
ඇත්තටම ලස්සන සීරීස් එකක්.. වගේම ඔය ගොඩක් දෙනෙක්ට මඟ හැරෙන තැනක් තමයි.. Assassins Creed 1 එකෙන් පස්සේ ඇත්තටම ආවේ Assassins Creed II නෙමෙයි. ඒකට කලින් අපි කවුරුත් දන්න Ezio Auditore ගේ පියාගේ කතාව ආවා..
වැඩේ තියෙන්නේ ඒක ආවේ Game එකක් විදියට නෙමේ කෙලින්ම මිනි ටීවි සීරීස් එකක් විදියට මම නම් යූ ටියුබ් එකෙන් බැලුවේ නොබලපු අය බලල දාන්න.මට මතක විදියට විනාඩි 35ක වගේ ක්ලිප් එකක්.. .මේ සීරිස් එකෙන් තමා Ezioට සීන් එක ලින්ක් කරන්නේ..
Assassin`s Creed Lineage

මට I එකත් හරියට තේරුනේ නෑ , මේක බැලුවට පස්සේවත් තේරෙයිද බලමු![]()


ඔතන Altair කියන්නේ කවුද කියන දේ තමා ගොඩ දෙනෙක්ට යම් ගානකට ගැටළුව තියෙන්නේ ඒක Assassins Creed II, Assassins Creed Brotherhood කතා දෙක ඉවර වෙනකන්ම එහෙම තමයි ඒත් Ubisofts ලා Assassins Creed Revelation ගේම් එකේදි මේ Altair ගැන තවත් හොඳට පැහැදිලි කරල දෙනවා.. Altair කියන්නේ හැම දෙයක් ම නැති වෙන්න අනාථයෙක් ගානට වැටුණ කෙනෙක් Altiar ට හිතවතෙක් කියල කෙනෙක් හිටිය නම් ඒ එයාගේ මිත්‍රය විතරයි. පසුකාලෙක Altair දැන ගන්නවලු එයාගේ තාත්තව මැරුවේ මේ හිතවත්ම මිත්‍රයගේ පියා කියලා..කොහොම හරි Altair ට නැති උන දේවල් වලට හරි යන්න නැවත දේවල් ලැබෙනවා.. බිරිඳ වගේම පුතාල දෙන්නෙක්..කොහොම හරි මේ Assassin සෙල්ලම නිසා Altair ට එයගේ බිරිඳ වගේම එක පුතෙකුත් නැති වෙනවා.පොරට ඒ කේස් එකෙන් සෑහෙනම අප්සෙට් වෙනවා..මෑන් පසුතැවෙනකොට පෙරහැර ගිහින් ඉවරයි... Revelation කතාව ඒ නිසා තමා Ezio Auditoreව Happy Ending එකකට අරන් යන්නේ..ඒ කියුවේ Ezio එක තැනකදි ඒ ඔක්කොම අත ඇරල දානවා..සදහටම.
මොකද පොර දකිනවා Altair ගේ ජීවිතකාලේ අවසානේ මොකද්ද කියලා.. (ආයේ Chornicles ගේම් එකෙන් Ezio ගේ අවසාන කාලේ ඇදල අරන් Ezio ටත් ෂොට් එක දෙනවා..Ezio ව Assassinate කරනවා..ඒ කවුද කියන දේ හරියටම පැහැදිලි වෙන්නේ නෑ..Ezioගේ පොඩිම මල්ලි එල්ලල මරන්නේ..ඒ පොරගේ Soul එක කියලත් කට්ටිය කියනවා. පැහැදිලිවම ෂොට් එක දුන්න කියලත් කියනවා.. අනේ මන්දා..කොහොම හරි අවි ගත්තෝ අවියෙන්ම නසියි. කියල Ezio ව ඉවරටම ඉවර කරනවා Choronicals එකෙන්..ගොඩ දෙනෙක් එක ප්ලේ කරේ නෑ..හැබැයි ඒකත් Ubisoftල ගෙම China සෙට් එකක් කලේ..
එක දිගට Revelation වෙනකන් පිළිවෙලින් Play කරන්න.. ඒ තමා Assassins Creed වල මේන් ම Story එක.. වගේම හොඳම එකත් ඒක..
Assassins Creed III එකයි Assassins Creed Liberation එකයි එකට යන කතා දෙකක් මේන් ගේම් එක AC III උනාට ඒ දෙකෙන් වැඩි දෙනෙක් කැමති උනේ Liberation එකට. මම ඒකේ කතාව කියන්නේ නෑ.
කොහොම හරි Assassins Creed Black Flag ගේම් එක නිසා AC II රීලිස් උන කාලේ වගේම හොඳ පිලිගැනීමක් ලැබුණා..ඒ ගේම් එකෙන් පස්සෙ ඉඳන් Ubisoft එකේ උන් ටික හෙන ගහනවා වගේ Graphics පැත්ත වැඩි කාලා ලොවෙත් නැති වෙන්න මගේ Assassins Creed ප්ලේ කිරිල්ලත් එතනින් සමාර්ථ උනා.. හැබැයි මම ගේම් එක ප්ලේ නොකරට ගේම් එක YouTube ගිහින් හරි බලනවා..මොකද මම එච්චර ආස ගේම් එකක්.මේ Feedback එක කොටන වෙලාවෙත් කෙලවරක ඉඳන් Ezio Auditore මේ දිහා බලන් ඉන්නවා..![]()
![]()
Aniwa aniwa broපට්ට ත්‍රෙඩ් එක මචන්, අපිත් ඉතිං පිස්සුවෙන් වගේ ගහනවනේ![]()
