Pinguecula වලින් ඇස් ආරක්ෂා කරගමු!

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Pinguecula වලින් ඇස් ආරක්ෂා කරගමු!

    ලස්සන සුන්දර දේවල් දකින්න ඇස් දෙක අපිට ගොඩක් වටිනවා. ;) ඇස් දෙක වගේ බලාගන්නම් කියන්නේ නිකං නෙමෙයිනේ. :rolleyes: ඇස් දෙක පරිස්සම් කරගන්න එක ගොඩක් වටිනවා. :) ඉතින් මේ කියන්න යන්නේ ඒ ගැන....

    rRKbA19.gif

    Pinguecula

    Pinguecula කිව්වට වැඩිය කවුරුත් මේ ගැන අහලා නැතුව ඇති මම හිතන්නේ. ඒ නිසා මුලින්ම ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

    ඇසේ සුදු ඉංගිරියාව ප්‍රදේශයේ බම්ප්ස් ආකාරයට කහ පැහැ ගැන්වීම Pinguecula කියලා හඳුන්වනවා.

    0byeUFo.jpg

    මේක භයානක තත්වයක් නෙමෙයි. හැබැයි මේ තත්වය ඇති වුනාට පස්සේ මේක හොඳ කරන්න කියලා treatment එකක් නැහැ. කරන්න පුළුවන් මෙය වර්ධනය වීම පාලනය කරන එක විතරයි.

    මේ තියෙන්නේ ඇසක Pinguecula ඇතිවී තිබෙන ආකාරය.

    K1VdnmV.jpg

    Pinguecula ඇති වීමට බලපාන හේතු

    01. අව් රශ්මිය - (Pinguecula ඇති වීමට බලපාන මුලිකම හේතුව ඇස් තද අව්වට නිරාවණය වීම කියලා තමයි කියන්නේ.)
    02. ඇස් වල වියළි භාවය - (දිනකට වැඩි වෙලාවක් computer භාවිතය / පොත් කියවීම / ඇස් වෙහෙසන රැකියා)
    03. ඇසට කුණු දුහුවිලි ඇතුළු වීම.

    Pinguecula ඇතිවූ පසු ලක්ෂණ

    01. සුදු ඉංගිරියාව ප්‍රදේශයේ කහ පැහැති බම්ප්ස් මතුවීම.
    02. ඇස් රතු වීම.
    03. ඇස් කැසීම.
    04. ඇස් දැවිල්ල ඇතිවීම.
    05. බොඳ වී පෙනීම.

    Pinguecula සඳහා ප්‍රතිකාර සහ ඇස් ආරක්ෂා කරගැනීමට ගත හැකි පියවර

    මම මුලින් කිව්වා වගේ මේ තත්වය හොඳ කරන්න ප්‍රතිකාරයක් නැහැ. නමුත් lubricating eye drops භාවිතයෙන් මෙය වර්ධනය කිරීම පාලනය කරන්න වගේම ඇස් රතු වීම / ඇස් කැසීම / ඇස් දැවිල්ල ඇතිවීම වළක්වාගන්න පුළුවන්.

    ඒ වගේම තද අව රශ්මිය / UV කිරණ වලට ඇස් නිරාවරණය වීම මේ තත්වය වර්ධනයට හේතුවක් වෙනවා.

    ඔයා දවසේ වැඩි වෙලාවක් computer භාවිතා කරන කෙනෙක් නම් ඒත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. මෙය ඇස් වියළි තත්වයකට පත්වීමටත් බලපානවා.

    01. ඔබට Pinguecula තත්වයක් ඇතිවී ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගන්න.

    02. හිරු එළියෙන් වන හානිය අවම කිරීමට හිස්‌ වැසුම් පැළඳීම. තද හිරු එළිය පවතින විට අවු කණ්‌ණාඩි ද සමග තරමක්‌ ලොකු හිස්‌ වැස්‌මක්‌ භාවිත කරන්න. තොප්පිය වටා පුළුල්ව පිහිටන ගැටිය මගින් අධෝරක්‌ත කිරණ ඇසට ඇතුළු වීම 50%කින් පමණ වළකා ලයි.

    03. නිවසින් පිට වන සැම විට ම අව් කණ්‌නාඩියක්‌ භාවිත කරන්න. ඇසට ඇතුළු වන සූර්යයා ගේ බලවත් දීප්තිය වළක්‌වා ලීමට අව් කණ්‌නාඩියට හැකි ය. එමෙන්ම සුළඟ නිසා ඔබ ගේ ඇස වියළීමෙන් වන හානි ද එමඟින් වළකා ලයි.

    04. අවශ්‍ය සැම විටම දෑස්‌ ආවරණ පළඳින්න.

    පිහිනීමේ දී, වඩු වැඩ, තාක්‍ෂණික හා කාර්මික කටයුතුවලදී සැම විට ම දෑස්‌ ආරක්‍ෂකයක්‌ පළඳින්න. පිහිනීමේ දී ඔබේ දෑසට මැනැවින් සවි වන ආවරණ පැළඳීමෙන් දෑස්‌ ක්‌ලෝරීන්වලින් වන හානි ද, කාර්මික කටයුතුවල දී ආරක්‍ෂක උපැස්‌ පැළඳීමෙන් විසි විය හැකි සුන්බුන් කොටස්‌ නිසා ඇසේ ස්‌වච්ඡ මණ්‌ඩලය (සුදු ඉංගිරියාව) සීරීම වැනි හානි ද සම්පූර්ණයෙන් වළක්‌වා ගත හැකි වේ.

    05. දෑසේ පිහිටීම සැම පැය භාගයකට වරක්‌ වෙනස්‌ කළ යුතු ය. ඔබ වැඩ කරන අතරතුර දී හෝ පොතක්‌ වැනි යමක්‌ කියවන විට දී ඒකාකාරීව ඒ දෙස ම නෙත් යොමා සිටීමෙන් වැඩි වෙහෙසක්‌ දැනේ. දෑසේ පිහිටීම වෙනස්‌ කිරීම මගින් නෙතට දැනෙන පීඩන වෙනස ඉවත් වේ.

    06. computer භාවිතයේදී brightness අඩු කරගන්න. සෑම මිනිත්තු 15කට වරක්ම වෙනත් දෙයකට ඇස් යොමුකර විවේකයක් ලබාගන්න.

    07. ඊට අමතරව ඇස් පෙනීම වර්ධනය කරන ගුණදායක ආහාර වේලක් ලබාගන්න.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අම්ම ගහයි කිව්වලු

    Pinguecula ඇති වීමට බලපාන හේතු

    01. අව් රශ්මිය - (Pinguecula ඇති වීමට බලපාන මුලිකම හේතුව ඇස් තද අව්වට නිරාවණය වීම කියලා තමයි කියන්නේ.)
    02. ඇස් වල වියළි භාවය - (දිනකට වැඩි වෙලාවක් computer භාවිතය / පොත් කියවීම / ඇස් වෙහෙසන රැකියා)
    03. ඇසට කුණු දුහුවිලි ඇතුළු වීම

    ඔය උඩ තියෙන එව්වා ඔක්කොම තියෙනවා .
    මගේ අස්වලටත් කෙල්වයිද නගෝ ?:baffled:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මරුසිරා;19247489 said:
    අම්ම ගහයි කිව්වලු

    Pinguecula ඇති වීමට බලපාන හේතු

    01. අව් රශ්මිය - (Pinguecula ඇති වීමට බලපාන මුලිකම හේතුව ඇස් තද අව්වට නිරාවණය වීම කියලා තමයි කියන්නේ.)
    02. ඇස් වල වියළි භාවය - (දිනකට වැඩි වෙලාවක් computer භාවිතය / පොත් කියවීම / ඇස් වෙහෙසන රැකියා)
    03. ඇසට කුණු දුහුවිලි ඇතුළු වීම

    ඔය උඩ තියෙන එව්වා ඔක්කොම තියෙනවා .
    මගේ අස්වලටත් කෙල්වයිද නගෝ ?:baffled:

    මටත් බං..:(:(
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    මරුසිරා;19247489 said:
    අම්ම ගහයි කිව්වලු

    Pinguecula ඇති වීමට බලපාන හේතු

    01. අව් රශ්මිය - (Pinguecula ඇති වීමට බලපාන මුලිකම හේතුව ඇස් තද අව්වට නිරාවණය වීම කියලා තමයි කියන්නේ.)
    02. ඇස් වල වියළි භාවය - (දිනකට වැඩි වෙලාවක් computer භාවිතය / පොත් කියවීම / ඇස් වෙහෙසන රැකියා)
    03. ඇසට කුණු දුහුවිලි ඇතුළු වීම

    ඔය උඩ තියෙන එව්වා ඔක්කොම තියෙනවා .
    මගේ අස්වලටත් කෙල්වයිද නගෝ ?:baffled:

    Ado Mage wedama Computer ekema thamayi bn...:sorry::sorry:

    Sorry thamayi... soft kali ahema nedda winadi 15 kata serayak alert ekak widinna.. pc diga balanna nathuwa inna..!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මරුසිරා;19247489 said:
    අම්ම ගහයි කිව්වලු

    Pinguecula ඇති වීමට බලපාන හේතු

    01. අව් රශ්මිය - (Pinguecula ඇති වීමට බලපාන මුලිකම හේතුව ඇස් තද අව්වට නිරාවණය වීම කියලා තමයි කියන්නේ.)
    02. ඇස් වල වියළි භාවය - (දිනකට වැඩි වෙලාවක් computer භාවිතය / පොත් කියවීම / ඇස් වෙහෙසන රැකියා)
    03. ඇසට කුණු දුහුවිලි ඇතුළු වීම

    ඔය උඩ තියෙන එව්වා ඔක්කොම තියෙනවා .
    මගේ අස්වලටත් කෙල්වයිද නගෝ ?:baffled:
    :(
     
    • Like
    Reactions: RePost බුවා

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka

    Pinguecula ඇති වීමට බලපාන හේතු

    01. අව් රශ්මිය - (Pinguecula ඇති වීමට බලපාන මුලිකම හේතුව ඇස් තද අව්වට නිරාවණය වීම කියලා තමයි කියන්නේ.)
    02. ඇස් වල වියළි භාවය - (දිනකට වැඩි වෙලාවක් computer භාවිතය / පොත් කියවීම / ඇස් වෙහෙසන රැකියා)
    03. ඇසට කුණු දුහුවිලි ඇතුළු වීම.

    මල කෙලියයි... :shocked::shocked::shocked::baffled::baffled::baffled:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මරුසිරා;19247489 said:
    අම්ම ගහයි කිව්වලු

    Pinguecula ඇති වීමට බලපාන හේතු

    01. අව් රශ්මිය - (Pinguecula ඇති වීමට බලපාන මුලිකම හේතුව ඇස් තද අව්වට නිරාවණය වීම කියලා තමයි කියන්නේ.)
    02. ඇස් වල වියළි භාවය - (දිනකට වැඩි වෙලාවක් computer භාවිතය / පොත් කියවීම / ඇස් වෙහෙසන රැකියා)
    03. ඇසට කුණු දුහුවිලි ඇතුළු වීම

    ඔය උඩ තියෙන එව්වා ඔක්කොම තියෙනවා .
    මගේ අස්වලටත් කෙල්වයිද නගෝ ?:baffled:

    :baffled: Mirror ekakin balanna ara wage as depaththen kaha pata wela thiyenawada kiyala, ehema nathnam prashnayak na.

    oya uda thiyena ewagen eyes parissam karaganna ara man kiwwa solutions tika thamai karanna thiyenne. :) eliyata awwata yanakota sunglasses use karanna.
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    Ado Mage wedama Computer ekema thamayi bn...:sorry::sorry:

    Sorry thamayi... soft kali ahema nedda winadi 15 kata serayak alert ekak widinna.. pc diga balanna nathuwa inna..!

    Thiyenawa neda, podi alarm ekak wage pop up wenna set karagaththanan hari. :dull:
     
    Last edited: