අළුවා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තේ පානය සඳහා ගොස් සුරූපී තරුණියක ළඟ වාඩිවීමට අවස්ථාව ලැබී ඇය සමග කතා කරමින් තක්කාලි සෝස් සමග අළුවා කෑ සංචාරක හෝටල් සේවකයෙකු පිළිබඳ අපූරු සිද්ධියක් මාලදිවයිනේ සංචාරක නිකේතනයකින් වාර්තා විය. සිද්ධිය මෙසේය.

    මෙම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකි. සේවය කරනුයේ මාල දිවයිනේ සංචාරක නිකේතනයකය ශ්‍රී ලාංකික සේවකයින් වෙනුවෙන් වෙනමම ආහාර පාන සකසා ඒ අය වෙනුවෙන් වෙන් කළ ස්ථානයක එම ආහාර පාන ලබා දෙන මෙම සංචාරක නිකේතනයේ සෑම දිනකම සවස් වරුවේද තේ පානය සඳහා සැනඞ්විච්, රෝල්ස්, කට්ලට් වැනි දෑ සපයනු ලබයි. පසුගිය දිනෙක සවස තේ පානය සඳහා මෙම ස්ථානයට ගිය ඉහත කී සේවකයා දුටුවේ එම හෝටලයේම සේවය කරන සුරූපී තරුණියකද තේ පානය සඳහා පැමිණ ඇති බවයි.

    ඇය සමග කුළුපග වීමට හොඳම අවස්ථාව මෙය යැයි සිතූ මෙකී තරුණ සේවකයා ඇය අසලින්ම වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය. තේ මේසයේ තිබෙන්නේ මොනවාදැයි වත් ඔහුට අමතක විය. ඇය සමග සතුටු සාමිචියේ යෙදෙන ගමන්ම කුඩා පිඟානක් අතට ගත් ඔහු තක්කාලි සෝස් එහි දාගෙන තේ පානය සඳහා සූදානම් කර තිබූ කැවිලි වර්ගයක්ද රැගෙන තරුණිය අසලින්ම වාඩි වී තමන් ගත් කැවිලි සෝස්ද සමගින් කන්නට විය. තරුණිය ළඟ සිටි නිසා තමන් කන්නට ගෙන ඇත්තේ මොනවාදැයි යන්නවත් තේරුම් ගෙන නැති මෙම තරුණ සේවකයා සෝස් සමග කා ඇත්තේ ඊට පෙර දිනයේ නිවාඩු ගොස් පැමිණි තවත් ශ්‍රී ලාංකිකයකු විසින් ගෙනැවිත් තිබූ අළුවායි.

    http://www.lankadeepa.lk/index.php/articles/369746
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොනවද බන් මේ දැන් පත්තර වල යන්නෙ.. :baffled::baffled:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අපේ එකෙක් නේ හරි අපේ උන් ඉතින් කෙල්ලෝ දැක්කහම ඩබල් ගෙම කරන කොල්ලෝ මාට්ටු වෙනවා නයිටි අදිනවා ඔව මොනවද හෙක්​