heart of ice

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හිරුට හිනැහෙන දවස අබියස
    පිනි කැටත් දිලෙනා
    පතුල නොපෙනෙන මගේ හිස් නෙතු
    එලිය මෙන් පෙනුනා

    බිමට බරවුනු අහස් ගැබ නුඹ
    සඳක් යැයි හැඟුනා
    අඳුරු පැතිරුණු නිසල විල මත
    සහස් රැලි නැගුනා

    විටෙක දැල්වෙන ගිනි පුපුරු මත
    උණුසුමක් සොයනා
    ඔබේ නොනිදන හිතට නොපෙනෙන
    හිස් අහස පෙනුනා

    යලිත් නොසිදෙන ඔබේ නෙතු අග
    උණු කඳුළු රැඳුනා
    ඔබට නොදැනෙන හිස් අහස යට
    සීතලක් දැනුනා


    Heart..


    thanks very much elysium for typing this in sinhala fonts for me
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    මුට මොකද්ද වෙලා තියෙන්නේ.. :eek::(
    එත් ලස්සනට ලියලා තියෙනවා.. :love::love::love:
     
    • Like
    Reactions: twisted

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිසදැස් කියවලා වමනෙට එන්නත් වගේ වෙලා තිබ්බේ. මේක දැක්කම හිතට මාර සිසිලක් දැනුනේ. පට්ටම පට්ටයි බන්. කියන්න වචන නෑ.
    REP 10+
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    නිසදැස් කියවලා වමනෙට එන්නත් වගේ වෙලා තිබ්බේ. මේක දැක්කම හිතට මාර සිසිලක් දැනුනේ. පට්ටම පට්ටයි බන්. කියන්න වචන නෑ.
    REP 10+

    thanks baby :love: