පන රැක ගන්නට පැන පැන යන්නේ

blue_in_rio

Well-known member
  • වැදගත් කරුණු ටිකක් මචන්.මාද්‍යය මගින් හරි මේ වගේ දේවල් ගැන මීට වඩා මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනා.රියැලටි ශෝ එකක්, කසිකබල් නාට්‍යයක් පෙන්නනවට වඩා ඒක ප්‍රයෝජනවත් වෙයි. :):)
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo

    ඔබට බොහාම ස්තුතියි මෙම ලිපිය බෙදා ගන්නට හවුල් වූවාට .විශේෂයෙන්ම අන්තර්ජාල ලිපියක් බෙදා ගැනීමේදි උපුටාගත් ස්ථානය දක්වන්නට තරම් නීතිගරුක “යහපත් මිනිසෙක් “ විසින් මෙය බෙදා ගැනීමට උදව්වීමම ලොකු සතුටක් .

    මම මහේෂ් (සොඳුරු සුව අසපුවෙන්)

    Thanks .......


    rep +8 --


    niyamay. tfs


    වටිනවා මචං 7++

    වැදගත් කරුණු ටිකක් මචන්.මාද්‍යය මගින් හරි මේ වගේ දේවල් ගැන මීට වඩා මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනා.රියැලටි ශෝ එකක්, කසිකබල් නාට්‍යයක් පෙන්නනවට වඩා ඒක ප්‍රයෝජනවත් වෙයි. :):)

    very good post machan.

    බම්ප්..දැනුමත් කිරීම වැදගත්

    Good Post Bro :yes:


    වැදගත් පොස්ට් එකක් ..

    රේප් ++

    thanks guys :)
     
    • Like
    Reactions: gayankuwait

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඇයි කකුල් උස්සන්න එපා කියන්නේ

    ඔය වගේ තැනකදි වාහනෙ වටා පොලව මත විද්යුත් ක්ෂේත්‍රයක් හැදෙනව. එම විද්යුත් ක්ෂේත්‍රය වාහනෙන් ඈතට යන්න ඈතට යන්න අඩු වෙනවා.
    ඒ කියන්නෙ වාහනේ ඉදන් අඩියක් දුරින් තියන ක්ෂේත්‍රය නෙවෙයි. වාහනෙ ඉදන් අඩි 2ක් දුරින් තියෙන්නෙ. අපි කකුල් 2 තැන් 2ක තිබ්බාම කකුල් 2 පිහිටන්න් ක්ෂේත්‍ර 2ක් මත. එතකොට එම ක්ෂේත්‍ර 2 අතර විභව අන්තරය වැඩි තැන සිට අඩු තැන දක්වා අපේ ශරීරය හරහා විදුලිය ගමන් කරනවා. ගොඩක් වෙලාවට ඒකෙන් අපිව මරණයට පත්වෙන්න පුලුවන්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අද පුවත් පත් කියවත්දි ගාල්ල ගිංතොට ප්‍රෙද්ශයේදි සිදුවූ අවාසනාවන්ත අනතුරක් ගැන කියවන්නට ලැබුණා. අධිබල විදුලි රැහැනක් වාහනයක් මතට කඩා වැටීමෙන් තිදෙනෙක් මිය ගිය බවයි එහි කියවුනේ.

    සිදුවීම නිවැරදිවම නොදනිතත් , අට දෙනෙක් එම රිය තුල සිටි බවක් පුවත් පත් වල සටහන් ව තිබූ අතර , ඉන් තිදෙනෙක් මිය ගිය බවයි සඳහන් වුනේ . මිය යාමට හේතුව අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා තීරණය කරාවි ඉක්මණින්ම . කෙසේ වෙතත් මෙවන් අනතුරු වලදි බහුලවම මිය යාම සිදුවන්නේ , විදුළි රැහැන ස්ඵර්ශ වූ රියෙන් බැස යාමට උත්සාහ කිරීමේදී . එයට හේතුව බිමට පය ස්ඵර්ශ වන මොහොතේ අදාල පුද්ගලයාගේ සිරුර රිය සමඟත් ගැටී තිබුණා නම් විදුලිය දේහය ඔස්සෙ ගමන් කර භූගත වන නිසා.

    මෙවන් රිය අනතුරකට , එනම් රථය විදුලි කණුවක ගැටීම හෝ රිය මතට විදුලි රැහැනක් කඩා වැටීම කියන අවස්ථාවෙදි ඉතා ආරක්ෂාකාරීම වගේම සැලසුමක් සහිතව ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ යුතුයි .

    මෙහෙම හිතමු , ඔබ ගමන් කරන රථය මතට විදුලි රැහැනක් හෝ විදුලි රැහැනක් යැයි සැක කළ හැකි රැහැනක් කඩා වැටුනා ... දැන් කළ යුත්තේ ?

    පළමුව ඔබට , රථයේ අනෙක් අය වෙත දරුණු අනතුරක් , හදිසි ආපදාවක් ඇති විය හැකි රැධිර වහනයක් , අස්ථී පුපුරා යාමක් වැනි තත්ත්වයක් ඇත්දැයි බලන්න . රියදුරාට එවැන්නක් කළ නොහැකි තත්ත්වයක නම් වෙනත් අයෙක් මේ පිළිබඳව විමසන්න .
    රථය ගිනි ගැනීමකට ලක්විය හැකි ලක්ෂණ , දුම් නැගීමක් , විදුලිය පුපුරැ නැගීමක් වේදැයි බලන්න
    එවන් හදිසි තත්ත්වයක් දකින්නට නැත්නම් රථය තුල සිටින ඔබ ,
    කළබල නොවන්න , රථය නැවත පිටු පසට හෝ ඉදිරියට ගනිමින් විදුලි රැහැනෙන් ගැලවිය හැකිදැයි උත්සාහ කරන්න. නොහැකි නම් ,
    දැන් ඔබ සිටින තත්ත්වය ලොකු අවදානමක් නැතත් (විදුලි සැර වැදීමේ අවදානමක් නැතත්) , කළබල වීමම මරණය වුවද ගෙන ඒමට සමත් බව වටහා ගන්න.
    රථය ආසන්නයේ සිටින හෝ , අනතුරට පත් රථය වෙත දිව එන “ආධාරකරුවන්ට“ ළඟට නොපැණෙන ලෙසත් , රිය ස්ඵර්ශ නොකරන ලෙසත් , කළ හැකි උපකාරය නම් , හැකි ඉක්මණීන් විදුලි බල මණ්ඩලයේ ප්‍රෙද්ශයේ උප පොලට සහ පොලිසියට මේ අනතුර දැනුම් දීම බව කෑගසා පවසන්න. (නැතිනම් ඔබේ ජංගම දුරකථනය මඟින් දැනුම් දෙන්න) හැකි ඉක්මණින් බිඳ වැටුනු විදුලි කම්බියේ විදුලි බලය ක්‍රියාවිරහිත කරවා ගන්නට උත්සාහ කරන්න. (මක් නිසාද , මෙවන් අවස්ථාවක උපකාර කිරීමට එන අය හදිසිය නිසා විදුලිය ගමන් කරන කම්බිය ස්ඵර්ශ වු රිය ස්ඵර්ශ කළ හොත් ඔවුන්ද අවදානමකට ලක් වන නිසා )
    පොලිසිය හෝ විදුලි බල මණ්ඩලයේ සේවක මහතෙකු විසින් අදාල විදුලි සැපයුම විසන්ධි කර ඇති බව දැනුම් දෙන තුරු රියේ අසුනකට වී සිටින්න. කිසිදු විමෙක රියෙන් පිටතට අතදමා අවට සිටින කිසිවකු හෝ කිසිදු දෙයක් අල්ලන්නට එපා
    අදාල දැනුම් දීම කළ පසු , ආරක්ෂක පියවර ගනිමින් ඔබට පිටතට ගැනීමේ කටයුත්තට සහය වන්න.
    රථය ගිනි ගැනීමක් හෝ ඉතා අවදානම් තත්ත්වයක සිටීනම් , රථයෙන් ඉවතට පැනීමට තරම් හැකියාවක් අැති අය ,
    රථයේ දොර පුළුල්ව හැර ගෙන
    රියේ දොර සීමාව තෙක් පැමිණ (දෙපා සහ සම්පුර්ණ ඇඟම රථය තුල සිටින සේ)
    ඔබේ අත් දෙක පපුව හරහා කතිරයක් සේ යවමින් උරහිස් අල්ලා ගන්න (කිසිදු විටෙක වාහනයේ බඳ අල්ලන්නට එපා)
    හැකි තරම් වෙර යොදා රථයෙන් ඈතට පනින්න . (කිසිදු විටක රථය අල්ලා ගනිමින් බිමට බසින්න උත්සාහ කරන්න එපා , රිය අසුනේ කෙළවරේ සිට පාද දෙකම එකවර යොදා ගනිමින් රියෙන් ඈතට පැනීම කරන්න )
    දැන් මොහොතක් සමබරතාවය රැක ගනිමින් සිට පාද දෙකම එකවර යොදා ගනිමින් නැවත “හාවුන් පැනීම“ සේ පනිමින් රියෙන් හැකි තරම් ඈතට යන්න . පැන පැන යාමට තරම් ශක්තියක් නැත්නම් , අවස්ථා කිහිපයක් පැනීමෙන් පසු රියෙන් සෑහෙන තරමක් ඈතට ගිය පසු (එනම් රිය සමඟ ඇඟ ගැටෙන සීමාවෙන් ඈතට) පාද දෙක බිම අතුල්ලමින් අද්දමින් ඈතට යන්න මේ කිසිම වෙලාවක පාද උස්සන එපා , පොලොවේ අතුල්ලමිනුයි යන්න ඕන .අඩුම තරමේ අඩි 30-50ක් ඔබේ උස වගේ හය හත් ගුණයක් වත් තරම් ඈතට ඈතට යන්න )
    දැන් ඔබ විදුලිය පහරකට ලක්වීමේ අවදානමෙන් ආරක්ෂිතයි . නමුත් කිසිම හේතුවක් නිසා නැවත රිය දෙසට ගමන් කිරීමෙන් වැලකීමට ඔබ හිත තබා ගත යුතුම වෙනවා. පොලිසියට ගිලන්රථ සේවාට හෝ අවශ්‍ය සහායක සේවා ලබා ගැනීමට දැන් ඔබට කළ හැකියි.

    අනතුරකදි හිත උණුවන හිත හොඳ මිනිසුන් වෙතයි ,

    රථයක් විදුලි කණුවකට ගැටීමකදී හෝ රථයක් මතට විදුලි රැහැනක් කඩා වැටුනු අවස්ථාවක , අදාල රැහැනේ විදුලිය විසන්ධි කර ඇති බව නියමිත ආයතනය මඟින් දැන ගන්නා තුරු රියේ සිටින රෝගීන් පිටතට ගැනීමට හිත් සනසන්න්නට ඔවුන් අල්ලන්නට උත්සාහ කරන්න එපා , උපකාර කිරීමට කළබල වීම කරන්න එපා , වාහනය අල්ලන්න එපා , වාහනය අසලට පැමිණෙන්නට එපා , එය උපකාරය පිණිස එන ඔබට මරු කැඳවීමට හේතුවක් වන්නට පුළුවන් . ඒ නිසා කල්පනාකාරී වීම හුඟක් වැදගත් .

    මෙම සිදුවීමට අදාල පුවත් පතේ දැක්වෙන ඡායාරූප අනුව නම් මිය ගිය පුද්ගලයන් පිළීසිමක් නිසා මිය ගියාට වඩා , විදුලි සැර දේහය තුලින් ගමන් කිරීම නිසා සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ලෙසයි මට නම් පෙනුනේ , කෙසේ වෙතත් අදාල තීරණය ගත යුත්තේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා . අපට කළ හැක්කේ නැවත මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් ඇතීවමේ හැකියාව අවම කිරීම සඳහා දැනුවත් කිරීම මඟින් යමක් ලබා දීමම පමණයි.

    මේ කළබලේට ලියාගෙන ගියේ මෙවන් අවස්ථාවකදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳව “ ආයතනික විදුලිමය ආරක්ෂාව “ විෂය යටතේ අප උගත් දේ පමණයි . මෙය කියවන ඔබට දැනුවත් නම් තවත් ආරක්ෂක උපක්‍රම සටහන් කරමින් දැනුම් බෙදා දෙන්නට හැකි වේවි.

    මෙවන් අනතුරු මෙම රටවලත් සිදුවනවා අධීවේගීමාර්ග වලදි වගේම සුළි සුළං කුණාටු , වගේම ශීත කාළයේදි හිම සහ අයිස් නිසා සිදුවන ලිස්සායාම් නිසාවෙනුත් . නමුත් එවන් අනතුරු වලදි මරණයන් සිදුවන අවස්ථා සීමිතයි . හේතු කිහිපයක් ,

    භාවිත කරන නවීන රථ වල ඇති ආරක්ෂක උපක්‍රම ,
    හැම විටම ආරක්ෂක බඳ පටි පැළඳ සිටීම ,
    මෙම තත්ත්ව වලට මුහුණ දෙන ආකාරය පිළිබඳව පාසල් පද්ධතිය තුලදීම සහ රැකියාව කරන ස්ථාන වලදි ලබා දෙන දැනුම
    මෙවන් අවස්ථා වල ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වන “හදිසි දැනුම් දීමේ “ ක්‍රමයක් සහ පොළිසිය-ගිලන්රථ-ගිණිනිවන හමුදාව එක්වූ ජීවිතාරක්ෂක පද්ධතියක් පැවතීම



    අන් අය දැනුවත් කරන්න. මෙම තොරතුරු
    සොඳුරු සුව අසපුව බ්ලොග් අඩවියෙන් උපුට ගන්න ලදී.
    SHOE OR SLEEPER DA GENA VEHICLE EKEN BIMATA BASSATH, CURRENT EKA EARTH VENAVADHA ?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "අනතුරකදි හිත උණුවන හිත හොඳ මිනිසුන් වෙතයි...,":)

    මේ වගේ දේයක් ශෙයා කරන්න කාලය වෙන කර ගත්තට බොහෝම පිං...:)
    +Rep
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔබට බොහාම ස්තුතියි මෙම ලිපිය බෙදා ගන්නට හවුල් වූවාට .විශේෂයෙන්ම අන්තර්ජාල ලිපියක් බෙදා ගැනීමේදි උපුටාගත් ස්ථානය දක්වන්නට තරම් නීතිගරුක “යහපත් මිනිසෙක් “ විසින් මෙය බෙදා ගැනීමට උදව්වීමම ලොකු සතුටක් .

    මම මහේෂ් (සොඳුරු සුව අසපුවෙන්)

    ඔබටත් බොහෝම පිං මේ වගේ දේවල් සම්බන්ධව දනුවත් කිරීම ගැන... ඒ වගේම දිගටම එලකිරියත් එක්ක සිටිය යුතු කෙනෙක් කියලත් හිතනවා...:)
    +Rep

     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    SHOE OR SLEEPER DA GENA VEHICLE EKEN BIMATA BASSATH, CURRENT EKA EARTH VENAVADHA ?

    ඔව් මචන් ගෙදර පාවිච්චි කරන්නෙ 230v නිසා පාවහන් පැලදුවාම අනතුරක් වෙනව අඩුයි, නමුත් මේව්යි යන්නෙ 11,000v , 33,000v වගේනේ, ඉතින් අනීවා වැදෙනවා.
    මන් දන්න් කෙනෙක් සෙරප්පු 2ක් දාගෙන ගෙදර ඇන්ටනාව හදද්දී අත්වැරදීමකින් ඇන්ටනාව උඩි යන 11000v කම්බියක ගෑවිලා. එවෙලෙම කකුලෙ නියපොතු ටික ගැලවිලා විසික්වෙලා. මනුස්සය මැරුණෙ නම් නෑ. සතියක් විතර හොස්පිට්ල් හිටියා.