තාත්තේ!!!!!!

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    Repost නම් සමාවෙන්න...

    Daughter%2BKissing%2BFather.jpg



    එකක් කපලා
    ඉවර කණිසම
    ප්ලේන්ටියක්
    බොන්නට
    ගිය වෙලේ ..
    ත්‍රී රෝස්
    උගුරක්ම අද්දා
    කාන්සිය නෑ
    පා උනේ ..
    හවස
    ගල් කාලක්ම
    බොනවා
    හිතට මා
    පැවසූ වෙලේ ..
    හිත අගින්
    හීන් හිනාවක්
    පැන්නා ..
    මත් බවට ඇති
    මගේ ලොලේ .....
    දොළහේ කාමරේ
    පහළ කෙළවර
    තව එකක්
    එනතුරු ඇතේ ..
    වයස විස්සක
    කෙළි පොඩිත්තක්
    වහක්
    කාලලු අද උදේ ..
    තබා සිගරට් මේසේ පාමුල
    බල්බයක් දැල්ලුවා මුදුනත..
    ග්ලවුස් යුගලක් හෙව්වා දසඅත ..
    මිනීකපනා තලත් හොයලා,
    මුණ බැලුවා මම පුරුද්දට ...
    මෝචරිය වට නිහඬ වුවා
    කඳුළු පිරිලා දොරේ ගැලුවා
    විලාපයේ හඬ දසත ඇහුනා ..
    ඉරුවේ නැති කිරි හැම තැනම ඉහුනා ..
    අම්මා දාලා ගිය දවසේ ඉඳ
    ළමයි හය දෙනක් එක්කම
    උඹත් ලොකු දුව කඳුළු එක්කම
    පොඩි එවුන් රැක්කා අම්මා විලසම ..
    මිනීකපනා හදවතක් තුළ ..
    තිබුණේ නෑ මට මුදු මෙළෙක් කම ..
    ගිනි ගත්ත මගේ හිතේ තනියට
    ගිනි වතුර මිස නොවේ අන් දෙය ..
    දරු දුකක් නම් දැනුනේම නෑ
    ෆෝමලීන් ගහලා වගේ හිත ...
    හිතම දිව්වා අතීතය වෙත
    එතැන උඹ නම්
    සැපක් විඳ නැත
    ජිවිතේ සරදමක් විලසට..
    මගේ දෝණිගේ මුදු සිරුර ළඟ,
    මිනීපිහියත් අඬනවා අද..
    වැටුණු කඳුළින්
    උඹව සෝදා ..
    කපන හැම තැන්
    වලින් පාසා
    " තාත්තේ "
    මට සමාවෙන්නැයි
    පණින උණු ලේ
    මටම කීවා ...
    තාම ගැහෙනා
    උඹේ හදවත
    මල්ලීලා කෑවාදැයි
    ඇහුවා ..
    දැකලා නැති
    උඹේ උපන් ළප දැක
    අම්මවත් හීනියට
    පෙනුනා ...
    නොමේරූ මගේ
    මුණුබුරා දැක
    පපුව පැලිලා යනවා
    දැනුනා .......
    මෙහෙම වන්නට හේතුවත් මම
    ලොවෙන්
    වහලා මහලා දැම්මා ....
    ඉපැදුනොත් මතු
    මගේම වීයන්
    ආදරෙන් උඹේ
    නළල ඉම්බා ...
    අයිතියක් නැති පෙම් පුවත් වල
    අවසානේ මේ යැයි කියා ගෙන...
    මිනී කපනා ඇඳට බරවී
    ආයේ බොන් නැති
    දුම් වැටියගෙන..
    උගුරු දෙක
    තුනක් බීලා ....
    උඹව ලස්සන කිඳුරියක් කර ..
    දුම් පොකුරු ඉගිලුණා අහසට


    20110305_MG_9553_uxga1-436x360.jpg


    උපුටා ගැනීමකි..
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදී තව ලියහන් :(


    Rep ++++++++++++++