දැන් කියන හැටියට අපි සීපා අත්සන් කරන්නෙ නැහැලු. හැබැයි වෙන නමකින් මේ වැඩේම සිද්ද වෙනවා.
මේ තියෙන්නෙ රනිල් 9/12 පාර්ලිමේන්තුවේ කරපු කතාව.
https://www.facebook.com/ranil.wickremesinghe.leader/posts/708835012549341
මේකෙ හැටියට Professional Services (උදා වෙෙද්‍ය, ඉංජිනේරු, වැනි කිහිපයක්) හැර අනිත් ක්ෂේත්‍ර වලට ගිවිසුම් ගහන්න යන්නෙ.. වෙන රටවල හෝ ඔන්ලයින් වැඩ කරල තියෙන හැමෝම දන්නව ඉන්දියන් කාරයො industry පිටින් වට්ටනව කියල. විශේෂයෙන් IT, Construction, Engineering services, Accounting, Marketing වලදි ලංකාව අැතුලෙ ගෙවන සාමාන්‍ය පඩිය වගේ 1/4 කට විතර උන් වැඩ කරන්නෙ. අනික උන් හැම එකෙක්ටම අඩුම ගානෙ Masters වෙනකන් වත් qualifications තියෙනවා. ඒව කොච්චර වලංගුද නැද්ද කියන ඒක වෙන කතාවක්.
සාපේක්ෂව වඩා ලාභ උනත් පිටරට අායෝජන ගොඩක් (විශේෂයෙන් සේවා අාශ්‍රිතව අායතන වල outsourcing වැඩ) ඉන්දියා, පකිස්ථාන් වලට නොයා ලංකාවට එන්නෙ වැඩ කොලිටි නිසා. මුන් අාවොතින් ඒක එහෙම් පිටින්ම නැතිවෙනව. අපිට ඉතාම අඩු පඩියට වැඩ කරන්න වෙන හෝ බොහෝ විට ජොබ් නැති වෙන තත්ත්වයක් එන්නෙ. කට්ටිය කිව්වට මේක වෙන්නෙ නැහැ කියල, පුද්ගලිකව සම්බන්ධතා කිහිපයක් නිසා මම දන්නව ගිවිසුම ගහන්න දැනටත් 90% විතර පසුබිම හැදිල තියෙනව තියල.
වැදගත්: දැන් වැඩේ වෙලා ඉවරයි. කොල, නිල්, රතු ගොං පාට්/ බණ පැත්තක තියල, මේකට විරුද්ද වෙන්න මොනව හරි කරන්න වෙනවා. අපේ උන් හරි අාසයිනෙ "දැක්කනෙ අපි ඕක කලින් කිව්වනෙ" වගේ රිසිවර ටෝක්ස් දෙන්න, රටටම කෙල උන්ත් කමක් නැහැ තමන් හරි කියල අනිත් එකාට ඔප්පු කරන්න පුළුවන් නම්.
එකක් තේරුම් ගන්න ඕන, අපි අපි බෙදිල රණ්ඩු වෙන්න ගත්තොත් ඒකෙන් වාසි වෙන්නෙත් මේ වැඩේ කරන්න හදන උන්ට. චන්දෙ දුන්නු නුදුන්නු කිසි කියල වෙනසක් නැහැ, මුළු ලංකාවටම කෙල වෙන මේ වගේ වැඩක් වෙනව කියල දන්නවනම් මම හිතන්නෙ නැහැ කිසි කෙනෙක් මුන්ව පාර්ලිමේන්තු යවයි කියල.
ප.ලි. මේකෙ topic එක දැකල ගාෙඩක් උන් කියවන්නෙ නැති වෙයි. ශෙයා බම්ප් පාරක් දීපල්ල පුළු පුළුවං හැටියට.
Competition ekata bayawela ratak diunu karanna puluwanda? Ape rate labour charges godak wedi. E kiyanne ape raten hadana badu wala ganan godak wedi international market eke compete karanna amarui ehema wunama. China wage ratawal production eken mulu lokema allala thienne unge adu labour cost nisa











