නමක් නැති කථාවක් 2
පලවෙනි කොටස
http://www.elakiri.com/forum/showthread.php?t=1704745
වෙනදට සුභාෂ් ඉස්කෝලේ යන්න අවදි උනේ උදෑසන හයයි හතළිස් පහට . අම්මා උදේ හය වෙද්දී හදල දෙන කිරි කෝප්පය ඇල් වෙලා කූඹිත් වහන්න ගත්තයින් පස්සේ තමා සුභාෂ් ඉස්කෝලේ යන්න අවදි උනේ. බයිසිකලෙන් විනාඩි පහකින් දහයකින් යන්න පුළුවන් දුරින් තියන ඉස්කෝලෙට යන්න උදේ පාන්දර අවදිවෙන්න උවමනාවක් සුභාෂ්ට තිබ්බේ නැහැ. ඒත් හැමදාමත් උදේ හය වෙද්දී අම්මා සුභාශ්ව ඇහැරවන එක සාමාන්‍ය පුරුද්දක් උනාට හැමදාකම සුභාෂ් ඇඳෙන් බහිද්දී උදේ හයයි හතලිස් පහ උනා අනිවාර්යෙන්ම. කීයට ඇඳෙන් බැස්සත් සුභාෂ් හතයි තිහ වෙන්න කලින් හැමදාමත් ඉස්කෝලේ ගියා..
එත් එදා කවදාවත් නැතුව සුභාෂ් අම්මා අවදිකරවන්නත් කලින් අවදි උනේ උදෙන්ම පාසලට යන්න හිතාගේනමයි. උදෑසන කිරි කෝප්පයත් නොබී හොරෙන්ම නාන කාමරයට රිංගුවේ කාගේත් ඇහැ ගැහෙන්නේ නැතිව උදේ පාන්දරම ගෙදරින් පැනගන්න අදහසින්.
වෙනදාට වඩා බොහොම ඉක්මනින් දත් මැද මුහුණ සෝදාගත් සුභාෂ් නාන කාමරයෙන් එලියට එනකොටම මුළුතැන්ගෙයින් එලියට ආපු අම්මා දැකපු සුභාෂ් එකවරම ගැස්සිලා ගියා.
මොකද අද උදෙන්ම මේ..
අද උදෙන්ම යන්න ඕනේ අම්මේ..
ඒ මොකෝ අද ඉස්කෝලේ මොකක්හරි උත්සවයක්ද ?
සුභාෂ් එහෙම ප්‍රශ්නෙකට දෙන්න උත්තර කලින් ලැහැස්ති කරගෙන උන්නේ නැහැ. ඒ හින්ද සුභාෂ් අම්මව මගහැරලා යන ගමන් ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් හෙව්වා.
අද ෆුට්බෝල් ගහන අයට උදේ මීටින් එකක් තියනවා අම්මේ.
කටට ආපු පලවෙනි බොරුව සුභාෂ් ඔහේ අතෑරලා දැම්මා. අම්මා ඒ බොරුව පිලිගත්තාද, නැද්ද යන්න දැනගැනීමට සුභාෂ් ආයෙත් අම්මා දිහාට හැරිලා බැලුවේ නැහැ. සුභාෂ් මුහුණ පිසදමමින් කෙලින්ම ගියේ සුභාෂ්ගේ කාමරයට. දඩිබිඩියේ ලැහැස්තිවුන සුභාෂ් පොත් බෑගයත් පිටේ දමාගෙන බයිසිකලයත් අරගෙන ගෙදරින් එලියට බහිද්දී වෙලාව උදෑසන හයයි තිහ උනෙත් නැහැ. සුභාෂ් එලියට බහිද්දී ඉන්ටවල් එකට මොනවහරි කන්න වෙනදට අම්මගෙන් ඉල්ලාගන්න මුදල ඉල්ලන්නත් සුභාෂ්ට අමතක උනා..
මොකද අද සල්ලිත් එපාද ? බයිසිකලය අරන් එලියට බහින්න හදන සුභාෂ්ට රුපියල් පහක් දෙනගමන් අම්මා ඇහුවේ නිකම් ඔලොක්කුවට වගේ.
අමතක උනා අම්මේ... සුභාෂ් මුදල සාක්කුවේ දාගෙන කලබලෙන් වගේ යන්න පිටත් උනා.
අද ඉර අනික් පැත්තෙන් පායලද මන්ද පුතේ..
රැකියාවට යන්න ලැහැස්ති වෙන්න දත් මදිමින් උන්නු තාත්තා නංගි එක්ක කියනවා සුභාෂ්ට යන්තම් ඇහුනේ බයිසිකලය පාරට අරන් ගේට්ටුව වහද්දි. සුභාෂ්ට ඒ වල්පල් වලින් වැඩක් තිබ්බේ නැහැ. සුභාෂ්ට ඕන උනේ ඊයේ හමුවෙච්ච ඒ ඇස්දෙක අයිති දැකුම්කලු දැරිවිය ඉස්කෝලෙට එන්න කලින් ඉස්කෝලේ ගේට්ටුව ගාවට ගිහින් රැකගෙන ඉන්න. උදෑසන සීතල සුලන් කපාගෙන ඊයක වේගයෙන් සුභාෂ් බයිසිකලය පැද්දේ වෙනදාටත් වඩා හුඟක් වේගයෙන්. ගෙදරින් පිටවෙලා විනාඩි පහක් හයක් යන්න කලින් සුභාෂ් උන්නේ ඉස්කෝලේ ගේට්ටුව ගාව.
ලංවෙන්න ලේසි තැනක බයිසිකලේ ගාල් කරොත් ඉස්කෝලේ ඇරිලා යන්න වෙන්නේ රෝද වල හුලන් නැති බයිසිකලය තල්ලු කරගෙන නිසා සුභාෂ් වෙනදට බයිසිකලය ගාල් කරේ පුළුවන් තරම් ඈතට වෙන්න. එහෙම කරාම අනෙක් බයිසිකල් අතරින් ඇදිල සුභාෂ්ගේ බයිසිකලය වෙත ලංවෙන්න තක්කඩි මිත්‍රයන්ට අපහසු උනා. එත් එදා සුභාෂ්ට බයිසිකලය ගැන නිනව්වක් තිබුනේ නැහැ. මාර ගහ ගාවින් බයිසිකලය හේත්තු කරපු සුභාෂ් පන්ති කාමරය වෙත දිව්වේ හැකි ඉක්මනින් පොත් බෑග් එක පන්තියෙන් තියල ගේට්ටුව ලඟට ඉගිලෙන්න හිතාගෙන. පන්තියේ ඩෙස්ක් එක උඩට පොත් බෑග් එක වීසි කරපු සුභාෂ් ආයෙත් ගේට්ටුව ගාවට ඉගිලුනේ දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන.
ගේට්ටුව ගාව තියෙන මාර ගහේ වටේට බැඳලා තියන බැම්ම උඩින් වාඩි උන සුභාෂ් පාසලේ ප්‍රධාන ගේට්ටුව දිහා ඇසිපිය නොහෙලා බලාගෙන උන්නේ ඒ ඇස්දෙකේ හිමිකාරිය කොයි මොහොතේ හෝ ගේට්ටුවෙන් ඇතුල්වෙන දර්ශනය දැකගන්නට නොඉවසිල්ලෙන්. එකා දෙන්නා බැගින් පාසලට ඇතුල්වෙන ළමයින් අතරේ සුභාෂ්ගේ විශේෂ අවදානයට ලක් උනේ ගැහැණු ළමයින් පමණයි. පාසල ඇතුලට ඇතුල් උන සෑම ගැහැණු ළමයෙකු දිහාම හොඳ විමසිල්ලෙන් බලන් ඉන්න සුභාෂ්ගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් දැල්වෙමින් තිබුනා. හතයි තිහ ලං වෙද්දී පාසල ඇතුලට බුරුතු පිටින් ඇදෙන සිසු සිසුවියන් අතරේ සුභාෂ්ගේ ඇස දෙක විමසමින් හිටියේ ඒ සුපුරුදු ඇස් දෙකම විතරයි.
මොකද බන් උඹට ප්‍රින්සිපල් ළමයි ගණන් කරන්න කිව්වද..
ගැස්සිලා පිටිපස්ස බලපු සුභාෂ් දැක්කේ ඔලොක්කුවට හිනාවෙවී තමුන් දිහා බලන් ඉන්න පන්ති සගයන් දෙන්නෙක්..
මිතුරන් දෙන්න දිහා ගොලුවෙක් වගේ මොහොතක් බලන් හිටපු සුභාෂ්ට ආයෙත් එකපාරටම විදුලියක් ගහනවා වගේ මතක් උනේ ඒ ඇස්දෙක. සුභාෂ් ආයෙත් ක්ෂණිකවම ගේට්ටුව දිහා විමසිලිමත් උනේ පන්ති සගයන් දෙදෙනාව තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැතුව.
මොකද බුරුවො කරන්නේ..
පිටිපස්ස හැරිලා මිතුරන් දෙන්න දිහා රවල බලපු සුභාෂ් ආයෙත් ගේට්ටුව දිහාට ඇස් යොමුකරා. වැඩකට නැති ප්‍රශ්න වලට උත්තර දෙන්න කාලය වැයකරන්න සුභාෂ්ට පුළුවන්කමක් තිබුනේ නැහැ. ඒ වෙද්දී ඉස්කෝලේ ගේට්ටුවෙන් ළමයින් ඇතුලට ආවේ රංචු පිටින්. උත්තර දීල පලක් නැති ප්‍රශ්නවලට දෙන්න උත්තර හොයනවට වඩා සුභාෂ්ට වැදගත් උනේ තමුන් යෙදිලා ඉන්න කාර්ය සාර්ථක කරගන්න එකයි.
මූට පිස්සු හැදිලද බන්..
අනේ කව්රු දන්නවද බන්.. අපි යමන් යන්න.. මුගේ ඔලුව කොහෙහරි තදින් වැදිලා වෙන්න ඇති..
පන්ති සගයින් දෙදෙනා එතනින් නික්ම ගියේ සුභාෂ්ට ඔලොක්කුවට හිනාවීගෙන . ඒත් ඒ ගැන අවදානය යොමුකරන්න තරම් සුභාෂ්ට ඉස්පාසුවක් තිබුනේ නැහැ.
ගේට්ටුවෙන් ඉස්කෝලෙට වැල නොකැඩී ඇතුල්වෙන ළමයින් අතරින් සුභාෂ්ට ඒ ඇස්දෙක අඳුනගන්න ගත උනේ තත්පරයක් විතරයි. සුභාෂ්ගේ හදවත ආයෙත් ඉස්සරින්ද වගේම වේගයෙන් ගැහෙන්න ගත්තා. ඒ හුරු පුරුදු ඇස් දෙකේ හිමිකාරිය බොහොම සංයමයෙන් ඉස්කෝලේ ඇතුලට පියවර මනිමින් උන්නා. සුභාෂ් හිතාගෙන උන්නේ ඇය පසුපසින් ගිහින් ඇය ඉගෙනගන්නා පන්තිය මොකක්ද කියල දැනගන්න උනාට සුභාෂ්ගේ වේගයෙන් ගැහෙන හදවත එක්ක සුභාෂ් උන්නේ බොහොම කලබල ස්භාවයෙන් . සොඳුරු රුවැත්තිය මාරගහ තියන තැන පහුකරගෙන යනවත් එක්කම සුභාෂ් බැම්ම උඩින් නැගිට්ටේ ඇය පසුපස යන අදහසින්..
සුභාෂ්...මෙහෙ එනවා...
එකවරම ඇහුන ආමන්ත්‍රණයෙන් සුභාෂ් ගල් ගැහිලා නැවතුනා.. හැරිලා බලන්නත් කලින්ම, කටහඩින්ම සුභාෂ්ට තේරුනා මේ අමතන්නේ පන්ති භාර ගුරුතුමිය කියලා . මාර ගහට එහාපැත්තෙන් තිබුන ගුරු කාමරයේ ජනේලයෙන් රෞද්‍ර බැල්මක් හෙලාගෙන පන්තිභාර ටීචර් සුභාෂ් දිහා බලන් ඉන්නවා දැකල සුභාෂ් ගල්වෙලා ගියා..
මොකද ඔතන කරන්නේ.. මං එනකොටත් දැක්කා ඔතන වාඩි වෙලා ඉන්නවා. කව්රු එනකම්ද බලාගෙන ඉන්නේ..
සුභාෂ් නොදැනුවත්වම වගේ ගුරු කාමරයේ ජනේලය වෙත ඇවිදන් ගියා..
මිස්.. මේ.. මේ.. මේ... බු.. බුද්ධික එනකම් බලන් හිටියේ..
ඇයි බුද්ධික ගේට්ටුවෙන් ඇතුලට ඇවිත් ආපහු යනවද.. යනවා යන්න පන්තියට.. ගිහින් පොතක් පතක් බලාගන්නවා.. ආව මෙතන රස්තියාදු ගහන්න..
පන්තිභාර ටීචර් අවසන් තීන්දුව දුන්නයින් පස්සේ සුභාෂ් මොකුත්ම කතා නොකර එතනින් පන්තිය පැත්තට ඉක්මන් ගමනින් යන්න පිටත් උනේ මීටර් සීය දුවලා හරි ඇයව සොයාගන්නා අදහසින්. එත් සුභාෂ්ගේ අවාසනාවට ළමයි පිරිච්ච ඉස්කෝලේ ඇතුලේ ඇය ගියේ කොයි දිශාවටද කියල සොයා ගන්න තරම් සුභාෂ්ගේ ඇස් දෙක දක්ෂ උනේ නැහැ.. එත් එක්කම නාදවුන පාසල පටන්ගැනීමේ සීනුවේ සද්දෙත් එක්කම සුභාෂ් කෙලින්ම දිව්වේ පන්ති කාමරයට. බලාපොරොත්තු කඩ වෙච්චි හිත ඇතුලේ දැල්වෙමින් තිබුනේ එකම එක බලාපොරොත්තුවයි. ඒ ඉන්ටවල් එකට ඇයව සොයාගැනීම විතරමයි . එත් වසවර්ති මිත්‍ර සමාගම එක්ක මේ කටයුත්ත කොතරම් දුරට සාමකාමීව කරගන්න ලැබේවිද නැද්ද කියන දෙගිඩියාව සුභාෂ්ගේ හිත ඇතුලේ සක්මන් කරමින් උන්නා. ඊයේ දවසේ සිද්ද වෙච්චි සිද්දිය කාවින්දගෙන් පන්තියම දැනගත්තු නිසා පෝරිසාද මිත්‍ර සමාගම කුමන ගනයේ අලුගුත්තේරු වැඩක් කරයිද යන අවිනිශ්චිත හැගීමත් සුභාෂ්ගේ හිතේ තිබුනේ නැතුව නොවෙයි.
අද දවසේ මම කොහොම හරි ඔයාව සොයාගන්නවාමයි.. සුභාෂ් තදින් හිතේ අදිෂ්ඨාන කරගන්නවත් එක්කම පන්තිභාර ටීචර් පන්තියට ආවා ..
තුන්වෙනි කොටසින් හමුවෙමු

ඔබ ඉන්නේ කොහෙද කියා
මම සොයනව ලෝක පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා
ලස්සන ලෝකයේ
මට හිමි ආදරේ
සොයමින් ජීවිතේ
පාලු මකාලා
මල් මල් මාවතේ
ආදර රන් ලඳේ
ඔබ ලැබෙනා තුරා
මා ඉන්නම්
''''''''''''''
මම සොයනව ලෝක පුරා
ඔබ දවසක ලැබෙන තුරා
යනවා ආදරේ සොයා
ලස්සන ලෝකයේ
මට හිමි ආදරේ
සොයමින් ජීවිතේ
පාලු මකාලා
මල් මල් මාවතේ
ආදර රන් ලඳේ
ඔබ ලැබෙනා තුරා
මා ඉන්නම්
''''''''''''''
තුන්වෙනි කොටසින් හමුවෙමු
එකපාරම කියවන්න ඕන උඹගෙ කතා.. 