කොකෝවා

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ආදරයේ බැඳීම ශක්තිමත් කරන කොකෝවා
12190079_1478628419134698_8060615660614408520_n.jpg

චායාරුපය :: විජිත රත්නසිරි සොයුරා විසිනි

අප හූඟ දෙනෙකු කොකෝවා පලතුරක් ආකාරයට භාවිතයට නොගැනූනත් ඔබත් මමත් මූළු ලෝකයක්ම ප්‍රියකරන චොකලටි කැබැල්ලක රස මිහිර විඳගන්නට නම් හැකියාව ලැබේ. ලෝකයේ බොහෝ රටවල ආහාරයක් ලෙස චොකලටි ගනූ ලබන අතර පානයක් ලෙසටත් කොකෝවා කුඩූ භාවිතයට ගැනේ. විශේෂයෙන් සඳහන් කළ යූතු වන්නේ ලෝකයේ චොකලටි නිෂ්පාදනය කරන රටවල් අතර ප්‍රධාන තැනක් හිමිවන්නේ ස්විස්ටර්ලන්තයටයි. එමෙන්ම බෙල්ජියම, බ්‍රිතාන්‍ය ආදී ලොව පූරාම කොකෝවා ප්‍රචලිත වී ඇත.
ලොව පූරා වෙසෙන ජනයා චොකලටි කෑමට ප්‍රියකරන අතර උදැසන චොකලටි කැබැල්ලක් සහ කිරි වීදුරුවකින් දවස අරඹන්නේ නම් ඉතා ප්‍රබෝධමත් ලෙස මෙන්ම ඔබගේ සිරුරට ගුණයක් ද එකතු කර ගන්නට පූළුවන.

කොකෝවා ශාකය ලංකාවට ආවේණික නොවූවකි. එය ඇමරිකාවේ ඇමසන් වනාන්තර ආශ්‍රිතව නිජබිම කරගෙන උපත ලබා ඇත. ඉන් අනතුරුව ඇමරිකාවේ මධ්‍යම ප්‍රදේශවලත්, නෙදර්ලන්තය, මෙක්සිකෝව, ස්පාඤ්ඤය, බටහිර කොදෙව් දූපත්, පිලිපීනය, ගානාව, නයිජීරියාව, බ්‍රසීලය, කාම්බෝජය ආදී රටවලද ව්‍යාප්ත කර තිබේ. ආසියා රටවල සීත ගුණික ප්‍රදේශවල සරුවට වැවේ.

මෙහි ඵල, මූල් අවදියේ කොළ පැහැ වන අතර ඉදුණූ පසූ තැඹිලි පැහැයට හූරු කහ පැහැයක් ගනී. මෙම ඵලය ඝනකම් පොත්තක් සහිත වේ. ඇතුළත මාංසල බීජ රැසකින් යූතුය. ඵම මාංසල මැංගුස් මෙන් ආහාරයට ගත හැකිය. එහි විටමින් සී බහූලය. නමූත් වැඩි වශයෙන් යොදා ගනූ ලබන්නේ කොකෝවා බීජ වේ. එය වියළා කුඩූකර ගැනීමෙන් අනතුරුව ප්‍රයෝජනයට යොදා ගනී.

කොකෝවාවල තියෝ බ්‍රොමින්, ෆැන්තීන්, කැෆේන්, චොකලටි, ඇල්කොලොයිඩ් රසායනික ද්‍රව්‍ය අන්තර්ගතය. කොකෝවා පලතුරක් විදියට අපට ආහාරයට ගැනීමට අවස්ථාව නොලැබූණත් සමාජමය හා පූද්ගලයින් තුළ බැඳීමක් තිබෙන බවටනම් සාධක ඇත. මන්ද දෙදෙනෙකුගේ බැඳීමක් වර්ධනය කිරීමේ බලයක් චොකලටි සතුව පවතින නිසාය. එයට හේතුව ඉහත සඳහන් රසායනික අඩංගු බැවිනි.

ආයූර්වේදයට අනූව කොකෝවා ආහාරයට ගැනීමෙන් කෂණික ශක්තිය ඇති කරවයි. ඒවගේම මලබද්ධය ඇති කිරීමේ හැකියාවත්, උෂ්ණ ගුණය නිසා පලතුරක් විදියට ආහාරයට ගැනීමෙන් උගුර ආසාදන, ඇස්වලින් කබ ගැලීම ආදී රෝගවලට සූදුසූ නොවේ. ඒවගේම දියවැඩියා රෝගයට චොකලටි නූසූදුසූය.

රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇති කිරීමේ මහඟු බලයක් හිමි කොකෝවා හෘදයට ලැදිය. කොකෝවා ආහාරයට ගැනීමෙන් බූද්ධිය වර්ධනයට ද උපකාරී වේ. එමෙන්ම පිළිකා රෝග නැසීමේ හැකියාවක් ඇති බව නවතම වෛද්‍ය පරීකෂණවලින් තහවූරු කරගෙන ඇත.

මිනිසාට පමණක් නොව තිරිසන් සතුනට පවා ආහාරයක් විදියට භාවිත කිරීම ගුණ බවද පශු වෛද්‍යවරුන් සොයා ගෙන තිබේ.

කොකෝවාවලින් චොකලටි නිෂ්පාදනය පමණක් නොව විවිධ ආහාර වර්ග සෑදීමට හැකිය.

අපට ආවේණික නොවූවද අද වනවිට ලොවටම නැතුවාම බැරි ශාකයක් බවට කොකෝවා පත්ව තිබේ.

(විස්තරය අ: ජා: ඇසුරිනි)
 
  • Like
Reactions: IsuruP123

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම පට්ට ආසයි ඔය ගහේ ගෙඩි පිරිලා තියෙනවා බලන්න.අපේ එහා ගෙදර වත්තේ තියෙනවා ගහක්.:)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔන්න ඔය ගහ තියෙන හින්දා තමයි මට කෙට්ටු වෙන්න බැරි
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    මම පට්ට ආසයි ඔය ගහේ ගෙඩි පිරිලා තියෙනවා බලන්න.අපේ එහා ගෙදර වත්තේ තියෙනවා ගහක්.:)

    e gaha thiyenne Pannipitiyeda ban? Owa Matale/Kandy wage shithala pathiwala witharai neda hadenne?
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    e gaha thiyenne Pannipitiyeda ban? Owa Matale/Kandy wage shithala pathiwala witharai neda hadenne?

    ඔව්.මම මේ පැත්තෙන්ම දැක්කෙත් මේ ගහ විතරයි.හොද සරුවට වැවුණ ගහක්.හොදට ගෙඩි එනවා..කහ පාට උනහම කඩලා එයාල අපිටත් දෙනවා..මේ දවස් වල නම් ගහේ මල් වත් නැහැ.:yes:
     

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඔව්.මම මේ පැත්තෙන්ම දැක්කෙත් මේ ගහ විතරයි.හොද සරුවට වැවුණ ගහක්.හොදට ගෙඩි එනවා..කහ පාට උනහම කඩලා එයාල අපිටත් දෙනවා..මේ දවස් වල නම් ගහේ මල් වත් නැහැ.:yes:

    ok boss. ehenam ata tikaka genath maath try ekak denna ona gahak hadaaganna.
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔව්.මම මේ පැත්තෙන්ම දැක්කෙත් මේ ගහ විතරයි.හොද සරුවට වැවුණ ගහක්.හොදට ගෙඩි එනවා..කහ පාට උනහම කඩලා එයාල අපිටත් දෙනවා..මේ දවස් වල නම් ගහේ මල් වත් නැහැ.:yes:
    Ubata dunna hindada danne na.:D
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    වැඩි දෙනෙක් නොදන්නා දෙයක් "ලෝකයේ අැති චොක්ලට් සෑදීමට ගන්නා කොකෝවා අතරින් හොදම කොකෝවා අැත්තේ අප රටේය".
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැඩි දෙනෙක් නොදන්නා දෙයක් "ලෝකයේ අැති චොක්ලට් සෑදීමට ගන්නා කොකෝවා අතරින් හොදම කොකෝවා අැත්තේ අප රටේය".

    :shocked: