මිනිසත්කමින් පහර ගැසීම
2015 නොවැම්බර් 13 වෙනිදා කියන්නේ ප්‍රංශයේ පැරිස් නුවර ISIS ත්රස්තවාදීන්ගේ ගොදුරක් වුනු දවසක් බව අපි කාටත් මතකයි. එදා සමහරු pray for paris කියද්දී තවත් සමහරු pray for sri lanka too කිව්වා. කතා කරන්න මාතෘකාවක් නොතිබ්බ තවත් සමහරුන්ට කතා කරන්න මාතෘකාවක් ලැබිච්ච දවසක් උනා. එත් අපි කාටවත් නොපෙනෙන කතා කීයක් නං ඔය සිද්දියට සම්බන්ධ වෙලා ඇත්ද ? මේ එහෙම කතාවක්.
Antoine Leiris
කවුද මේ ?
Antoine Leiris කියන්නේ ප්‍රංශ ජාතික ජනමාධ්‍යවේදියෙක් සහ සිනමා විචාරකයෙක් කිව්වොත් හරි. නොවැම්බර් 13 වෙනිදා රාත්‍රියේ එල්ල වුනු ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා Antoine ගේ බිරිඳ Hélène Muyal පැරිසියේ bataclan රංග ශාලාවේදී ජීවිතක්ෂයට පත්වුනා. එත් antoine ට මේ බව දැනගන්න ටික දවසක් ගියා. තමන්ගේ මාස 17ක දරුවත් සමඟ තමන් තනි වුනු බව දැනගත් antoine තමන්ගේ බිරිඳගේ ඝාතකයන් වෙනුවෙන් ෆේස්බුක් එකේ status එකක් දැම්මා. බොහොම සුළු කාලයකින් viral වුනු මේ status එක ගැන බටහිර මාධ්‍ය වලද අවධානය ගොඩක් යොමු වුනා. antoine මේ කියන දේ ඇතුළු අපිට හිතන්න පොඩි අමුතු කතාවක් තියෙනවා නේද කියල හැමෝම කතා වෙන්න පටන් ගත්තා.
මේ තියෙන්නේ ඒ වීඩියෝවයි.
"සිකුරාදා රාත්‍රියේ ඔබ මගේ ආදරය , මගේ දරුවාගේ මව , අපෙන් උදුරා ගත්තා. එත් ඔබට මගේ වෛරය උරුම නැහැ. මම ඔබ කවුද කියල දන්නේ නැහැ.. මට දැනගන්න උවමනාත් නැහැ. ඒත් ඔබලා මැරුණු ආත්ම පමණයි. ඔබ ඔය මිනී මරන්නට යොදාගන්න දෙවියන් අපිව මැවුවේ ඔහු වගේම නං , මගේ බිරිඳගේ ඇඟ ඇතුලට වැදුණු සෑම උණ්ඩයකින්ම ඔහුගේ හදවතද තුවාල වෙන්නට ඇති. ඉතින් ආයෙත් කියන්නේ, මගේ වෛරය නම් තෑග්ග ඔබට උරුම නෑ. ඔබ මගෙන් ඉල්ලන්නේ මගේ වෛරය උනත් , ඔබේ වෛරයට මගේ වෛරයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් සිදු වන්නේ ඔබ අද ඔය සිටිනා තත්වයට පත්වීමට එය තවත් හේතුවක් වීම පමණි. ඔබට අවශ්‍ය වන්නේ ඔබ කෙරෙහි මගේ ඇති බිය . එහෙම නේද ? ඔබට අවශ්‍ය වන්නේ ඔබ කෙරෙහි ඇති බිය වෙනුවෙන් මාත් මගේ රටේ මිනිසුනුත් අපේ නිදහස පරිත්‍යාග කිරීමයි නේද ? ඔබ පරාදයි. මම ඔබට බිය නැහැ.
අද උදේ මම මගේ බිරිඳව දැක්කා. ඇය හිටියා වගේමයි. අවුරුදු දොළහකට කලින් අපි හමුවුනා වගේමයි. සිකුරාදා රාත්‍රියේ හිටියා වගේමයි. අනිවාර්යයෙන්ම මං එහෙම හිතල මගේ දුක නැති කරගන්නවා. මට ඒකෙන් ජයග්‍රහණය දැනෙනවා. අගේ පිරිසිදු ආත්මය අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකය වෙත යාවි, නමුත් ඒ ඔබට කවදාවත් ඇතුල් වන්නට බැරි දිව්‍ය ලෝකයයි.
මමයි මගේ පුතයි කියන්නේ දෙන්නෙක්. එත් අපි මෙලොව ඇති අනෙක් සෑම හමුදාවකටම වඩා ශක්තිමත්. මට ඔබ ඔබ වෙනුවෙන් කැප කරන්නට තවත් කාලයක් නැහැ. මොකද මගේ පුතා තව ටිකකින් ඇහැරෙනවා. එයාට තාමත් මාස 17යි. එයා වෙනදා වගේම කෑම කාවි. ඊට පස්සේ අපි වෙනදා වගේම සෙල්ලම් කරන්න යනවා. ඒ වගේම එයාගේ මුළු ජීවිත කාලෙම එයා නුඹලාට තර්ජනය කරාවි. ඒ වෙන කිසිම දෙකින් නෙවෙයි. ඒ නුඹලාට උරුම නැති සතුටෙන් සහ නිදහසෙන්. ඒ වගේම , අනිවාර්යයෙන්ම .. මගේ පුතාගේ වෛරයවත් නුඹලාට උරුම වන්නේ නැත."
******************************
මේ ලෝකේ යුද්ධ කොච්චර නම් තියෙන්න ඇත්ද ?
ඒවායින් ලෝකේ මිනිස්සු කොච්චර නම් මැරෙන්න ඇත්ද ?
ඒ හැමෝටම අපිට නොපෙනෙන මේ වගේ කතාවක් ඇති.
අවුරුදු 30ක යුද්ධෙකින් බැට කාල අද ලංකාවේ ජීවත් වෙන මිනිස්සු හිතන විදිහ දිහා දැක්කම, මේ ප්‍රංශ කාරය මේ කනේ පාර ගහල තියෙන්නේ අපිටත් එක්කදෝ කියලයි මට හිතෙන්නේ.
හැමෝටම සුභ දවසක් !

Last edited: