මචන් මිනිස් ජීවිතේ කියන්නේ කලු සුදු වගේ හරි එක බින්දුව වගේ හරි ස්ථිර දේවල් වල එකතුවක් නෙවේ. ඒක හැමදේකම සම්මිශ්‍රණයක්. හරියට අළු පාට වගේ. අළු පාට දිහා බලලා මේක කලු කියන්නත් බෑ සුදු කියන්නත් බෑ. දෙකම හරි වගේ. කවුරුහරි කීවොත් මේ සතිය මට සුබයි කියල ඔව් එක හරි වෙන්න පුළුවන්, අසුබයි කිවත් එත් හරි. මොකද ඔය දෙකම කලවමේ අපිට ලැබෙන නිසා. ඉතිං උඹ කලින් මිනිහෙකුට අසුබයි කියල කිවම අසුබ දේවල් වෙන හැම සැරේම උට මතක් වෙන්නේ අර කියපු අනාවැකිය. මනුස්සය ඉතිං හිතනව අනාවැකිය හරි කියල. ඔය කියන ගොඩක් අනාවැකි කියන්නේ ඒ විදිහට. මේ සතිය අසනීප වෙන්න පුළුවන්, වියදම් වැඩි වෙන්න පුළුවන්, අද්යාපනයට සුබයි, ලෙඩ රෝග වලින් පරිස්සම් වෙන්න, මිල මුදල් ලැබේ, සමාජ පිළිගැනීම ලැබේ, හිතමිතුරන්ගෙන් උපකාර ලැබේ වගේ දෙකටම නැති වැට උඩ අනාවැකි නේ කියන්නේ. ඕකේ හරි වැරද්දක් හොයන්න බෑ.
උඹ මේ දුන්න එකේ තියෙන්නෙත් එහෙම ඒව. මම ක්‍රියාශීලී ලු කඩිසර ලු. විවෘත මනසක් තියෙනවලු. ක්ෂේත්‍ර ගණනක හැකියාවන් තියෙනවලු, ඉලක්කය කරා නොසැලි යනවලු. මොනවද බන් මේ. අපිට කවදාවත් පුලුවන්ද මිනිහෙක් කඩිසර සහ කඩිසර නොවන කියල වෙන් කරන්න. එහෙම නැත්තන් ඉලක්කය කරා නොසැලී යන සහ නොයන කියල වෙන් කරන්න. හැම මිනිහගේම ඕක අඩු වැඩි වශයෙන් තියෙනව. පට්ටම කම්මැලියෙක් වුනත් බල්ලෙක් පස්සෙන් පන්නනකොට දුවනව පන කඩාගෙන. එකයි මම කිවේ මේවා වැට උඩ අනාවැකි කියල. හැම ලග්නෙම තියෙන්නෙ එකම ටික මාරු කරල.
අර කලු සුදු අනාවැකි කියන්න ගියාම කට්ටිය වැඩේ අනාගන්නෙ මේ තියරිය එතනට වැඩ නොකරන නිසා. එක තමා ජනාධිපතිවරනේදී උනේ. හොඳ වෙලාවට ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නයි හිටියේ. ඔතන දුසිමක් විතර හිටියනං බලාගන්න තිබ්බ කොහොමද කියල.