රංජන් මඩුගල්ලේ..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    රංජන් මඩුගල්ලේ..

    මඩුගල්ලේගෙන් ත්‍රිත්ව ශතකයක්‌​

    p16-3.jpg

    එක්‌දින තරග 300 ක තරග තීරකයවරයා ලෙස කටයුතු කරන ලද ලොව පළමුවැන්නා බවට ශ්‍රී ලාංකික තරග තීරකවරයකු වන රංජන් මඩුගල්ලේ මහතා තේරී පත්විය.

    ඉකුත්දා එංගලන්තය සහ පාකිස්‌තානය අතර අබුඩාබිහි පැවැති එක්‌දින තරගය මඩුගල්ලේ මහතා තරග තීරකවරයකු ලෙස කටයුතු කරන ලද 300 වැනි තරගය විය.

    ජගත් ක්‍රිකට්‌ කවුන්සිල තරගතීරකවරුන්ගේ මණ්‌ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලබන මඩුගල්ලේ මහතා, ප්‍රථමයෙන්ම 1994 වසරේදී තරගතීරකවරයකු වශයෙන් කටයුතු කිරීම ආරම්භ කර තිබේ. 2001 වසරේදී අදාළ ප්‍රධාන තරගතීරක ධුරයට පත් හෙතෙම මේ දක්‌වා වූ කාල සීමාවේදී එම ධුරයේ කටයුතු කරමින් සිටියි.

    56 වැනි වියේ පසුවන මඩගල්ලේ මහතා, 1999, 2003 සහ 2015 යන වසර වල පැවැති ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියන්හි අවසන් මහ තරගයේ තරගතීරකවරයා වශයෙන් කටයුතු කර තිබේ. ඊට අමතරව, ශූරයන්ගේ කුසලාන තරගාවලි 6 ක (1998, 2000, 2002, 2004, 2006 සහ 2013) මෙන්ම විස්‌සයි/20 ලෝක කුසලාන තරගාවලි 4 දීඹ (2007, 2010, 2012 සහ 2014) කදී තරගතීරකවරයා ලෙස කටයුතු කර තිබේ.

    1979 සිට 1989 දක්‌වා කාල සීමාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද මඩුගල්ලේ මහතා ඒ අතරතුරදී ටෙස්‌ට්‌ තරග 21 ක සහ එක්‌දින තරග 65 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. හෙතෙම 1987 සිට 1989 න කාල සීමාවේදී නායකයා ලෙසද කටයුතු කොට තිබෙන අතර අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවද තෙවතාවක්‌ නියෝජනය කර තිබේ.

    වැඩිම තරග සංඛ්‍යාවක තරගතීරකවරුන් ලෙස කටයුතු කර ඇති අය මෙසේය.​

     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    මඩුගල්ලේ කියන්නේ ශ්‍රී ලංකාව බිහි කල විශිෂ්ට ක්‍රීඩකයෙක්. නිහතමානී ක්‍රීඩකයෙක්. ක්‍රීකට් ක්‍රීඩාවේ මහත්මයෙක් . එකළ, ඔහුට සුද්දෝ විස්තර ප්‍රචාරය කරන විට කීවේ රන්ජන් මඩුගෝල් කියලයි. මොකද ගාල්ලට ගෝල් කියන නිසා . නිවැරදිව ශබ්ද්ධ කල නොහැකි විය. අද එය නිවැරදිව කියයි.