අද වන විට කාය වර්ධන ක්‍රිඩාව අන්ත අසරණ තත්වයට පත්ව ඇත. චෝදනා එල්ල වන්නේ ක්‍රිඩකයන්ටය. නමුත් ක්‍රිඩකයන් එතනට පත්කරන්නේ කාය වර්ධන සම්මේලනය හා එහි නිළධාරින්ය. අවසානයේ ක්‍රිඩාව වෙනුවෙන් සියලු දේ කැප කර දහඩිය හලා අසාධාරනයන්ට ලක් වන්නේ ක්‍රිඩකයන්ය.
එදා 2015 Mr. ශ්‍රි ලංකා තරගයේ බොහෝ කරුණු කාරනා වසන් කර මීඩියා හරහා තමන් සුදු හුණු ගා ගන්නා සම්මේලනයේ නිළධාරින් අද රෝහල් ගත වන්නේ ද ගින්නක් නැතිව දූ මක් නොනඟින්නාසේ පැහැදිලි හේතු කාරනා සහිතවය. දැන් මීඩියා හරහා කායවර්ධන ක්‍රිඩකයන්‍ට ඇඟ මෙන් මොලය නැත, විනය නැතැයි කියනවා නම් වසර ගනනාවක් තුල මේ කියනා විනය රැක ගත් නිසා, මොලය පාවිච්චි කල නිසා මෙවැන් නක් සිදු නොවූ නද එදා Mr. Sri Lanka තරගය අවසන් වන විට ඒ සියලු සීමා මායිම් සාධාරන හේතු සහිතව බිඳ වැටුනි.
සැවොම දන්නා ලෙස කාය වර්ධන සම්මේලනයේ නිළධාරින් එකිනෙකාට බෝල පාස් කරමින් ක්‍රිඩකයින් විකුනන් කෑම ජයටම පවත්වාගෙන ගියෝය අද මොවූන් කථා කරන්නේ ලඳරුවන් මෙනි නමුත් විනිශ්චය මණ්ඩලය තරඟ පවත්වන විට නිදිය බොහෝ දෙනෙකු වයස අවූ : 50 පසු කර කණ්නාඩි දමාගෙන ක්‍රිඩකයන්ගේ අංකයක් වත් පැහැදිලි ව නොපෙනෙද්දී අනෙකුත් නිළධාරින්ගේ උවමනාවන්ට තරඟ තීරණ ලබා දෙද්දී කාය වර්ධන තරගයකට වත් සහභාගී නොවූ නුසුදුස්සන් අද තරඟ විනිශ්චයේ යෙදෙති. උදා: භාණ්ඩාගාරික වසන්ත ප්‍රනාන්දු (පහර කෑමට ලක් වූවා යැයි කියන)
සැබැවින් ඇත්ත කථාව මෙසේය: දුක් මහන්සි වී තම පුද්ගලික මුදල් වියදම් කර කටාර් සිට Mr. Sri Lanka තරගයට සහභාගී වීමට පැමිණි නිරංජන් (ආසියාතික පදක්කම් ලාභී) ට පවා තරගය සහභාගි වීමට ඉඩ නොදී ක්‍රිඩකයන් කුලප්පූ කර බලලූන් ලවා කොස් ඇට බෑව්වේ වර්තමාන උප සභාපති පහර කෑමට ලක් වූ ප්‍රසන්න පීරිස් ය. ඒ වන විට හේතුව නොදත් තත් සැවොම සිතුවේ ඔහු ශ්‍රී ලාංකික ක්‍රිඩකයන් වෙනුවෙන් හඩ නැගු බවය නමුත් තරගයේ අවසන් වටය ආරම්භයත් සමඟ බලලා මල්ලෙන් එලියට පැන්නේය.
ප්‍රසන්‍නගේ ක්‍රිඩා ගාරයේ සේවයේ නියුතු චමින්ද පීරිස් 80kg බ ර පංතියේ පවා ශ්‍රී ලoකා ආමි යටතේ තරඟ වැඳුන නදූන්ට පෙනි පෙනීම පරාජය වී තිබියදී ඔහුට දෙවන තැන දී තම ගෝලයා ව තරගයේ ඉදිරියට ගෙන ඒමය. දත්ත සැකසූම් සැකසෙන්නේත් තරගය මෙහෙයවන්නේත් එලියේ සිට හිටපු සභාපති කපිල කුමාර හරහාය. එලෙස අත්සන් පමණක් විනිසුරු වරුන්ගෙන් ලබා ගත් විට ඔවුනට එය ප්‍රමාණවත්ය. පෙනෙන්නේ හා පෙන්වන්නේ වෙනෙකක්ය කරන්නේ තව කක්ය මෙලෙසින් Mr. Sri Lanka අවසන් වටයට රැගෙන එන මෙම චමින්ද පීරිස් ඉතාමත් පහසුවෙන් තරගයේ කිසිඳු ගැලපීමක් නොමැතිව ඡයග්‍රාහකයා කරන්නේ ඔය කියනා ප්‍ර සන්න පීරිස්, කපිල කුමාර, ඇතුලු අනිකුත් නිළධාරින්ය. ඔවුනට නකුට වනන සියල්ලෝ ඔවුන්ගේ අතේ ය.
විරුද්ධ වන්නෝ එලියේ ය සෑම අතකින්ම Mr. Sri Lanka වීමට මෙලෙස සුදුසුකම් තිබූ සිසිර කුමාරට පලමු වටය අවසානයේ තහනම් උත්තේඡ න පරීක්ෂණයට නම ලබා දී තිබූ නේද ඔය කියන ප්‍රසන්න ඇතුලු කණ්ඩායම විසිනි. මන්ද කටාර් සිට පැමිණි නිරංජන් ගේ කාරනාව ක්‍රිඩකයන් යොදා විසදා ගත්තද සිසිර කුමාර තරගය දිනනා බව මොවුන් හොදින් දත්තෝය. එවිට විරෝධය ඉදිරිපත් වූ වේද සියලුම ක්‍රිඩකයගෙන්ය. මන්ද එලෙස මුත්‍රා සාම්පල ලබා ගන්නේ නම් සියලු ක්‍රිඩකයන්ගෙන් ලබා ගත යුතුය.
මන්ද යත් මෙහි සිටි බොහෝ දෙනා ඔය කියන උත්තේජක භාවිතා කර සිටි නා බව සියලු දෙනා දන්නා රහසකි. එය වෙනම කථා කල යුතු දෙයකි. මන්ද යත් තහනම් උත්තේජක පලමු වරට ලංකාවට බෝ කරේ ද ප්‍රසන්න පීරිස් බැවිනි. මෙම තත්වයේදී ඇති වූ ගැටලුව සිසිර කුමාර නිසා බව පෙන්වීමට උත්සාහ කලද එහිදී නම් සියලු ක්‍රිඩකයින් එයට විරුද්ධ විය. එය ඔහු පමණක් විරුද්ධ වීමක් නොවුන අතර දැන් මොවුන් පලිගැනීමක් ලෙස එසේ ප්‍රකාශ සිදුකරන්නෝය. එයින් ද නොනැවතුන මොවුන් Air force උපදේශක තුෂාර හා පසුගිය කාලවල අඩු ඡයග්‍රහණ ලබා සිටි Air force ක්‍රිඩකයින්ගේ රැකියා බේරා දීමේ හා තුෂාර ව ඔසවා තැබීමේ ප්‍රයත්නයක ද නිරත ව සිටියහ. මේ අතර සිසිර ට පණිවිඩ යවන්නේ උත්තේජන පරීක්ෂණයක් ඇති වීමට ඉඩ ඇති බැවින් සවස තරගයට සහභාගී නොවන ලෙසය. මෙය ද තම ගෝලයා Mr. Sri Lanka කිරීමේ ප්‍රයත්නයකි.
නමුත් සිසිර කුමාර අවසාන වටයට ඉදිරිපත් විය. අවසානයේ මොවුන් සිදු කලේ වෙනදා මෙන් ඔවුන්ට උවමනා අයවලුන් හට ජයග්‍රහණ ලබා දීමය. මෙහිදී ලැබෙන රිබන් එල්ලූ තහඩු, කෑල්ලවත් ප්ලාස්ටික් කප් එකවත්, රු: ලක්ෂය වත් ලබා ගැනීමට මේ ක්‍රිඩකයෝ නොවෙහෙසුනහ. මේවායින් ඔවුන්ගේ මාසික වියදමින් භාගයක් වත් පියවා ගැනීමට නොහැකි බව කාය වර්ධනයේ නියුතු සියල්ලෝ දනිති. රසට අහරක් , බත් කටක්, තිබහට වතුර වීදුරුවක් වත් නොබී ගෙවල් ඉඩ කඩම් පවා උකස් කර රුපියල් ලක්ෂ ගනන් වියදම් කරමින් මොවුන් ක්‍රිඩාවේ නිරත වන්නේ සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තුවෙනි. එය ද නොලැබ තම තමන්ගේ ගෝලයන්ට ඡයග්‍රහණ ලබා දී ත්‍යාග මුදල ද සොරකම් කර ගනිමින් ඔවුන්ගෙන් ගතමනා පොදි ගහගනිමින් ලබා දෙන මේ ජයග්‍රහණ නිසා අද වන විට කාය වර්ධන ක්‍රිඩාව පිරිහී හමාරය: බොහෝ ජාතික, ඡාත්‍යන්‍තර තලයේ ක්‍රිඩකයින් ක්‍රිඩාවෙන් සමුගෙන හමාරය. උදා. චානක පීටර්, රජිව් තිසේරා, සුමේධ, නිමල් වන්නිආරච්චි අද මේ අයට පහර දූන්නේ සිසිර යැයි කිවත් සිදුවුයේ සිසිර විනිශ්චය හරි දැයි විමසු විට ඇති වූ බහින් බස් වීම දුරදිග ගොස් අවට සිටියවුන් ප්‍රකෝප වී ප්‍රසන්න ට පහර දීමය.
සිදුවූ සියල්ල නොදත්තවුන්ට සිසිර කුමාර විනය කඩ කර උත්තේජක භාවිතා කර අයකු ලෙස පෙන්වූවාට අපට නම් ඔහු අන් සියලූ ක්‍රිඩයන් වෙනුවෙන් හඩ නැගු ඉතා ජව සම්පන්න සාධාරණ නියම ක්‍රිඩකයෙකි: ඔහු තරගාවලියේ හැසිරීම අගෝභන නම් ඔහුව ව්වේ චනය කර Highlight කර පෙන්වන මාධ්‍යට අප කියන්නේ Mr. Olympia වැනි ඡාත්‍යන්තරයේ අOක එකේ තරඟ වලදී පවා විනිශ්චය අසාධාරණ යැයි හැඟුන විට ජාත්‍යන්තර ක්‍රිඩකයන් පවා තමාගේ හා අනෙකාගේ වෙනස ප්‍රේක්ෂකයන්ට පෙන්වීමට මීට වඩා ප්‍රවේගකාරීව හැසිරෙන බවය.
සිදුවූ සියල්ල නොදත්තවුන්ට සිසිර කුමාර විනය කඩ කර උත්තේජක භාවිතා කර අයකු ලෙස පෙන්වූවාට අපට නම් ඔහු අන් සියලූ ක්‍රිඩයන් වෙනුවෙන් හඩ නැගු ඉතා ජව සම්පන්න සාධාරණ නියම ක්‍රිඩකයෙකි: ඔහු තරගාවලියේ හැසිරීම අගෝභන නම් ඔහුව ව්වේ චනය කර Highlight කර පෙන්වන මාධ්‍යට අප කියන්නේ Mr. Olympia වැනි ඡාත්‍යන්තරයේ අOක එකේ තරඟ වලදී පවා විනිශ්චය අසාධාරණ යැයි හැඟුන විට ජාත්‍යන්තර ක්‍රිඩකයන් පවා තමාගේ හා අනෙකාගේ වෙනස ප්‍රේක්ෂකයන්ට පෙන්වීමට මීට වඩා ප්‍රවේගකාරීව හැසිරෙන බවය.
මීට
ශ්‍රී ලංකා කාය වර්ධන ක්‍රිඩකයෝ
Last edited:




මොකද ඔවුන් මිස්ටර් ශ්‍රී ලංකා ශූරතාවලියට සහභාගී වීම ගැන ශ්‍රී ලංකාව තුල පුහුණුව ලබන ක්‍රීඩකයන් එදා පටන්ම විරුද්ධයි

... ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයතුල සිටින සියලුම නිලධාරීන් මේ අද ඇතිවී තිබෙන තත්වයට වගකිව යුතුයි
... 

එය එසේද සිදු නොවුනි. 
තවද තමන්ගේ සියලුම සහෝදර ක්‍රීඩකයන්ටත් එමගින් බලපෑම් ඇති විය හැකිය
... ඔවුන් කවුරුන්ද යන්න දන්නෝ දනිති.
පැහැදීම හරියි කියනවා නොවේ.