මිදුල

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මිදුල-

මොහොමඩ්,අහමඩ් අපි උඹලා
මතකද හිටියා එකතුවෙලා
ගෞරි ආවේ පිම්මටා
සෙනුරි සමගින් අත්වැල් අල්ලා

ගනේෂ් ගාවයි තිබ්බේ පිත්ත
බෝල දුන්නේ බාප්පයි කපිල
පිල්ලේ මාමා දුන්නු කහට
හරිම රහයි අදටත් අපට

දැන් නුඹලා ගෙවල් දෙකක
අපි ඉන්නේ තව ගෙදරක
පොඩි කාලේ හිටි විලසට
ඉමුකො අපිත් එක මිදුලක

-මාලන් විදානපතිරණ
 
Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හොඳ අදහසක්..මේවා දානකොට ෆොන්ට් පොඩ්ඩක් විතර පොඩි කරලා දාන්න මල්ලි .
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    හොඳ අදහසක්..මේවා දානකොට ෆොන්ට් පොඩ්ඩක් විතර පොඩි කරලා දාන්න මල්ලි .

    බොහොම ස්තුතියි අගය කිරීමට. කණගාටුයි වෙච්ච දේ ගැන.මට ෆොන්ට් සයිස් එක කීයක්වෙන්න ඕනිද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    බොහොම ස්තුතියි අගය කිරීමට. කණගාටුයි වෙච්ච දේ ගැන.මට ෆොන්ට් සයිස් එක කීයක්වෙන්න ඕනිද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්.

    ෆොන්ට් size 3 හෝ 4 වගේ දාන්න..එතකොට රස වින්දනයට බාධාවක් වෙන එකක් නැහැ.
     
    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    ෆොන්ට් size 3 හෝ 4 වගේ දාන්න..එතකොට රස වින්දනයට බාධාවක් වෙන එකක් නැහැ.

    බොහොම ස්තුතියි. මං හැමෝම ගැන හිතලයි අර විදිහට කලින් දැම්මේ.ඊළඟ පාර ඉඳන් ඒ සයිස් එකෙන් දාන්නම්