Verizon Samsung 5G තාක්ෂණය අත්හදා බලයි!

Jun 2, 2016
154
119
0
Sri Lanka
Verizon Samsung 5G තාක්ෂණය අත්හදා බලයි!

q:100


ඇමරිකාවේ වෙරයිසන් සෙලියුලර් සමාගම හා කොරියාවේ සැම්සුන්ග් සමාගම ගිගාබිට් වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කල හැකි 5G තාක්ෂණයේ ක්ෂ්ස්ත්‍ර පරීක්ෂණ (field tests) ආරම්භකොට ඇතැයි එම සමාගම් නිකුත්කල වාර්තාවක දැක්වෙනවා. දැනට ඉතා සීමිත ප්‍රදේශයක සිදුවෙන මෙම අත්හදාබැලීම් සිදුවන අතර තවමත් 5G තාක්ෂණයේ සෙලියුලර් දුරකථන හෝ ටැබ්ලට් නිර්මාණයවී නෑ. මෙනිසා විශේෂිත උපකරණ යොදාගෙන පරීක්ෂණ සිදුවන බවයි වාර්තාවන්නේ.

ෆයිබර් ඔප්ටික් කේබලයක දත්ත සම්ප්‍රේෂණ වේගයට සමාන වේගයකින් දත්ත සම්ප්‍රේෂණය කල හැකි 5G තාක්ෂණයෙන් 4K විබේධනයේ සජීවීරූප වීඩියෝ (e.g. 4K YouTube Video) හා සමාන්තර දත්තධාරා (simultaneous data feeds) 17 අවශ්‍යවන සජීවී අතථ්‍ය-යතාර්ථ නැතහොත් තේරෙන භාශාවෙන් වර්චුවල් රියලිටි (Virtual Reality) දර්ෂණ සම්ප්‍රේෂණය කල හැකියි.