2009 පෙබරවාරි 25 වෙනිදා ප්‍රෝෆයිල් එකක් හදාගෙන මේකට එකතු උනා. අවුරුදු 07කට කිට්ටු කාලයක් සයිට් එකත් එක්ක උන්නා. පෝස්ට් 25000ක් ගැසුවා.
මේ පෝස්ට් 25000 ඇතුලේ
කෝච්චි ගැන ලීවා,ට්‍රිප් රිපෝර්ට්ස් ලීවා,ලයිට් හවුස් ගැන ලීවා,ට්‍රිප් ගියා එලකිරියේ කට්ටියව එක්කාසු කරගෙන,බොන්න සෙට් උනා, කෝච්චි පෙරේරා කියලා නමක් හදාගත්තා.
මේ 25000 අස්සේ වලි ගිහින් ඇති ඕනා තරම්. බැනගෙන ඇති, මරාගෙන ඇති, දැං ඉන්න හොඳම යාලුවෝ කී දෙනෙක් නම් එක්ක නොදන්නකමට ඉස්සරකාලේ වලි දාගෙන ඇතිද. ඇඩ්මින් "ඕක නවත්තපං බං" කියලා දවස් කීයක් නම් කියලා ඇතිද. ඒ රංඩු වෙච්චි හැමෝම අද හොඳම යාලුවෝ..

හැමෝටම පුළුවන් උපරිමෙන් උදවු කරා. නොදන්න දෙයක් අහපු වෙලාවට, පාරක්තොටක් ගැන, කෝච්චියක් ගැන, ට්‍රිපක් යන්න ඕනි උනාම, නවතින තැන්, IT සම්බන්ධ දේවල්. ඉස්සරහටත් උදවු කරනවා. ඕනි වෙලාවක.
ඒ වගේම මේ සයිට් එක නිසා සෑහෙන හිත් හොඳ මිනිස්සු අඳුනා ගත්තා. තාත්තා අසනීපෙන් උන්නු කාලේ වගේම තාත්තාගේ මරණය සිද්ධ වෙච්චි වෙලාවෙත්. ඒ දේවල් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මේ පෝස්ට් හැම එකකම ඔය කීව දේවල්වලට සාක්කි තියෙනවා.
මේ හැමදෙයක්ම මේ පෝස්ට් 25,000 ඇතුලේ තියෙනවා.
ත්‍රෙඩ් එක විහිලුවක් වගේ පෙනෙයි. ඒත් මේ පෝස්ට් 25,000 ඇතුලේ මගේ ජිවිතේ සෑහෙන දේවල් තියෙනවා.
හැමෝටම ස්තුතියි. දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වරදක් උනා නම්, හිත් රිදවීමක් උනා නම් සමාව ඉල්ලනවා.

මම කෝච්චි පෙරේරා!

මොකක් කිව්වා....?? ලේලන්ඩ් එකක්...??
මූව ලේලන්ඩ් එකක් ලගින්වත් තියන්න පුලුවන්ද....??
දැන් දූවගෙන එයි.... සමයන් කියවයි..... කුරු කුරු ගායි.....!! 