විස ගලන අන්තිමම හාදුව

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    විස ගලන අන්තිමම හාදුව

    ac8fd3be4adea6df24b6131265c22182-199x300.jpg



    ඔබ ද සාංකාවේ කොටසක්
    ඒවා සිටි තහනම් උයනේම පළතුරක්

    දැන් මගේ හිත යට
    සර්පයන් සැරිසරන
    ළමැද කඳු ගැට උඩ
    දුහුල් කැලෑ මල් පිපෙන
    උදුපියලියා ගොල්ලක් උඩ
    රහසේම වැතිරෙන්න හිතෙන

    ඔබ ද සාංකාවෙ ප‍ටු දොරක්
    ඒව අතින් යතුර නැති වුණ

    වෙනත් තැන්වලින් අපි එහි ඇතුළු වන
    අඳුරු කොරිඩෝ දිගේ
    පැටලෙමින් ආලිංගන
    ලුණු රසයි නොහිතාම ඉදහිට
    කඳුළක් උරා බොන
    දැන් මගේ හිත ඔබ නැවත්තුව තැන

    ඒවාට අමතකව යන්න ගිය
    විස සහිත හාදුව
    කෝ දැන් ඒක මට දෙන්න
    වෙනත් කෙනෙකුට දෙන්න තියාගත්ත
    ඒ ඔබේ විස ගලන අන්තිමම හාදුව