත් අහන්නෑ බං.. Fill-T, IRAJ සොන්නයන්ට වඩා සිය ගුණයක් හොඳයි මුගේ රැප්.. සිංහල විතරයි.. කුණුහරුප නෑ කඩු කෑලි නෑ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මමත් අහන්නෑ බං.. Fill-T, IRAJ සොන්නයන්ට වඩා සිය ගුණයක් හොඳයි මුගේ රැප්.. සිංහල විතරයි.. කුණුහරුප නෑ කඩු කෑලි නෑ..

    :):)

    http://www.elakiri.com/forum/showthread.php?p=19055530&posted=1#post19055530

    පොඩ්ඩක් මේ පැත්තට ආව නං වේලි වේලි ඉන්නෙ නැතුව :)
     
    Last edited: