සිංහ ලේ hijacked?

monson

Well-known member
  • May 7, 2007
    25,494
    28,303
    113
    සිංහ ලේ මැඩිල්ලේ මහින්දලාගේ තුරුල්ලේ

    සිංහ ලේ නමින් මේ වන විට පවත්වාගෙන යන සිංහල බෞද්ධ ජාතිවාදී ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ව්‍යාපාරිකයන් පිරිසක් විසින් නිර්මාණය කර ඇති බවට තොරතුරු රැසක් හෙළිදරව් වී තිබේ.

    මේ සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ ආරංචි මාර්ග පවසන්නේ සමාජ ජාලා හි මේ සම්බන්ධයෙන් තොරතුරු බෙදාහරින මූලාශ‍්‍ර පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත් ටී ෂර්ට් ස්ටිකර් මුද්‍රණය කර බෙදා හැරීමේ ජාලයට සම්බන්ධ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුද හඳුනාගෙන ඇති බවය. ඒ අතර මාධ්‍ය හිමිකරුවකු ද සිටින බව අනාවරණය වේ. මෙම ව්‍යාපාරයට නායකත්වය දෙනු ලබන්නේ මැඩිල්ලේ පඤ්ඤාලෝක නමැති භික්ෂුවක් වන අතර ඔහු පසුගිය කාලයෙහි රාජපක්ෂ රෙජිමය රැකගැනීම වෙනුවෙන් දැඩිව වෙහෙසුණු අයකු වේ. සිංහල රාවය නම් ජාතිවාදී සංවිධානයේ මහලේකම් ලෙස ද ඔහු කට යුතු කළ අතර රාජපක්ෂ රෙජීමය සමයේ දි සිදු කළ නීතිවිරෝධී හා කලහකාරී හැසිරීම නිසා අධිකරණයෙන් චෝදනා ලැබුවකු වේ. මෙම සිංහල රාවය සංවිධානය ජාතික හෙළ උරුමයට අනුබද්ධ සංවිධානයක් බව ද ඒවකට හෙළිව තිබිණි. සිංහ ලේ නමින් වන ස්ටිකරයක් වාහනයක අලවා ගන්නේ නම් රුපියල් 2000 ක මුදලක් ද මෙම සිංහ ලේ ව්‍යාපාරිකයන් විසින් ගෙවනු ලැබේ. මේ වෙනුවෙන්ම වෙබ් අඩවියක් ද සකසා ඇත. රුපියල් කෝටි ගණනක මුදලක් මෙම ව්‍යාපාරය වෙනුවෙන් යොදවා ඇති අතර එම මුදල් පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විය හැකි බවට ද මේ වන විට සොයා බලමින් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

    මේ අතර පසුගිය 28 වන දා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී රාජිත සේනාරත්න මහතා ද මේ කරුණ අවධාරණය කළ අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වන බවත් මෙම ව්‍යාපාරය පිටුපස රාජපක්ෂවරු සිටින බවත් ඔහු ප‍්‍රකාශ කළේය.


    - http://www.sathhanda.lk/news/1510-2016-01-30-08-35-41
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,494
    28,303
    113
    "සිංහලේ" ස්ටිකරයක් මගින් නැවත කතාබහට ලක්වුණු "සිංහලේ" රැල්ලක් වශයෙන් ගොඩ නැගුනු අතර එයට මුලිකවුණු පුද්ගලයන් සිංහලේ බලමුළුව ලෙසින් කිසිදා දේශපාලනය නොකරන බවත්, සිංහලේ රැල්ල දේශපාලනයට ගැති නොකරන බවත් පවසමින් තවත් භික්ෂුන් වහන්සේලා කිහිප දෙනකු සමග ඊයේ මාධ්‍ය සාකච්චාවක් පවත්වන ලදි.

    නමුත් සිංහලේ බලමුළුවේ සභාපති පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමි සහ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන භික්ෂුන් වහන්සේලා ඉතාම මෑතදීත් මෙරට පක්‍ෂ දේශපාලනයේ ක්‍රියාකිරීන් ලෙස කටයුතු කළ හිමිවරුන් දෙදෙනෙකි.

    සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් ලෙස කලක් කටයුතුකළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි සිංහල රාවය දෙකඩ කිරීමට ගත් උත්සාහයක ප්‍රතිපලයක් ලෙස එයින් ඉවත් වීමට සිදුවිය.

    සිංහල රාවයෙන් ඉවත්වීමෙන් පසුව "සිංහලේ ජාතික පෙරමුණ" ලෙස දේශපාලන පක්ෂයක් අරඹා කටයුතු කල මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පුජ්‍ය අතුරලියේ රතන හිමිගේ සගයකු වන අතර පසුගිය මහමැතිවරණයට යහපාලනය සමග එක්වී හෙළ උරුමයෙන් අපේක්ෂකත්වය ලබාගැනීමට උත්සහ කලත් එය අසාර්ථක විය. අනතුරුව බොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාගැනීමට උත්සහ කළත් අතීත ක්‍රියාකලාපය හොදින් දන්නා බොදු බල සේනා නිලධාරීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි. කෙසේ හෝ දේශපාලන බලයක් ලබාගැනීමේ ආශාව හේතුවෙන් සිංහල ජාතිකත්ව සටන පරාජය කිරීමට උත්සහ දරන දේශද්‍රෝහී "මහාරාජා" සිරස මාධ්‍ය ආයතනයේ අතකොළුවක් වන බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ ජනසෙත පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් විය. අනතුරුව "සිංහලේ" රැල්ල දඩමීමා කරගෙන නැවත කරලියට පැමිණීමට උත්සහ ගනිමින් සිටියි.

    සිංහල රාවය ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ලෙස කටයුතුකල යක්කලමුල්ලේ පවර හිමිද සිංහල රාවය දෙකඩ කිරීමට කටයුතු කලබව සුප්‍රසිද්ධ රහසකි. ජාතික හෙළ උරුමේ ඕමල්පේ සෝභිත හිමි සහ රතන හිමි සමග ඉතා සමීප හිතවතෙකු වුණු පවර හිමියන් පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව "යහපාලනය" ගොඩනැගීම සදහා පාඨලී චම්පික රණවක සමග විශාල කැපවීමකින් කටයුතු කළ කරනලදි.

    මේ ආකාරයට බලන විට සිංහලේ රැල්ල "හයි ජැක්" කලේ ප්‍රතිපත්තියක් නැති, යහපාලන බළල් අතින් බව සුපැහැදිලි කාරණයකි. ඉතාමත් කෙටි කලකදී "සිංහලේ" නමින් රැල්ලක් ඇතිවූයේ ස්වභාවිකවමය. ලක්ෂ ගණනක් තරුණ තරුණියෙන් සිංහලේ යනුවෙන් ගසාගත්තේ හදවතින්මය. එක් තරුණයෙකුගේ සිතේ මතුවූ සිතුවිල්ල මහා ප්‍රවාහයක් වී මින් පෙර නොවූ ජාතික පිබිදීමක් ඇතිවිය. පක්ෂ බේදයෙන් තොරව විදේස් රටවල සිංහලයන් පවා සිය දහස් ගණනින් ඒ වටා එකතු විය.

    එනමුත් දැන් සිදුව ඇත්තේ කුමක්ද? සිංහලේ රැල්ල ගොඩනැගීමට මුල් වූ තරුණයන්ද බිළිබාගෙන තවත් පිරිසක් "සිංහලේ" නමින් ජනප්‍රිය වූ ස්ටීකරය TradeMark එක ලෙස යොදාගෙන සිංහලේ රැල්ල තමන්ගේ ව්‍යාපෘතියක් බව රට හමුවේ ප්‍රකාශ කිරීමය. සිංහලේ" රැල්ල ගොඩනැගුවේ පෙරේදා පැවති මාධ්‍ය හමුවේදී හඳුන්වාදුන් සංවිධානයේ ප්‍රචාරක ව්‍යාපෘතියක් විලසින් යැයි ඒත්තු යන විදිහේ ප්‍රකාශ එම රැල්ලට මුල්වූ ෆේස්බුක් පිටුවේද ප්‍රචාරය කිරීම නිසා තමන් රැවටීමකට ලක්වූ බව සිතාගෙන බොහෝ පිරිස් "සිංහලේ" ස්ටීකරය ගලවා දමමින් සිටින බවද දැනගැන්මට ලැබී ඇත. රට වටේ ලක්ෂ ගණනක් සිංහල තරුණ තරුණියන් "සිංහලේ" ස්ටීකරය ගැසුවේ සංවිධානයක සාමාජිකයන් වීමට නොවන බව පැහැදිලි කාරණයකි. මේ ආකාරයෙන් සිංහලේ රැල්ල හරහා ජාතියක් ලෙස එක්ව නැගී සිටිම උදාවූ දුර්ලභ අවස්ථාව යහපාලන බළල් අත්වල ගොදුරු වීමට ඉඩ නොදිය යුතුය. -ආනන්ද සිරිමෙවන්-


    - http://www.helabima.lk/readit.php?as=234&locationid=1453010244
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පොලිස් බුද්ධි අංශ වල තොරතුරු සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න පුළුවන් ද ඕයි ?
    මීහරක් පැටව් ටිකක් මුන් නම් මහ
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    12631511_10205485464403719_7194106268495405608_n.jpg
     

    Similar threads