ලෙඩ නැතුව පරිගණකය පාවිච්චි කරන හැටි මෙන්&#3505

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ලෙඩ නැතුව පරිගණකය පාවිච්චි කරන හැටි මෙන්&#3505

    woman-and-computer-194x250.jpg

    අද කාලේ ගොඩක් උපකරණ උපාංග නිර්මාණය කරන්නේ මිනිසුන්ට / භාවිතා කරන්නාට වෙන්න පුළුවන් අපහසුතා ඉතාම අවම මට්ටමේ පවතින විදියට.ඒත් පරිහරණයේ වැරදි නිසා ඇතැම් විට නොයෙකුත් ආබාධ සහ අපහසුතා ඇති වෙන්න පුළුවන්.

    මොනවද මේ පරිගණකය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලූ ?
    මාංශපේශි අස්ථී ආශ්‍රිත-
    මෙයට හේතුව පරිගණකය වැඩි වේලාවක් වැරදි ඉරියවුවෙන් භාවිතා කිරීමයි.

    පුනර්වර්තී ආතති පීඩාව-
    උරහිසේ සිට අතේ ඇගිලි දක්වා ඇතිවන වේදනාව මෙයයි. එම ස්ථානවල තද ගතියල ඉදිමුම, වේදනාව රෝග ලක්ෂණ ලෙස දැක්විය හැක. මෙයටත් හේතුවන්නේ නිවැරදි ඉරියවු අනුගමනය නොකිරීමේ හේතුවයි.

    කාපල දෝනා සහ ලක්ෂණය-
    අතේ ඇගිලිවල ඇතිවන හිරිවැටීම සහ වේදනාව රෝග ලක්ෂණ ලෙස හැදින්විය හැක. යතුරු පුවරුව නිවැරදිව භාවිතා නොකරීමත් නිවැරදිව ස්ථානගත කර නොතිබීමත් මෙයට හේතු වේ.

    පරිගණක දෘෂ්ටි සංලක්ෂණය-
    නොකඩවා පැය 6 ක් 7 ක් පමණ කාලයක් පරිගණකය භාවිතා කිරීම නිසා මෙම ආසාත්මිකතාව ඇතිවේ. ඇස් වියලීම,රතුවීම,කදුළු ගැලීම,පෙනුම අඩුවීමල හිසේ ඛෙල්ලේ හෝ කොන්දේ කැක්කුම මෙම රෝගයේ රෝග ලක්ෂණ වේ.

    හිසේ කැක්කුම-
    ඛෙල්ලේ මාංශ පේෂීන්ගේ ඇතිවන ආතතිය සහ ඇස්වල ඇතිවන වෙහෙසකාරී බව නිසා මෙය ඇතිවේ. මෙය පරිගණක භාවිතා කරන්නන් තුළ බහුලව දැකිය හැකිය.

    නිවැරදිව අත් පිහිටුවා ගත යුතු ආකාරය පහත පින්තූරයේ දැක්වෙනවා.

    geTRySB.png


    යතුරු පුවරුව සහ මූසිකය භාවිතා කිරීමේදී පහත උපදෙස් පිලිපැදීම සුදුසුයි.​

    ●සෞඛ්‍යාරක්ෂිත ලෙස සැකසු යතුරු පුවරු හා මුසික භාවිතා කිරීම.
    ●මැණික් කටුව රදවා ගැනීමට වාරුවක් භාවිතා කිරීම.
    ●අත්ල හා මැණික් කටුව සෘජුව පවත්වා ගනිමින් යතුරු ලියනය සිදු කිරීම.
    ●නිසි පරිදි විවේක ගැනීම

    ශරීරයේ පිටුපස ඇතිවන වේදනා කාරී තත්වය හා කොන්දේ සහ බෙල්ලේ ඇති වන වේදනාකාරී තත්වයත් පරිගණක පරිශීලකයන් මුහුණ දෙන තවත් අසීරු තත්වයක්.ඒ තත්වය පහත පියවර අනුගමනය මගින් වලක්වා ගන්නට පුළුවන්.


    FwkrMMn.png

    භාවිතා කරන ආසනය සැලකුවොත්,

    ●අවශ්‍ය පරිදි උස වෙනස් කිරීමේ හැකියාව තිබිය යුතුයි.
    ●හේත්තු වීමට සුදුසු ආකාරයෙන් පහසුකම් පිටුපසින් තිබිය යුතුයි.
    ●සිරු මාරු කල හැකි අත්වාරු තිබිය යුතුයි.
    ●හිදගෙන සිටීමේදී පාද නිතරම පොලව මත තබා ගත යුතුයි.
    ( උසින් වැඩිනම් පා පුටුවක් භාවිතා කරන්න පුළුවන්)
    ●හිදගෙන සිටීමේ දී සැම විටම කොන්ද හා බෙල්ල සෘජුව තබා ගත යුතුයි.

    පරිගණක තිරය ගැන සැලකුවොත්,
    ●ඇස් මට්ටමින් හෝ ඊට මදක් පහලින් සකස් කරගත යුතුයි.
    ●භාවිතා කරන්නා ගේ ඇස් තිරයේ සිට 20cm-30cm අතර දුරකින් ඇස් මට්ටමේ පවත්වා ගත යුතුය.
    ●අවශ්‍ය පරිදි කරකවා ඉහල පහල වම දකුණ ආදී දිශාවලට හරවා ගත හැකි විය යුතුය.
    ●දීප්තිය (Brightness)සහ විභේදනය (Contast) අවශ්‍ය පරිදි සකස් කරගැනීමට පහසුකම් තිබිය යුතුයි.

    SneqjxN.png
    Right%2BPosture%2BReminder.PNG


    මේ ගැටලු වලට අමතරව අපිට තවත් දක්නට ලැබෙන ආබාධයක් තමා ඇස් ආශ්‍රිත අපහසුතා
    පරිගණක දෘෂ්ටි සහලක්ෂය (computer vision syndrome ) විදියට මේ තත්ව හදුන්වනවා..
    ●වියලි ඇස් තත්වය
    ●ඇස් කැසීමේ තත්වය
    ●ඇස්වල ඇතිවන වේදනාකාරී තත්වය
    ●අපැහැදිලි පෙනීම
    ●ද්විත්ව දෘෂ්ටිය
    ඒ යටතේ ඇතිවෙන්න පුළුවන්.

    මේත් සමගම හිසේ කැක්කුම වැනි ආබාධ මතුවීමේ හැකියාවකුත් පවතිනවා.
    පරිගණක තිරයේ පිහිටිම මේ ආබාධ කෙරෙහි බොහෝ විට බලපානවා..ඒනිසා තිරය යටතේ දක්වපු කරුණු වැදගත් වෙනවා.

    මේ සමගම ම අක්ෂි අභ්‍යාසවල යෙදීම මගිනුත් මේ අපහසුතා අවම කර ගන්න පුළුවන්.​

    ●විටින් විට එක් එක් දුර පරාස වල පිහිටි වස්තු කෙරෙහි අවධානය යොමු කිරීම
    ●විටින් විට ඇස් වැසීම
    ●අවට පරිසරයේ ආර්ද්‍රතාවය සුදුසු විදියට පවත්වා ගැනීම

    පරිගණක භාවිතයේදි ‍විවේක ගැනීම ඉතාම අවශ්‍ය දෙයක් වෙනවා..දිගු වේලා නොකඩවා වැඩ කරලා දිගු විවේකයක් ගැනීමට වඩා වැඩ කටයුතු අතරවාරයේම කෙටි විවේක රැසක් ගැනීම සුදුසු යි.​

    මුලාශ්‍ර :- Aluth.com & discoveryblogzone
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,903
    11,648
    113
    very important keep it up machan

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    huge-thumbs-up-smiley-emoticon.gif
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    tfs
    ඇගිලි හිරි වැටෙනවා අර වෙන ලෙඩක් නම් තවම හැදිලා නෑ