සිංහ ලේ මැඩිල්ලේ මහින්දලාගේ තුරුල්ලේ
සිංහ ලේ නමින් මේ වන විට පවත්වාගෙන යන සිංහල බෞද්ධ ජාතිවාදී ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ව්‍යාපාරිකයන් පිරිසක් විසින් නිර්මාණය කර ඇති බවට තොරතුරු රැසක් හෙළිදරව් වී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ ආරංචි මාර්ග පවසන්නේ සමාජ ජාලා හි මේ සම්බන්ධයෙන් තොරතුරු බෙදාහරින මූලාශ‍්‍ර පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත් ටී ෂර්ට් ස්ටිකර් මුද්‍රණය කර බෙදා හැරීමේ ජාලයට සම්බන්ධ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුද හඳුනාගෙන ඇති බවය. ඒ අතර මාධ්‍ය හිමිකරුවකු ද සිටින බව අනාවරණය වේ. මෙම ව්‍යාපාරයට නායකත්වය දෙනු ලබන්නේ මැඩිල්ලේ පඤ්ඤාලෝක නමැති භික්ෂුවක් වන අතර ඔහු පසුගිය කාලයෙහි රාජපක්ෂ රෙජිමය රැකගැනීම වෙනුවෙන් දැඩිව වෙහෙසුණු අයකු වේ. සිංහල රාවය නම් ජාතිවාදී සංවිධානයේ මහලේකම් ලෙස ද ඔහු කට යුතු කළ අතර රාජපක්ෂ රෙජීමය සමයේ දි සිදු කළ නීතිවිරෝධී හා කලහකාරී හැසිරීම නිසා අධිකරණයෙන් චෝදනා ලැබුවකු වේ. මෙම සිංහල රාවය සංවිධානය ජාතික හෙළ උරුමයට අනුබද්ධ සංවිධානයක් බව ද ඒවකට හෙළිව තිබිණි. සිංහ ලේ නමින් වන ස්ටිකරයක් වාහනයක අලවා ගන්නේ නම් රුපියල් 2000 ක මුදලක් ද මෙම සිංහ ලේ ව්‍යාපාරිකයන් විසින් ගෙවනු ලැබේ. මේ වෙනුවෙන්ම වෙබ් අඩවියක් ද සකසා ඇත. රුපියල් කෝටි ගණනක මුදලක් මෙම ව්‍යාපාරය වෙනුවෙන් යොදවා ඇති අතර එම මුදල් පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විය හැකි බවට ද මේ වන විට සොයා බලමින් තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ අතර පසුගිය 28 වන දා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී රාජිත සේනාරත්න මහතා ද මේ කරුණ අවධාරණය කළ අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු වන බවත් මෙම ව්‍යාපාරය පිටුපස රාජපක්ෂවරු සිටින බවත් ඔහු ප‍්‍රකාශ කළේය.
- http://www.sathhanda.lk/news/1510-2016-01-30-08-35-41