👨‍⚕️ අග්න්‍යාශය ආශ්‍රිතව හට ගන්නා අතිශය දුර්ලභ පිළිකා රෝගී තත්ත්වය - 'Glucagonoma' 👩‍⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113
    අග්න්‍යාශයේ හටගන්න "neuroendocrine tumor" ගනයේ අතිශය දුර්ලභ පිළිකා තත්ත්වයක් 'Glucagonoma' එකක් විදිහට හදුන්වනවා. එක් වසරක් ගත්තොත් පුද්ගලයො මිලියන 10 ත් 20 ත් අතර පිරිසකට එක් 'Glucagonoma' රෝගියෙක් වගේ හමුවෙන නිසා තමයි මෙ පිළිකා රෝගී තත්ත්වෙ හුගක් දුර්ලභ එකක් විදිහට හදුන්වන්න මුල්වෙලා තියෙන්නෙ. මේ පිළිකා රෝගී තත්ත්වෙ මූලික රෝග ලක්ෂණ විදිහට සමේ ඇතිව කුෂ්ඨ, දියවැඩියාව, අසාමාන්‍ය ලෙස බර අඩුවීම, පාචන තත්වයන් ඇතිවීම (diarrhea), මුඛයේ තුවාල හටගැනීම (glossitis/cheilitis) සහ ලේ කැටි හටගැනීම (Deep Vein Thrombosis - DVT, pulmonary embolisms) වගේ දේවල් මූලිකව නිරීක්ෂණය කරන්න ලැබෙනවා.

    මේ පිළිකා රෝගී තත්ත්වයේ තියෙන අතිශය දුර්ලභ ගතිය සහ පෙන්වන රෝග ලක්ෂණ එක්ක මේක වෙනත් රෝගී තත්ත්වයක් කියලා අනුමාන කරලා වැරදියට රෝග විනිශ්චය කරන්න වැඩි අවස්ථාවක් තියෙන නිසා පිළිකා තත්ත්වයේ අවසන් අදියරේදියි (metastatic stage) හුගක් වෙලාවට මේ "Glucagonoma' පිළිකා රෝගී තත්ත්වය නිවැරදිව හදුනගන්න ලැබෙන්නෙ.

    මේ වීඩියෝ එකෙන් වැඩිදුර කරුණු පැහැදිලි කතා කරන්නෙ මේ "Glucagonoma' පිළිකා රෝගී තත්ත්වය පිළිබදවයි.

     

    Similar threads