World's largest blue star sapphire in Sri Lanka $300million for sale

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    ඕක වැඩියෙන්ම වටින්නේ අර නූල් වගේ ගිහින් තියෙන නිසා.ලයිට් එකක් වැටුනහම තමා එහෙම පේන්නේ.මැණික අයිති එකානම් පට්ටම ලකී පොරක්.කෝටි 1400 කට වඩා වැඩි ගාණකට ඕක දෙන්න පුළුවන්.කලබල නොවී හිටියනම් හරි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    සමනළ කන්දට පැමිණි ආදම්ගේ කඳුළින් හැදුණු
    ලංකාවේ ලොකුම නිල් මැණික
    ලැබූණේ හැටන්වලින්


    ශ්‍රී ලංකාවේ නිල් මැණික්‌ ගැන යුරෝපීය ප්‍රවාද සාහිත්‍යයෙහි මෙවැනි කතාවක්‌ එයි; ඊවා සමග වරදෙහි බැඳුණු නිසා දෙවියන් වහන්සේ විසින් ආදම් පිටුවහල් කරනු ලැබේ. ඔහු හඬමින් පැමිණෙන්නේ ශ්‍රී ලංකාවටය. එහිදී ඔහු සමනල කන්දට නැග තවදුරටත් හඬයි. ඒ කඳුළු, කන්ද දිගේ රූරා විත් නිල් මැණික්‌ බවට පත්වෙයි.

    ඉහත සඳහන් කතන්දරය අපගේ මතකයට නැගෙන්නේ ලොව විශාලතම නිල් මැණික ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවත් එය ඩොලර් මිලියන 200 කට විකිණීම සඳහා සූදානම් කර ඇති බවත් වාර්තා වී ඇති නිසාය. කැරට්‌ 1404.49 ක්‌ හෙවත් අවුන්ස 10 කට මඳක්‌ වැඩියෙන් බර මේ මැණික පසුගිය අගෝස්‌තු මාසයේදි රත්නපුර සහ හැටන් අතර පිහිටි මැණික්‌ පතලකින් ලැබුණ අතර මුස්‌ලිම් මැණික්‌ ව්‍යාපාරිකයකු විසින් මිලට ගනු ලැබ ඇත.

    නොකැපූ ගලක්‌ ලෙස ව්‍යාපාරිකයා විසින් මිලට ගන්නා අවස්‌ථාවේදී මේ නිල් මැණික අවම වශයෙන් කැරට්‌ 2000 ක බරකින් යුක්‌ත වන්නට ඇතැයි විශ්වාස කෙරේ. (කිලෝවකට කැරට්‌ 4000 තිබේ) කැබිෂොන් (Cabochon) නමැති ගෝලාකාර හැඩයට කපා ඔප දමා තිබෙන මෙම මැණික මතට ආලෝක ධාරාවක්‌ පතිත කළ විට මධ්‍ය ලCෂ්‍යයෙන් කැපී ගිය රේඛා 6 ක්‌ (ආරුනූල්) දර්ශනය වේ. The Star
    of Adams හෙවත් ආදම්ගේ තරුව ලෙස දැනට මෙය තාවකාලිකව හඳුන්වන බව නිර්නාමිකව සිටීමට කැමති එහි අයිතිකරු කියයි. ''මට එක වෙලාවකට හිතෙනවා මේ මැණික නොවිකුණා කෞතුකාගාරයකට පරිත්‍යාග කරන්නට "යෑයි ඔහු පසුගියදා විදේශ පුවත් සේවයකට පවසා තිබිණි.

    Code:
    [IMG]http://www.divaina.com/2016/01/10/niljen77.jpg[/IMG]ඩයනා කුමරියගේ මුදුවේ ඇති නිල් මැණික 
    ශ්‍රී ලංකාවෙන් සොයාගත්තකි.

    Sapphire හෙවත් නිල් මැණික්‌ අයත් වන්නේ කොරොන්ඩම් නමැති ඛනිජ කුලයටය. මෙය ඇලුමීනියම් ඔක්‌සයිඩ් වර්ගයකි. මෙහි යකඩ අඩංගු වුවහොත් මැණික නිල් මැණික වන අතර ටයිටේනියම් ලෝහය අඩංගු වුවහොත් කහ පැහැති පුෂ්පරාගයක්‌ බවට පත්වෙයි. ක්‍රෝමියම් අඩංගු වූ විට ගලේ පැහැය 'දම්' ය. තඹ අඩංගු වූ විට ගලට තැඹිලි පැහැයක්‌ ලැබෙන අතර මැග්නීසියම් අඩංගු නම් කොළ පැහැයක්‌ ලැබෙයි. මේ අතර ක්‍රෝමියම් වැඩි වශයෙන් අඩංගු වූ තොරොන්ඩම් ගල් පත්මරාග හෝ රතු කැට බවට පත්වෙයි. මේ ඛනිජ වර්ග කිසිවක්‌ අඩංගු නොවන තොරොන්ඩම් ගල් අවර්ණ වන අතර 'සුදු' ලෙස හඳුන්වනු ලබයි.

    ශ්‍රී ලංකාවේ 'ආදම්ගේ තරුව' ට දෙවැනි වන නිල් මැණික Black Star of Qeensland ලෙස හඳුන්වන අතර කැරට්‌ 733 ක්‌ බරය. මෙය 2007 දෙසැම්බර් 2 වැනිදා කැනඩාවේ Royal Ontario කෞතුකාගාරයේදී අවසන් වරට ප්‍රදර්ශනය කරන ලදී. පසුව එය නිර්නාමික පුද්ගලයකු හෝ ආයතනයක්‌ විසින් මිලට ගන්නා ලදී. එතැන් පටන් කිසිවෙක්‌ එය දැක නැත. Star of India යන විශාලත්වයෙන් ලොව තුන්වන තැන හිමිවන නිල් මැණිකය. මෙය වර්ෂ එක්‌දහස්‌ හත්සිය ගණන්වලදී ශ්‍රී ලංකාවෙන් හමු වූවකි. ඇමරිකාවේ ස්‌වභාව විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මේ මැණික 1964 ඔක්‌තෝබර් 29 වනදා සොරකම් කරන ලදී. එයින් වසරකට පසු එය නැවත හමු විය.

    නිල් මැණික්‌ යනු රාජකීයත්වය සහ ශෘංගාරය කැටයම් කෙරුණ ඓතිහාසික සංස්‌කෘතියකි. 1981 දී ඩයනා කුමරිය සමග විවාහ ගිවිස ගන්නා විට චාල්ස්‌ කුමාරයා ඇයට ශ්‍රී ලංකාවේ නිල් මැණිකක්‌ ඔබ්බවන ලද මුද්දක්‌ දුන්නේය. 1997 දී මිය යන තුරුම ඩයනාගේ ඇඟිල්ලෙහි මේ මුදුව තිබිණි. අනික රෝම රාජ්‍යයේ රජවරු සහ බිසෝවරු සාපවලින් සහ ඇස්‌වහ, කටවහවලින් බේරීමට නිල් මැණික්‌ ඇල්ලූ මුදු සහ මාල පැළ»හ. රෝමයේ පූජ්‍ය පක්‍ෂයද නිල් මැණික්‌ පැළ» අතර එමගින් දිව්‍යමය ආශිර්වාද ලැබේයෑයි විශ්වාස කළහ.

    පූජ්‍ය පක්‍ෂය කෙසේ වෙතත් මැණික්‌ මුදලාලිලා දෙස බැලූ විට නම් මේ කරුණු ඇත්ත බව පෙනී යයි.
     
    Last edited: