විලාසිතා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    1. රන්ජන්ගේ ටයිට් හැට්ටෙ

    2-6.jpg


    අපේ සුපිරි හීරෝ රන්ජන් අයියාගේ මේ ඇඳුම දිහා බලන්න. සුපිරි ටයිට් මදිවට විනිවිදත් පේන හැට්ටයක් රන්ජන් අයියා ඇඳන් ඇවිත් තියෙන්නේ. වඩාත් විමසිල්ලෙන් බැලුවොත් පංචායුධයක පෙනුම ගත්ත පෙන්ඩනයක් සහිත මාලෙකුත් පැළඳගෙන. ඒ මදිවට අතක Nike ලාංඡනය සහිත අමුතුම අත් පටියක්.තවත් විමසිල්ලෙන් මේ හැට්ටය දිහා බලන් හිටියොත් Teenage mutant ninja turtle එකේ එන ලියනාඩෝගෙ මූණත් ඔයාලට මතුවෙලා පෙනේවි.
    රංජන් මේ විදිහට ඇඳ පැළඳගෙන ගිහින් නටන්නෙත් නිකම්ම නිකම් පුද්ගලයෙක් එක්ක නෙමෙයි. ලංකාවේ තරුණයන්ව වසඟ කරගෙන ඉන්න යුරේනි නොශිකත් එක්ක. බලන්න යුරේනිගෙ මුහුණ දිහා. මේ දැන් පුපුරන්න යන බැලුමක් වගේ තියන රන්ජන් අයියගෙ බඩ දිහා නොබල ඉන්න ලොකු උත්සාහයක් ගනිමින් ඉන්න බවක් තමයි යුරේනිගෙ මූණෙන් පේන්නෙ. පවු නේද යුරේනි අක්කා?
    අඩුම තරමෙ අර පිටිපස්සට වෙලා නටන රෙනෝර් ද සිල්වගෙ කෝට් එකවත් ටික වෙලාවකට ණයට ඉල්ලගන්න තිබ්බනේ නැද්ද?

    විලාසිතා අංක 2. සුරේන්ද්‍රගේ ලුමිනස් බොම්බෙමුටයි Hair

    3-6.jpg


    පොඩිකාලෙ ක්‍රිකට් ගහද්දි ඔලුවෙ වැදිච්ච ටෙනිස් බෝලයකට උපහාර

    මේ තමයි අපේ ජනප්‍රිය ගායක සුරේන්ද්‍ර තමන්ගෙ උපන්දියක් සමරන්න කරපු හෙයා ස්ටයිල් එකක්. මේවගේ හෙයා ස්ටයිල් එකක් දකින්න අපිත් ඉපදිලා තිබ්බ එක වාසනාවන්තයි කියල හිතෙනව මේක දැක්කම. ලුමිනස් කොළපාට බොම්බයි මුටයි ටිකක් ඔලුව උඩ තියාගෙන වගේ. සුරේන්ද්‍ර මොනව හිතාගෙන මේ වගේ ස්ටයිල් එකක් කලා කියලද ඔයාලට හිතෙන්නෙ?. ඇපල් ගෙඩියක් ඔලුව උඩ තියන් ඉන්න උන විලියම් ටෙල්ගෙ පුතාව සිහි කරන්න වෙන්න බැරිද? එහෙමත් නැත්නම් අවතැන් වෙච්ච කුරුල්ලන්ට තාවකාලික නිවහනක් සපයන්නද? පොඩිකාලෙ ක්‍රිකට් ගහද්දි ඔලුවෙ වැදිච්ච ටෙනිස් බෝලයකට උපහාර වශයෙන්ද?

    විලාසිතා අංක 3. ලංකාවේ වෙදර් (weather) සහ අනූෂාගේ ලෙදර්

    4-6.jpg


    බලන්න අපේ ජනප්‍රිය නිලි අනූෂා දමයන්තිගේ මේ ෆැෂන් දිහා. රතු ලෙදර් ජැකට් සහ කලිසම්, තාර බූට් යුගලක්, රෙස්ලිං චැම්පියන් කෙනෙක්ගෙ වගේ බෙල්ට් එකක්. මේක හරිම හොට් විලාසිතාවක් කියල හඳුන්වන්න පුලුවන්. විශේෂයෙන් ලංකාවෙ ගිණි රස්නෙ ගහන දවල් වෙලාවකදී එහෙම කියන්න පුලුවන්. ලංකාවට කෙසේ වෙතත් ජෝජ් ආර් මාටින්ගෙ ගේම් ඔෆ් ත්‍රෝන් ලෝකයේ එන කාසල් බ්ලැක් එක වගේ සීත පරිසරේකට නම් හොඳටම ඔරොත්තු දෙන විලාසිතාවක් කියන්න පුලුවන් මේ ඇඳුම.

    4. සාරී කා Fail සා…

    5-6.jpg


    දමිතාගේ මේ සාරි විලාසිතාව දකිනා ඕනෑම කෙනෙක් මුලින්ම පත්වන්නේ මනෝභ්‍රාන්තිමය තත්ත්වයකටය. සාරිය පොට අඹරා අඳින ලද අමුතුම විලාසිතාවක්ය උරහිසට පහලින්ද නළල් තලයේද ගෙලෙහිද විවිධාකාර ආභරණ දක්නට ලැබේ. නළලේ දිග අතට ඇඳි තිලකයකි. මේ දැන් නාලා ඉවරවී ආවාක් මෙන් හිස මුදුනට වන්නට අතරින් පතර කොළපාටද පෙනන රතුපාට රෙද්දක් බැඳ ඇත.. පිස්සන් කොටුවකින් කළින් ටිකට් කපාගෙන පැමිණ සැරසෙන ලද විලාසිතාවක්දැයි සැක සිතෙන තරමටම විචිත්‍රය.

    5. බුහ් හහ් හහ් හා…. චංචලා හෙවත් ඩ්රැකියුලාගේ නිවුන් සොයුරිය

    6-4.jpg


    බය උනාද? නෑ නේද. හොල්මන් චිත්රපටයක් අතර එකපාරටම මතුවන භූතයෙක්ට කියාපු විලාසිතාවකින් සැරසිලා ඉන්නෙ වෙන කවුරුවත් නෙමේ සිනමා නිළි චංචලා වර්ණසූරිය. කලුපාට ඇඳුමකුත් ලේ රතුපාට නිය සහ තොල් ආලේපනත් සැර මේකප් එකත් අපට වැම්පයර් කාන්තාවක් සිහි කරනව.

    6. මිස් එල්විස්

    7-2.jpg


     
    • Like
    Reactions: tvw25