උපත_හා_ජෝතිෂ්‍යය
“උපත” යනු සංසර්ගයද, සංසේචනයද, “මොකද පරක්කු” යැයි මව විසින් කල්පනා කල අවස්ථාවද, කලලයේ ස්නායු පද්ධතිය “වැඩ කරන්නට” පටන්ගත් අවස්ථාවද, කලලයේ හෘද ස්පන්දනය පටන්ගත් අවස්ථාවද, පළමු ස්කෑන් එකෙන් ගර්භය නැරඹූ අවස්ථාවද, මව් කුසින් ඔලුව එලියට පැමිණි අවස්ථාවද, මව් කුසින් කකුල එලියට පැමිණි අවස්ථාවද, දරුවා පලමු හුස්ම ගත් අවස්ථාවද, දරුවා අඩන්නට පටන්ගත් අවස්ථාවද, නො එසේ නම්, ප්‍රසූතියේ වැඩ කටයුතු අවසන් කොට අත පිසදමාගත් නර්ස් නෝනා වේලාව බලා සටහන් කල අවස්ථාවද යන උභතෝකෝටික, කෙස් පැලෙන විවාදයක් බුකිය තුල පැන නැගී තිබෙනු දුටු බැවින් මෙම සටහන තබමි.
ඔය කතාකරන්නේ වේලාපත්කඩය සෑදීමට “උපන් වේලාව” සොයාගැනීම ගැන නම්, ඒ ගැන ඔච්චර කෙස් පැලෙන තර්ක අවශ්‍ය නැත. “උපන් වේලාව” නම් ප්‍රසූතියේ (ස්වාභාවික හෝ සිසේරියන්) වැඩකටයුතු අවසන් කොට අත පිහදාගත් නර්ස් නෝනා විසින් තමන් කසාද බැඳපු මුල් කාලයේ උපන්දිනයකට සැමියා විසින් තෑගි දුන් ලාභ අත් ඔරලෝසුවෙන් හෝ ප්‍රසූති කාමරයේ බිත්තියේ ගසා ඇති පොට්ට ඔරලෝසුවෙන් බලා කොල කෑල්ලක ලියා දෙන වේලාවයි. දෛවෝපගත ලෙස, මෙම වේලාව ඔබේ අනාගතයට බලපානු ඇත. නර්ස් නෝනාට වේලාව වැරදුනි නම් එයත් ඔබගේ දෛවය අනුව සිදුවූ දෙයකි. කලින්ම කේන්දරය බලා සිසේරියන් කොට “නියමිත” වේලාවට එලියට ගත්තේ නම් එයත් දෛවෝපගතය. දෛවය සිසේරියන් කරලාවත් වෙනස් කල නොහැක. සෑම දොන්, සිමන්, ටොම්, ඩික් සහ හැරීගේ ළමයාම ඔය ආකාරයට කලින් යොදාගත් වේලාවක එලියට ගත නොහැක. ඉන්පසු ඔබ කේන්දරය බලවාගැනීමට යන දෛවඥයා කියන දේ අනුව (එක එක දෛවඥයා කියන්නේ එක එක දේවල්ය) වැඩ කොට ලැබෙන ඵල විපාකද දෛවෝපගතය. ඔබට කේන්දරය බැලීමට යන්න හිතෙන්නේද, නොහිතෙන්නේද, යන්නේ මොකා ගාවට දැයි තීරණය වන්නේද දෛවයට අනුවය.
කෝකටත් කියා ළමයින් උපන් වේලාව නර්ස්ගෙන් අසා සටහන් කර ගත්තද, මේ වෙන තුරු මොනම කාරණයකටවත් කේන්දරයක් නොහැදූ හා නොබැලූ, ළමයින්ට දෙන නම්ද බිරිද ගර්භනී වෙන්නත් පෙරම තීරණය කෙරූ, මා වැනි අයටද එසේ කිරීමට හිතෙන්නේ දෛවයට අනුවය. බැරිවෙලාවත්, අනාගතයේ ඔය කේන්දර ටික හදවා බලවා ජෝතිශ්‍යකරු කියන යමක් ඇසීමට හෝ එසේ අසා වැඩකිරීමට (කුමන හෝ අවාසනාවක් නිසා) අපි හෝ අපේ පවුලේ යමෙක් තීරණය කළහොත්, එසේ වන්නේද දෛවයට අනුවය.
කොටින්ම කියනවා නම්, දොරමඩලාව බලා, මින්පසු, “උපන් වේලාව” යනු කලලයේ පලමු හෘද ස්පන්දනය සිදුවූ වේලාව යැයි තීරණය කොට ලංකාවේම දෙමව්පියන් ඒ ආකාරයට කේන්දරය සෑදීමට තීරණය කළහොත්, ඒක වෙන්නේද මුලු ලංකාවේම දෛවය අනුවය (රටටත් කේන්දරයක් තියනවලු හොඳේ!).
තව අවුරුදු මිලියනකින් පමණ පසු බ්‍රහස්පතීගේ චන්ද්‍රයන් මත ජනාවාස තනන මිනිස් පරපුරක් බිහිවුවහොත්, උපන් වේලාව අනුව ඔවුන්ද කේන්දර හදනු ඇත. ඒ කේන්දර වල පොඩි වෙනසකට ඇති දෙය නම්, කොටුවල ලොකුවටම ඉන්නේ අයියෝ, යුරෝපා, ගැනිමේඩ් හා කැලිස්ටෝ යන උපග්‍රහයන් වීමයි. මෙහෙම වෙන්නේ නැතැයිද, පෘථිවියෙන් බැහැර ජනාවාස තැනීමට තරම් දියුණු තත්ත්වයකට එලැඹෙන මිනිස් ශිෂ්ඨාචාරය ජෝතිශ්‍ය වැනි “මිථ්‍යාවන්” අත් හැර දමනු ඇතැයිද යමෙකු තර්ක කිරීමට පුලුවන. එවන් පුද්ගලයන් හට, පහත කරුණු ටික මතක් කර දෙනු කැමැත්තෙමි.
මීට අවුරුදු දහස් ගනකට පෙරද, මානවයා විසින් අහසේ තරු රටා වලට සාපේක්ෂව ග්‍රහයන්ගේ පිහිටීම වෙනස්වන ආකාරය බොහෝදුරට නිවැරදිව හඳුනා ගෙන තිබුණි. එකල ගණිතය දියුණුව තිබුණද, දවසේ වේලාව “හරියටම” මැනීමේ ක්‍රම දියුණු වී තිබුනේ නැත. “ඉර මුදුන් වෙන්න පොඩ්ඩකට කලින්”, “ඉර අවරට ගිහින් හෝරාවකට විතර පස්සෙ” වැනි දල අදහසක් පමණි එකල සාමාන්‍ය ජනතාවට තිබුනේ. “ඇතුල් පැත්ත පිට පැත්ත නොදන්නා – කිතුල් පිත්ත උඩ පියවර මැන්නා ” පිරුල අහල තියෙනවද? මේ පිරුල හැදුනේ මෙහෙමයි. ඉස්සර කාලෙ ලංකාවේ, තමන්ගේ බිරිඳ ළමයා බිහිකරපු ආරංචිය වින්නඹු අම්මා ගෙදරින් එලියට ඇවිල්ල කිව්වහම, ළමයින්ගෙ පියා කරන්නේ (දවල් නම්) තමන්ගේ හෙවනැල්ලේ දිග පියවර කීයක්ද කියල මැනල තියාගන්න එක (රෑ නම් කලේ මොකක්ද කියල අහන්න නම් එපා. දන්නේ නෑ). මේ පියවර ගාන “ගණිතයා” හෙවත් නක්ෂත්‍රකරුවාට කිව්වහම මනුස්සයා වේලාව ගනන් බලලා වේලාපත්කඩය හදල දෙනවා. දැන් ඔය කිතුල් පිත්ත උඩ පියවර මැනපු කාලෙ ඉඳන්, පරමාණුක ඔරලෝසු වලින් අන්තිම තත්පර දශමෙට වේලාව මනින කාලෙ වෙනකන් ලෝකය කොච්චර වෙනස් උනාද? ඒ උනාට, ජෝතිෂ්‍යයට බිස්නස් අඩුවක් තියෙනවද? නෑ නේ. ඒ වගේ තමයි බ්‍රහස්පතීගෙ චන්ද්‍රයන් මත ජනාවාස ඉදිකරන කාලෙ වෙන කොටත්.
ග්‍රහයන්ගේ පිහිටීම වෙනස් වන ආකාරය වගුගත කිරීම සම්පූර්ණයෙන්ම ගණිතමය වැඩක්. වැඩේ සංකීරණයි තමයි. මේ රටා එකක්වත් සරල සමීකරන වලට “ෆිට් වෙන්නෙ” නෑ. හැබැයි සංකීර්ණ වුනාට සම්පූර්ණයෙන්ම ගණිතමයයි. ඉස්සර කාලේ නක්ෂත්‍රකරුවාට “ගණිතයා” කීව්වෙ ඒකයි. (බරණ ගණිතයා ගැන අහල ඇතිනෙ!)
දැන් මේ ග්‍රහයන්ගේ පිහිටීම වෙනස් වන රටා අනුව මිනිස්සුන්ගේ දෛවය තීරණය වෙනවා කියන “අහසට වැටකොලු” වගේ කතාව කොහෙන් ආවද කියල නම් දන්නෙ නෑ. මෙන්න මේ වගේ දෙයක් තමයි වුනේ කියලා මම පොඩි කාලෙ හිතාගෙන හිටියා. දැන් ඔය කියපු අතීත ගණිතයන්ට කියන්න පුලුවන්නේ අහවල් දවසේ අහවල් වේලාවට සූර්යග්‍රහනයක් වෙනවා කියල. ගමේ මිනිස්සු මේ කතාව මුලින් විශ්වාස නොකරන්න ඇති. ගණිතයාට හිනා වෙන්නත් ඇති. හැබැයි කියපු වෙලාවට වැඩේ උනාම ගමේ මිනිස්සු හොඳටම බයවෙන්න ඇති. “අනේ ගණිතයෝ, ඔය වගේ කියන්න පුලුවන්ද ඊලඟ කන්නෙ නියඟෙට පාලු වෙයිද නැද්ද කියල” යනුවෙන් ඇහුවහම ගණිතයා කියන්න ඇති “ඔව් බොල, ඒ විතරක් නෙමෙයි තා මැරෙන දවස කියන්නත් පුලුවන්” කියල. ඔන්න ඔහොම තමා ඕක පටන් ගන්න ඇත්තෙ කියල තමයි පොඩි කාලෙ නොදන්නකමට මට හිතුනේ.
දැන් මේ “අහසට වැටකොලු ප්‍රශ්නය” විසදන්න මහාචාර්ය නලින් ද සිල්වා “ප්‍රත්‍යක්ෂ” කියන සංකල්පය ඉදිරිපත් කරලා තියනවා. අපේ ගණිතයො හැන්දෑවේ රා කට්ටක් එහෙම ගහලා, හාන්සි පුටුවෙ වාඩි වෙලා, කකුල උඩ තියාගෙන කල්පනා කරන කොට එක පාරටම හිතෙනවා “අඩේ, මම මෙහෙම වේලි වේලි හිටියට, මගේ මස්සිනාට යන යන තැන ගෑනු පරාණයක් සෙට් වෙනවනේ. මොකද අප්පා ඒ…. හරි හරි මිනිහගෙ කේන්දරේ අහවල් ග්‍රහයා අහවල් තැන තියෙන නිසා තමයි ඒ!!” අන්න ප්‍රත්‍යක්ෂයෙන් පහල වූ අලුත් දැනුමක්! සුරාවෙන් සූදුවෙන් මෙන්ම දුම් පානයෙන්ද වැලකිලා හත් දවසක් පේවෙලා, නාථ දෙවියන් ආරූඪ වෙච්ච ගෑනු කෙනෙක්ගෙන් අහල උනත් “ප්‍රත්‍යක්ෂ දැනුම්” ලබා ගන්න පුලුවන්. ඔන්න ඕකයි කතාව.
දැන් ඉස්සර කාලෙ කේන්දරේ නොතිබිච්ච අලුත් ග්‍රහ වස්තු කේන්දරේට ආවට පස්සෙ ඒ ග්‍රහ වස්තු වලින් වෙන අපල උපද්‍රව හොයාගන්නෙ ප්‍රත්‍යක්ෂයෙන්. අන්න ඒ විදිහට ඉස්සරහට පහලවන ගණිතයො හොයාගනීවි බ්‍රහස්පතීගේ චන්ද්‍රයාමත ඇති ජනාවාසයක ජීවත් වන කෙනෙකුගේ ගැනිමේඩ් අටේ හිදීම නිසා විවාහය කල් යන බව!
ලිව්වේ – රිටිගල ජයසේන
http://goo.gl/R8m7Mx