මේකෙන් බේරෙමු...

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මේකෙන් බේරෙමු...

    මම මේ thread 1 දාන්න හිතුවෙ අපේ අම්ම අවරුදු 18ක් තිස්සේ මේ ලෙඩෙත් එක්ක ජීවත් වෙන නිසයි...:sorry::sorry:
    උබලගේ අම්මල තාත්තලව මේකෙන් බේර ගනින්.. :angry: ඒ වගේම උබලත් කෑම බීමේදී පරිස්සන් වෙයල්ලා... :angry: මේක මහ කරුම ලෙඩක්.. :shocked: අපේ අම්මගේ කකුලක් කපන්න ගිහින් අමාරුවෙන් බේර ගත්තෙ.. :confused: තව මගෙ යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් මේක නිසා එකතැන් වෙලා ඉදල මේ ලදී මැරුණා...:sorry::sorry:

    දියවැඩියාව (Diabetics)

    මධුමේහය යනුවෙන් ව්‍යවහාරයේදී හඳුන්වා දෙන්නේ දියවැඩියාවයි. :yes: දියවැඩියාව වැළඳීමට ප‍්‍රධානතම හේතුව ලෙස අග්න්‍යාශයේ නිපදවෙන ඉන්සියුලින් හෝමෝනය අඩුවෙන් ස‍්‍රාවය වීම හඳුන්වා දිය හැක.:yes: අපේ ශරීරයේ ඇති ලේ වල සීනි ප‍්‍රමාණය පාලනය කරන්නේ ඉන්සියුලීන්ය. මේ ඉන්සියුලීන් ස‍්‍රාවය වීම ක‍්‍රමවත් නොවුණ විට අප දියවැඩියාව වැළඳුණා යයි කියමු.:shocked: මේ අනුව පැහැදිලි වන්නේ ලේ වල ඇති සීනි ප‍්‍රමාණය සමාන්‍ය තත්ත්වයෙන් තබා ගැනීමට ඉන්සියුලීන් ඉතාම වැදගත් බවයි.:eek: යමෙකුට දියවැඩියාව ඇති බව හඳුනා ගැනීමට පහත රෝග ලක්ෂණ උපකාරී වේ.අධික ලෙස ජලය පානය කිරීම, දෙතොල් වේලිම,නිතරකුසගිනි ඇතිවීම, අධිකව මුත‍්‍රා කිරීම,මුත‍්‍රා කරන වාර ගනන වැඩි විම, ශරීරය කෙට්ටු වීම, බර අඩුකම, පෙනුම අඩුවීම, තෙහෙට්ටුව, ඉක්මනින් විඩාවට පත්වීම, සමේ රෝග ඇතිවීම, සුළු තුවාලයක් වුවද සුවවීමට කලක් ගත වීම.
    diabetes_zpsq2ouvgsa.jpg

    දියවැඩියාව ඇතිවීමට ශරීරයේ තරබාරුකම බෙහෙවින් බලපායි.:angry: ආහාර පාලනය, ව්‍යායාමය, ඖෂධ භාවිතය තුළින් මෙම රෝගී තත්ත්වයන් පාලනය කළ හැක. දියවැඩියාව නිසා ඇතිවන අතුරු ආබාධ ලෙස ඇස්වල පෙනුම අඩුවීම, වකුගඩු රෝගී වීම, අංශභාගය ඇතිවීම මේ අතර වේ. :sorry: නිසි අයුරින් ප‍්‍රතිකාර නොගත හොත් අත් පා හිරි වැටීම, කල් පවතින තුවාල ඇති වීම තුවාල සනීප නොවීම නිසා ශල්‍යකර්ම මගින් අත් පා කපා ඉවත් කිරීමටද ඇතැම් අවස්ථා වලදී සිදුවේ.:sorry::sorry:දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ඇති ග්ලුකෝස් මට්ටම ඉහළ යාම හා පහළ වැටීම නිසා රෝගීන් සිහිමුර්ජා වීම සිදු විය හැක.:baffled: මේ තත්ත්වය Diabetic coma ( ඩයබිටික් කෝමා ) යනුවෙන් හඳුන්වා දේ. රුධිරයේ ඇති සිනී මට්ටම පහළ වැටීම හයිපොග්ලයි සීමියා(Hypogly cemia) හෙවත් හයිපො ඇටැක් (Aypo Attach) යනුවෙන් ඉංගී‍්‍රසියෙන් හඳුන්වා දෙන අතර සිංහල භාෂාවෙන් මෙය අවග්ලුකෝසියාව යනුවෙන් හඳුන්වා දේ.:eek:
    eating_healthy_food_zps2jmh66zm.jpg

    BUP_DFT_DFT-14_02-2_zpsj1ik3eim.jpg

    අවග්ලුකෝසියාව ඇතිවීමට ගත වන්නේ විනාඩි කීපයකි.:shocked: හිසරදය, බඩගිනි දැනීම. දහඩිය දැමිම, සහ පෙනීම බොඳවී යාම, වැනි රෝග ලක්ෂණ මුලින් මතුවේ. මෙවැනි රෝග ලක්ෂණ මතු වූ විටක ඉක්මනින් සිනී ටිකක් ටොෆී එකක් , ග්ලුකොස් ටිකක් රෝගියාට ලබා දීම හොඳ ප‍්‍රතිකාරයකි.:yes: රුධිරයේ ග්ලුකොස් මට්ටම වැඩිවීම හෙවත් අධිග්ලුකෝසියාව ඇති වීම සඳහා ඇතැම් විට පැයක් පමණ කාලයක් ගතවේ. ඇතැම් විට දින ගණනක් වුවද ගත වන්න්ට පුළුවන. ඉන්සියුයලීන් ඌනතාවය නිසා ග්ලුකෝස් දහනයෙන් ශක්තිය ලබා ගැනීමේ හැකියාව සෛල වලට අහිමි වේ.:confused:
    e26man13_zpsv49dnnws.jpg

    New%20Picture_zpsd3m1ldlj.jpg

    මේ අඩුව පිරවීම සඳහා ශරීරයේ ඇති මේදය වැඩිපුර දහනය වේ. මේ නිසා අධි ග්ලුකෝසියාවට ප‍්‍රතිකාර ලෙස ඉන්සියුලීන් නික් ෂෙපණය කිරිමයි. (ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් මගින් ශරිර ගත කිරීම) බොහෝ විට රෝග ලක්ෂණ පහවී ගියද දියවැඩියාව නිට්ටාවට සුව වන බව අපට නිගමනය කළ නොහැක. :rolleyes: නමුත් රුධිරයේ සිනීමට්ටම සමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි වන්නේ නම් වෛද්‍ය ප‍්‍රතිකාර දිගටම ගත යුතුය. නවීන විද්‍යාවට අනුව දියවැඩියාවට නිසි ප‍්‍රතිකාර කළහොත් සාර්ථක ප‍්‍රතිඵල ළඟාකර ගත හැකිය.එසේ නොමැතිව තමාට වැළදී ඇති රෝගී තත්ත්වය පිළිබඳ කලකිරුණු ස්වභාවයෙන් කල් ගත කිරිම සුදුසු නොවේ.:rofl: මක් නිසාද ලෝකයේ ඇතැම් දක්ෂකි‍්‍රඩකයින්, නළුවන්, රාජ්‍ය නායකයින්, දියවැඩියාව රෝගයෙන් පෙළන අය සිටිති. ඔවුනගේ සිය දක්ෂතා සඳහා දයවැඩියාව වැනි රෝගී තත්ත්වයන් බල පා නොමැති බැවිනි.:cool:
    912bd1e528315ba9884d2a2994f1aeac_zps4xdv6icb.jpg
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,609
    2,414
    113
    නිධානයක් උඩ
    දිය වැඩියාව පරම්පරාවෙන් එන්න පුළුවන් ලෙඩක්.ඒ හින්දා දෙමව්පියන්ට දියවැඩියාව තියනවනම් ළමයිනුත් පොඩිකාලේ ඉදලම හොඳ ආහාර පුරුදු හා ව්‍යායාම වලට යොමුවීම වැදගත්.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    දිය වැඩියාව පරම්පරාවෙන් එන්න පුළුවන් ලෙඩක්.ඒ හින්දා දෙමව්පියන්ට දියවැඩියාව තියනවනම් ළමයිනුත් පොඩිකාලේ ඉදලම හොඳ ආහාර පුරුදු හා ව්‍යායාම වලට යොමුවීම වැදගත්.

    ඔව් ඔව් බං ඒක ඇත්ත...:yes::yes:
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    ගොඩක් හොඳ ලිපියක්.... වැඩිපුර යමක් එකතු කරන්න කියලා හිතුවා.

    දියවැඩියාව ප්‍රධාන ලෙස වර්ග දෙකකි. type1 and type 2 ලෙසයි. ඇත්තටම මේ දියවැඩියාව කියල හදුන්වන්නේ සාමාන්‍ය ප්‍රමානයට වඩා පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි මට්ටම වැඩිවීමයි. මේක වෙන විදිහ මම සඳහන් කල වර්ග 2ක අනුව වෙනස් වෙනවා.

    Type 1 හැදෙන්නේ autoimmune disease එකකින් එහෙම නැත්තම් අපගේ ප්‍රතිශක්තීකරන පද්ධතිය වැරදීමකින් අපගේ ශරීරයේ කොටස් වලට පහර දෙනවා.. මෙහිදී වෙන්නේ අග්න්‍යාශයේ ඉන්සියුලීන් නිපදවන බීටා සයිල වලට පහර දෙනවා එවිට ඉන්සියුලීන් නිශ්පාදනය අඩු වෙනවා. මේක ඇත්තටම ඇයි කියන්න දන්නේ නෑ පරම්පරාවෙන් පරම්පරාවට ආවෙනික දියවැඩියාවේ ප්‍රබේදය තමයි ඔක, ඉන්සියුලින් දෙන්න ඔනේ ජීවිත කාලෙටම.

    දෙවනි ආකාරයේදී වෙන්නේ අපගේ ශරීරය ඉන්සියුලීන් වලට දක්වන ප්‍රතිචාරය නැතිවී යාමයි (insulin resistance). එකනිසා ඉන්සියුලීන් කොචචර හැදුනත් වැඩක් නෑ. මොකද ඔය වැඩිපුර සීනි අඩු කරන යාන්ත්‍රණ ක්‍රියාත්මක කරන්න සයිල අපෝසත් වෙන්වා.

    පොඩි කාලෙම හැදෙන්නේ type 1 දියවැඩියාවයි.. පොඩි කාලේ ඉදන්ම ඉන්සියුලින් ගන්න ඔනේ. තරබාරු කම බලපාන්නේ දියවැඩියා type 2 ප්‍රභේදයට පමනයි.
     
    Last edited:

    එළ වැඩිපුර දෙයක් එකතු කරාට ස්තුතියි :cool::cool:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,739
    28,093
    113
    ත්‍රෙඩ් එක වටිනවා මචෝ..

    අර කකුල් වල ෆොටෝස් අයින් කරපන්කෝ,පට්ට අව්ල් ඒක දැකලා..එතනින් එහාට කියෙව්වෙත් නෑ..
    කැමති අයට ක්ලික් කරලා බලන්ඩ,ලින්ක් එක විතරක් දාන්ඩකෝ :):):(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,076
    113
    අපේ අම්මටත් තියෙනවා. මටත් තියෙනවද දන්නෙ නෑ. චෙක් කරල නෑ. (TYPE ii හින්ද පරම්පරාවෙන් එන්නෙ නැතිලු)

    කාට හරි දිය වැඩියාව තියෙනවනම් තෙබු කොල සම්බෝල(පට්ට රහයි :D) හදල කන්න කියන්න.ගොඩක් අඩුවෙනවා ඒවට. ඕන්නම් ලේ චෙක් කරල. ඊලග සතියෙ දවස් 2,3 ක් තෙබු කාල ආයි චෙක් කරන්න කියන්නකො. පට ගාල අඩුවෙනවා බලා ගන්න පුලුවන්. හැබැයි තාවකාලිකයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,076
    113
    ත්‍රෙඩ් එක වටිනවා මචෝ..

    අර කකුල් වල ෆොටෝස් අයින් කරපන්කෝ,පට්ට අව්ල් ඒක දැකලා..එතනින් එහාට කියෙව්වෙත් නෑ..
    කැමති අයට ක්ලික් කරලා බලන්ඩ,ලින්ක් එක විතරක් දාන්ඩකෝ :):):(

    ඔය වගේ දේවලුත් බලන්න පුරුදු වෙන්න මචන්. සංසාරෙ හැටි ඔහොම තමයි.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඔය වගේ දේවලුත් බලන්න පුරුදු වෙන්න මචන්. සංසාරෙ හැටි ඔහොම තමයි.

    මේකත් අනිවාර්යෙන් බලන්න
    http://www.divaina.com/2015/10/18/naka03.html

    ත්‍රෙඩ් එක වටිනවා මචෝ..

    thanks bn :):)