5G තාක්ෂණය සාර්ථකව අත්හදා බැලෙයි.
5G තාක්ෂණය යොදා ගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්ද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. තත්පරයකට (1Tbps) වේගයෙන් කළ මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්තරපට 100 ක් තත්පර තුනකදී ඩවුන්ලෝඩ් කල හැක. මෙය දැන් තිබෙන 4G තාක්ෂණයට වඩා හැටපන්දහස් වාරයකින් වැඩි වේගයකි. වසර 2018 වෙන විට දියුණු රට වලදී මෙම තාක්ෂණය යොදාගෙන දත්ත හුවමාරු කල හැකිවාක් සේම 2020 දී ලෝකයේ බොහෝ රටවල දත්ත හුවමාරුවට මෙම 5G තාක්ෂණය යොදාගත හැකිවෙතැයි අපේක්ෂිතය .
1980 දශකයේ දුරකථන සන් නිවේදන තාක්ෂණය ඉදිරිපත් විමත සමග සෑම අවුරුදු දහයක් පාසාම වාගේ එහි කැපී පෙනෙන වෙනසක් සිදුවී තිබේ. දශකයකට පසුව දියුණුව එන මේ අලුත් තාක්ෂණය, එක් පරම්පරාවක් (generation) සේ සලකයි ඒ අනුව 1981 දී හදුන්වාදුන් ඇනලොග් සෙලියුලර තාක්ෂණය (Analog Cellular Network) පළමු පරම්පරාව (1G) යි. 1992 දී digital සෙලියුලර් තාක්ෂණය (Gigital Networks) දෙවැනි පරම්පරාව (2G) යි. 2001 පටන් තුන්වැනි පරම්පරාවේ (3G) තාක්ෂණය (IP data networks) භාවිතා කෙරේ. දැන් භාවිතා කරන අලුත්ම භාවිතා හතර වැනි පරම්පරාවේ (4G – LTE ) සෙලියුලර් තාක්ෂණයයි.
Source: https://gayansblog.wordpress.com/

Last edited: