ගේමින් පරිඝනකය
මීට අවුරුදු කීපයකට පෙර ජීවත් උනාලු ළමයි දෙන්නෙක්. එක්කෙනෙක් සුනිමල්, අනිත් කෙනා ශෝන්. දෙන්න හොඳ යාළුවෝලු. සුනිමල් දුප්පත්. ශෝන් ටිකක් පෝසත්. පෝසත් කිව්වට එයාල මධ්‍යම පන්තියේ අය. සුනිමල්ගේ තත්වෙත් එක්ක බැලුවාම ශෝන් ගොඩක් පෝසත්. යාළුවෝ උනාට ශෝන්, ඒ කියන්නෙ පෝසත් ළමය ටිකක් ලොකු කම් පෙන්නගෙන හිටියලු සුනිමල්ට. එයා ගාව ඒ දවස්වල තිබුනු නවීනතම පරිඝනකයක් එහෙමත් තිබුනලු. සුනිමල් ඉතින් හරි ආසයිලු පරිඝනක ක්‍රීඩා කරන්න එහෙමත්. ශෝන් තමන්ගේ පරිඝනකය ගැන නොයෙක් වර්ණනා කරමින් සුනිමල් එක්ක පරිඝනක ක්‍රීඩාවල යෙදෙනවලු. සුනිමල්ගේ අනාගත බලාපොරොත්තුව උනේ හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් හොයාගෙන සල්ලි එකතු කරල ඒ වෙනකොට තියෙන හොඳම පරිඝනකයක් තමා සතු කර ගන්න එකලු.
ඉතින් ඔහොම කාලය ගත උනාලු. දැන් සුනිමල් තරුණ කොල්ලෙක්. එයා එයාට හැකි පමණින් පාඩම් කරල ඒ ලෙවල් පාස් වෙලා ජොබ් කට්ටක් එහෙමත් හොයාගෙනලු දැන් ඉන්නෙ. ඉස්සර ඉඳන් ප්‍රාර්ථනා කරපු නවීන පරිඝනකයක් (i7 එකක්) ගන්න දැන් කාලෙ හරි. එයා එකතු කරපු සල්ලිත් අරගෙන බස් එකේ කොළඹ ගිහින් එහෙ තිබුණ ලංකාවෙ ලොකුම පරිඝනක සැලට ගියාලු.
"මහත්මයාට මොනවද ඕනෙ?"
"ම්ම් මෙ මං බැලුවෙ දැනට තියෙන හොඳම ගේමින් pc එකක්"
"ආහ් හරි මහත්මයා, එහෙනම් මෙන්න මේක තමයි දැනට තියෙන හොඳම එක"
සුනිමල් ඉතින් ඒ පරිඝනකය පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගත්තලු.
මිළදී අරන් වෙළඳ සැලෙන් එලියට එනකොටම එතනට ඒ වෙනකොට ලෝකෙ තිබුන හොඳම මෝටර් රථයෙන් කෙනෙක් අවිල්ල බැස්සලු. ඒ සුනිමල්ගේ පොඩි කාලෙ හොඳම යාළුවා ශෝන්.
ශෝන් පැමිනි මෝටර් රථය දැක්වෙන ඡායාරූපයක්

Last edited: