ත්‍රිමාණ දෘශ්‍ය ප්‍රයෝග (3D stereograms)
මේක ගැන කලිනුත් ත්‍රෙඩ් තිබිල තියෙනව මම එක පස්සේ දැක්කේ.( Sri_Sampath මේ ගෙ පරණ ත්‍රෙඩ් එක මෙතනින්. හොඳ එකතුවක් එතන තිබ්බ) ගොඩක් කට්ටිය දැනටමත් මේ ගැන දන්නව ඇති. මට අහම්බෙන් අර බුදුහාමුදුරුවෝ හිටපු රුපයක් අපේ ගෙදර තිබිල හම්බුන.ඒ හින්ද නිකන් ඉන්න එකේ ඔන්න ඔහේ කියල දැම්ම දන්නේ නැති අයට දැනගන්න
බලන විදිහ
කියන විදිහට බොහොම සුළු පිරිසකට මේක බලන්න හැකියාව නැහැලු උපතින්ම. හැබැයි බහුතරයකට නිවැරදි ක්‍රමේ අල්ලගත්තම ලේසියෙන්ම මේක බලන්න පුළුවන්. මුලින්ම ක්‍රමේ අල්ලගන්නකන් නම් ටිකක් අමාරුයි. ඇස් දෙක රිදෙන්න ගන්නව. හැබැයි පුරුදු වුනාම තප්පර කීපයකින් ත්‍රිමාණ හැඩය අඳුරගන්න පුළුවන්.
ගොඩක් දැම්මේ නෑ කට්ටියගේ data නාස්ති වෙන නිසා. Stereogram තියෙන website ඕන තරන් තියෙනව හැබැයි Google ගිහින් Stereogram, Autostereogram, Magic eye වගේ ගහල image search කරන එක ලේසියි.
උඩින්ම තිබුන බුදුහාමුදුරුවෝ හිටපු Stereogram එකේ ලොකු සයිස් හොයාගන්න නෑ. ඕන අයට මම ෆොටෝ එකක් අරන් අප්ලෝඩ් කලා.
මෙතනින් ගන්න.http://i.imgur.com/pzgxqvE.jpg(1772x2235,355KB)
අන්තිමට කියන්න තියෙන්නේ මේක ගොඩ වෙලාවක් කරන්න එපා ඇස් වලට හොඳ නෑ. මම ඉස්සරවෙලාම මේක අල්ලගත්ත දවසේ මේවා බලලම ඇස් දෙක රිදෙන්න ගත්ත සෑහෙන දවසක්. පොට්ට වුනොත් වගකියන්නේ නෑ ඔන්න
Edit : පැය ගානක් බලලත් පෙන්නේ නැති අයට පොඩි උදව්වක්. රූපේ අමතක කරලා කලු සහ රතු පාට බෝල ටික දිහා බලන්න. කලින් කිව විදිහට බලනකොට මේකේ තියෙන රතු සහ කලු බෝලත් බොඳ වෙලා පෙනෙයි. ඒ එක්කම එක බොලයක්වෙනුවට දෙකක් වෙලා ඒවා දෙපැත්තට යනව පෙනෙන්න ගනියි. කලින් රතු බෝලයක් තිබුන තැනට අර දෙපැත්තේ තියෙන කලු බෝල දෙක දෙපැත්තෙන් එකතු කරලා ගන්න බලන්න. දෙක සෙට් වුනාට පස්සේ හෙමිට එතනට ෆෝකස් කරන්න බොලේ හොඳට පෙනකන්. දැන් හෙමිට පල්ලෙහා තියෙන රූපේ දිහා බලන්න. එතකොට නං 3D පෙන්න ඕනේ.
කට්ටියට මතකද එක කාලයක් ජනප්‍රිය වෙලා තිබ්බ මේ පහල තියෙන රූපේ. ගොඩක් පේමන්ට් එකේ එහෙම විකුනන්න තිබුන. මේක දිහා ටික වෙලාවක් බලන් හිටියම බුද්ධ රුපයක් පේනවා කියල තමයි කිවේ. අපේ ගෙදරත් මේකක් තිබුන හැබැයි මට නං මෙලෝ දෙයක් පෙනුනේ නෑ
. බලන්න පුළුවන් හැම විදිහටම බැලුව වැඩක් වුනේ නෑ. කට්ටියක් කිව පින් කරලා තියෙන අයට විතරයි මේක පෙන්නේ කියල. මම නං හිතුවේ කට්ටිය බොරුවට පේනවා කියනව කියල. එත් මේ ලඟදි තමා වැඩේ අහුවුනේ. කිව වගේම මෙන්න බොලේ බුදු රුපයක් පේනව
. මේ ගැන ටිකක් හොයල බලද්දී තමා දැන ගත්තේ මේක සෑහෙන ජනප්‍රිය දෘශ්‍ය මායා නිපදවන ක්‍රමයක් කියල. කෙටියෙන්ම කිවොත් ද්විමාන රටාවන් කීපයක් නැවත නැවත යොදල හදපු රුපයක් මගින් ත්‍රිමාන හැඩයක් පේන විදිහට මොලය රැවටීමකුයි කරන්නේ.
. බලන්න පුළුවන් හැම විදිහටම බැලුව වැඩක් වුනේ නෑ. කට්ටියක් කිව පින් කරලා තියෙන අයට විතරයි මේක පෙන්නේ කියල. මම නං හිතුවේ කට්ටිය බොරුවට පේනවා කියනව කියල. එත් මේ ලඟදි තමා වැඩේ අහුවුනේ. කිව වගේම මෙන්න බොලේ බුදු රුපයක් පේනව
. මේ ගැන ටිකක් හොයල බලද්දී තමා දැන ගත්තේ මේක සෑහෙන ජනප්‍රිය දෘශ්‍ය මායා නිපදවන ක්‍රමයක් කියල. කෙටියෙන්ම කිවොත් ද්විමාන රටාවන් කීපයක් නැවත නැවත යොදල හදපු රුපයක් මගින් ත්‍රිමාන හැඩයක් පේන විදිහට මොලය රැවටීමකුයි කරන්නේ.
මේක ගැන කලිනුත් ත්‍රෙඩ් තිබිල තියෙනව මම එක පස්සේ දැක්කේ.( Sri_Sampath මේ ගෙ පරණ ත්‍රෙඩ් එක මෙතනින්. හොඳ එකතුවක් එතන තිබ්බ) ගොඩක් කට්ටිය දැනටමත් මේ ගැන දන්නව ඇති. මට අහම්බෙන් අර බුදුහාමුදුරුවෝ හිටපු රුපයක් අපේ ගෙදර තිබිල හම්බුන.ඒ හින්ද නිකන් ඉන්න එකේ ඔන්න ඔහේ කියල දැම්ම දන්නේ නැති අයට දැනගන්න

බලන විදිහ
කියන විදිහට බොහොම සුළු පිරිසකට මේක බලන්න හැකියාව නැහැලු උපතින්ම. හැබැයි බහුතරයකට නිවැරදි ක්‍රමේ අල්ලගත්තම ලේසියෙන්ම මේක බලන්න පුළුවන්. මුලින්ම ක්‍රමේ අල්ලගන්නකන් නම් ටිකක් අමාරුයි. ඇස් දෙක රිදෙන්න ගන්නව. හැබැයි පුරුදු වුනාම තප්පර කීපයකින් ත්‍රිමාණ හැඩය අඳුරගන්න පුළුවන්.
- බලන්න ඕනේ රුපය (අපිට නම් පරිගණක තිරය) සාමාන්‍ය පහසු දුරකින් තියාගන්න. අඩියක් එක හමාරක් විතර දුර සෑහෙනව.
- මුලින්ම රූපේ මැද හරිය දිහා සාමාන්‍ය විදිහට බලන්න.
- ඊට පස්සේ හරියට රුපෙන් එහා පැත්තේ තියෙන දෙයක් බලන්න උත්සහ කරනව වගේ බලන්න(නිකමට හිතන්න අපි පෙනේරයක් ඉස්සරහින් අල්ලාගෙන එකේ දැල දිහා බලන් හිටිය කියල. දැන් දැලෙන් එහාපැත්තෙන් තියෙන දේ දිහා බලන්න උත්සහ කරනවා කයල හිතන්න. දැන් එහාපැත්තෙ තියෙන දේ අපට පැහැදිලිව පේනව. හැබැයි දැල අපිට බොඳවෙලා වගේ පසුබිමින් පෙන්නේ) මේ විදිහට අර රූපේ දිහා බැලුවම දැන් රුපෙත් බොඳවෙලා තමයි පෙන්නේ.
මේක වෙන විදිහටත් කරන්න පුළුවන්. රුපයට සහ ඇහැට අතරමැද යමක් දිහා තියෙන දෙයක් දිහා බලනවා වගේ කරලා. හැබැයි මේක ටිකක් අමාරු වැඩක්. පුලුවන්නං මේ විදිහත් බලන්න.
- මෙහෙම ටික වෙලාවක් බොඳ වුනු රූපේ දිහා බලන් ඉන්නකොට රූපේ තැනින් තැන ත්‍රිමාන ගතියක් පෙන්න ගන්නව. එකපාරට පෙනුනේ නැත්තන් රූපේ සහ ඇහැ අතර තියෙන පරතරේ ටිකක් අඩු වැඩි කරලා බලන්න(ස්ක්‍රීන් එකට ඔලුව ලංකරලා ඈත් කරල බලන්න). හැබැයි කිසිම වෙලාවක රූපේ දිහා කෙලින් බලන්න එපා. එහෙම නැත්තන් තවත් දුරින් තියෙන දෙයක් බලන්න උත්සහ කරනවා වගේ (අර පෙනෙරේ උදාහරනේ) තවත් ඇහැ බොඳ කරන්න.
- ත්‍රිමාණ හැඩය පේන්න ගත්තට පස්සේ ආයෙත් රූපෙට ඇහැ ෆෝකස් කරන්න පුළුවන් එතකොට ත්‍රිමාන රූපේ ලස්සනට පේනව. මෙහෙම කරද්දී සමහර වෙලාවට පෙනී පෙනී හිටපු එක එකපාරට නැතිවෙලා යන වෙලාවලුත් තියෙනව. එක අත්දැකීමෙන්ම හදාගන්න ඕනේ.
ඉස්සරවෙලාම ට්‍රයි කරන්න ලේසි ටිකක්. මේවගෙ තියෙන එක ඒ විදිහටම ත්‍රිමාණ විදිහට පේනව. ගානට සෙට් වුනාට පස්සේ ඔලුව දෙපැත්තට එහා මෙහා කරලා නියම 3d අත්දැකීම ගන්න පුළුවන්.
අනිත් වර්ගෙ ඒවගේ ත්‍රිමාණ හැඩය රටාවක් අස්සේ හංගල තියෙන්නෙ. අර විදිහටම බලන්න ත්‍රිමාණ රුපයක් බලාගන්න පුළුවන්.
ගොඩක් දැම්මේ නෑ කට්ටියගේ data නාස්ති වෙන නිසා. Stereogram තියෙන website ඕන තරන් තියෙනව හැබැයි Google ගිහින් Stereogram, Autostereogram, Magic eye වගේ ගහල image search කරන එක ලේසියි.
උඩින්ම තිබුන බුදුහාමුදුරුවෝ හිටපු Stereogram එකේ ලොකු සයිස් හොයාගන්න නෑ. ඕන අයට මම ෆොටෝ එකක් අරන් අප්ලෝඩ් කලා.
මෙතනින් ගන්න.http://i.imgur.com/pzgxqvE.jpg(1772x2235,355KB)
අන්තිමට කියන්න තියෙන්නේ මේක ගොඩ වෙලාවක් කරන්න එපා ඇස් වලට හොඳ නෑ. මම ඉස්සරවෙලාම මේක අල්ලගත්ත දවසේ මේවා බලලම ඇස් දෙක රිදෙන්න ගත්ත සෑහෙන දවසක්. පොට්ට වුනොත් වගකියන්නේ නෑ ඔන්න

-----------------------------------------------------------------------------------

Last edited: