ios 9 , 9.0.2 Jailbreak කරමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    gkZLzsS.png


    ඔන්න යාලුවනේ අද ලිපියෙන් කියන්න යන්නේ Apple සමාගමේ නවතම මෙහෙයුම් පද්ද්තිය වන ios 9 , 9.0.2 යන සංස්කරණ Jailrake කරගන්නා ආකාරයයි. මෙම ios 9 , 9.0.2
    සංස්කරණ සාර්තකව Untethered jailbreak කිරිමට Tool එකක් නිකුත් කිරිමට Chinese Hacker කණ්ඩායමක් වන Pangu Team එක සමත් උණා. කෙටියෙන්ම Jailbreak කිරිම ගැන පැහැදිලි කලොත් Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක ( iPhone , iPad , iPod touch , ) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත් කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීමයි. හරියට Android Device එකක් Root කරනවා වගේ. මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත Cydia Tweaks ලබා ගත හැකි අතර තේමා (Themes) ස්ථාපනය කිරීම , Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.

    Jailbreak කිරීම යම් තරමක අවධානම් සහගත කාර්යයක් සහ ඔබගේ jailbreak කර තිබෙන iDevice එක තවදුරටත් ආරක්ෂාව අතින් ශක්තිමත් යැයි තහවුරු කළ නොහැකි ය. Jailbreak කිරීම මගින් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් ඇපල් සමාගම වගකියන්නේ නැත.එහෙත් ඔබට ඕනෑම අවස්ථාවක ඔබගේ iDevice එක iTunes මගින් Restore කර jailbreak කිරීම ඉවත් කර ගත හැකි ය.මෙහි දී යම් Errors මතු විය හැකි අතර ඒවායින් බොහොමයක් සාර්ථකව මගහරවා ගත හැකි ය.

    ClBA61Q.jpg


    අද නිකුත් කල Pangu Jailbreak Tool එක දැනට Windows මෙහෙයුම් පද්ධතිය සඳහා පමණයි සහය දක්වන්නේ. ඉතින් ios 9 Jailbreak කරගන්න හැටි පහත තියනවා.

    ✔✔ Pangu9 Tool එක සහය දක්වන ios අනුවාද..
    ■ iOS 9, iOS 9.0.1, iOS 9.0.2.

    Pangu Tool එක සහය දක්වන ios උපාංග. ✔✔

    ■ iPhone 6s, iPhone 6s Plus, iPhone 6, iPhone 6 Plus, iPhone 5s, iPhone 5c, iPhone 5, iPhone 4S
    ■ iPad Air 2, iPad Air, iPad 4, iPad 3, iPad 2
    ■ iPad mini 4, iPad mini 3, iPad mini 2, iPad mini
    ■ iPod touch 6G, iPod touch 5G

    ✔✔ Jailbreak කිරීමට පෙර ✔✔

    ✔ ] ඔබ Jailbreak කිරීමට සැරසෙන iOS උපාංගය iTunes හරහා සම්පූර්ණයෙන් backup කරගන්න.මන්ද යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් නැවත restore කරගත හැකි ය.

    ✔ ] ඔබගේ ඇපල් උපාංගයේ Settings > iCloud > Find My iPhone වෙත පිවිස Find My iPhone disable කරන්න.

    ✔ ] ඔබ ඔබගේ ඇපල් උපංගය Unlock කිරීමට Password හෝ Touch ID භාවිත කරනවා නම් settings > Touch ID & Passcode වෙත පිවිස iPhone Unlock
    යන්න disable කර Touch ID ද ඊට පහළින් ඇති Turn Passcode Off යන්න ද tap කොට Unlock කිරීමට යොදා ඇති passcode එක ද ඉවත් කරගන්න.

    ✔ ] Device එක Airplane mode " Enable " කරන්න.

    ✔ ] Pangu Tool එකට බාදාවකින් තොරව අන්තර්ජාලයට සම්බන්ද වීමට Anti-virus , Firewall එක මදකට Disable කරන්න. *


    sfDl2yS.png


    ** හරි දැන් මෙහෙමයි ඔයාගේ iOS 9 – iOS 9.0.2 iPhone , iPad , iPod එක Pangu Jailbreak Tool එක හරහා Jailbreak කරගන්නේ.

    Step 1 ] ඉස්සෙල්ලම නවතම Pangu Jailbreak Tool එක මෙතනින් Download කරගන්න.



    Version:1.0.0 Size:73MB

    මම Jailnreak කරන්න යන්නේ Iphone 4s එකක් ios 9 මෙහෙයුම් පද්දතිය තිබෙන.

    dzdLnC9.png


    Step 2 ] USB cable එක හරහා ඔයාගේ Device එක පරිගණකයට සබ්බන්ද කරන්න.

    Step 3 ] Enable Airplane mode, Disable Passcode from Settings > Touch ID & Passcode and turn off Find my iPhone from Settings > iCloud > Find my iPhone.

    Step 4 ] Download කරගත්තු Pangu Tool එකේ Right Click කරලා “ Run as Administrator ” යටතේ Tool එක Run කරන්න.

    Y0b3vMh.png


    Step 5 ] ඔයාගේ Device එක Detect උණාට පස්සේ " Start " ක්ලික් කරන්න.

    aQnMZUP.png


    Step 6 ] අපි කලින් පියවරකදි Device එක Backup කරගත්තනේ. ඒ නිසා " Already Backup " ක්ලික් කරන්න.

    0FkpzCa.png


    Step 7 ] දැන් Jailbreak වීම පටන් ගනියි.

    xUjYQf2.png


    jjRblXR.png


    egBYOQa.png


    Step 8 ] ඔයාගේ Device එක Reboot වෙලා මෙන්න මේ Window එක ආපුවම නැවතත් Device එක " AirPlane " Mode එකට දාන්න.

    Step 9 ] Jailbreak වීම 75% ආපුවම ඔයාගේ Device එකේ Home Screen එකේ තියන " Pangu App " එක Launch කරන්න.

    xMohAVX.png


    Step 10 ] තිරය මත තියන උපදෙස් පිලිපදින්න.
    >> Accept ක්ලික් කරන්න.
    >> Pangu Would Like To Access Your Photos >> OK කරන්න.

    BWTAV13.png


    uxCQgXo.png
    D1TWimf.png


    Step 11 ] progress bar එක 100% වන තුරු ඉන්න. ඊට පස්සේ ඔයාගේ Device එක නැවත Reboot වෙයි.

    wJHImzP.png


    hZXUqx6.png


    ඔන්න දැන් Jailbrake වීම සාර්තකව සිදු වී අවසන්

    nDz0xrV.png


    Step 12 ] සාර්තකව Jailbreak වීම සිදු උනාම " Cydia " Icon එක ඔයාගේ Home Screen එකේ දැකගන්න ලැබෙයි. එසේ ඔබට Cydia ඇප් එක දැක ගත හැකි අතර ඔබගේ ඇපල් උපාංගයඅන්තර්ජාලයට සම්බන්ධ කොට Cydia ඇප් එක Open කර ගන්න එවිට Preparing file system ලෙස සටහන්ව Cydia ධාවනය වීමට අවශ්‍ය දත්ත ලබාගෙන සකස් වී අවසන් වූ පසු නැවත ඔබගේ ඇපල් උපාංගය Reboot වේ.ඉන් පසු නැවත Cydia ඇප් එක Open කර බලන්න. දැන් ඔබගේ ඇපල් උපාංගය සාර්ථකව Untethered Jailbreak වී ඇත.

    22wtq1k.png


    NYGgder.png


    Q0KmYNU.png


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif

     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    machan oya jail breack karnawa kiyanne..ara andorid root karanwa wageda machan ???

    country code kadanna puluwanda ohoma karala ?
    ehema karanne kohomada machan ? hora widiyak nadda ??