මම කර කර හිටිය රස්සාව 2008දි නැති උනා කොම්පැනිය බංකොලොත් වෙලා කියලා. (ඒ උනාට ඒක බොරුවක්) 2008 කියන්නේ මට වයස 21යි. ඊට පස්සේ රස්සාවක් නැතුව බොහෝම අමාරුවෙන් තමා ගැටගහගෙන හිටියේ. ගෙදරින් සහ වයිෆ් ගෙන් බස් එකේ යන්නත් සල්ලි ඉල්ලගෙන. පස්සේ වයිෆ් ගේ ඔෆිස් එකේ (ඒ කාලෙ ගර්ල් ෆ්රෙන්ඩ්) ශෝරූම් එකක් තිබුනා යුනිටි ප්ලාසා එකේ. 1st floor එකේ. එස්කලේටර් එකෙක් ඇතුල් වෙච්චි තැන තිබුන ශොප් එකේ කෙරවලේ කෑල්ලේ. ඉස්සරහම ශොප් එක. මතක උන් ඇති ඒ කාලේ යුනිටියේ ඇවිදලා තියෙනවා නම්. ඕකේ රස්සාවක් හම්බුනා. රුපියල් 9000යි පඩිය. උදේ 9 ඉඳං රෑ 7 වෙනකං එක දිගට වැඩ. මැනේජර්ට හිටියේ මට වඩා අවුරුද්දක් වැඩිමල් කොල්ලෙක්. මාර්කටිං ඩිග්රී ගසලා අම්බානම කාර්කටිං කොලිෆිකේශන් තියෙන ඩයල් එකක් නම් නෙමෙයි. හැබැයි සුපිරි වෙළෙන්දා.. අදටත් මගේ හොඳම යාලුවෙක්. මට එලකිරිය ගැන ඉස්සෙල්ලම කීවෙත් ඌ තමා. හතරදෙනෙක් වැඩ කරපු ශොප් එකේ දෙන්නෙක්ම නැවතුනා. දැං අපි දෙන්නා විතරයි. මැනේජර් සහ මම. යුනිටි එකේ ඉස්සරහම ශොප් එක. නිකන් ඇතුලට එන උනුත් මොකක් හරි බිජ්ජක් බොරුවට හරි අහගෙන එනවා ඉස්සරහම ශොප් එක නිසා. කියන්න ඕනේ නෑ නෙ සෙනඟ සහ වැඩ කන්දරාව ගැන. සේල්ස් තිබුනා හොඳට. හතරක් උන්නු තැන දෙන්නෙක් ගෙන් අදිනකොට කොහොමද අමාරුව?
සහලෝලා උණ තියාගෙන වැඩට ගිහින් තියෙනවා. වෙවුල වෙවුල වැඩ කරලා තියෙනවා. ඒත් අතෑරියේ නෑ. අරූට කෙල වෙන්න දීලා දාලා ආවේ නෑ. මට එහෙම වැඩ කරන්න උවමනාවක් තිබුනේ නෑ. පර්මනන්න්ට් ස්ටාෆ් නෙමෙයි මම ඒ ඔෆිස් එකේ හිටියේ. මට පහු වෙනිදට නවතින්න ඕනේ නම් නවතින්න තිබුනා. ඒත් එහෙම කැ* වැඩ කරන්න හිත දුන්නේ නෑ අරූ අමාරුවේ වැටිලා ඉන්නකොට. කොහොම හරි දෙන්නෙක් වැඩට අරගන්නකන් මාස 04ක් එක නිවාඩුවක්වත් නැතුව අපි දෙන්න වැඩ කරා. මම අස් වෙනකොට තවත් එකෙක්ව දාලා තමා ජොබ් එක මාරු කරේ. මාරු කරා කියන්නේ බොසා හෙඩ් ඔෆිස් එකට ගත්තා මාව. යුනිටි එක් හිටිය කාලේ තමා කාලේ. මගේ ජීවිතේ පට්ටම කාලේ ඒ. ඒ ගත්තු අත්දැකීම් කවමදාකවත් කොහෙන්වත් ලැබෙන්නේ නෑ. අපේ මිගාරයාගේ පිසී හවුස් කේස් එක ගියේ ඔයි කාලේ තමා

මිගාරයා ඉස්කෝලේ යන කාලේ ඉඳං මගේ යාලුවා මගේ.
මේ කථාව මතක් උනේ කිඹුලයියා මුහුන දීලා තියෙන ප්රශ්ණේ නිසා. දැං කාලේ හැදෙන උන් මෙලෝ රහක් නෑ කියන්නේ මම කට කහනවට නෙමෙයි. නිකං ඉඳලා පඩි ගන්න තියෙනවා නම් මොකුත් ඕනේ නෑ. රස්සාවක් හොයනව. හොයලා දුන්නම දාහක් ජාති අහනවා. උන්ගේ නිති වලට යටත් වෙලා රස්සා හොයන්න ඕනේ.
නෙද්දකිං මෙහෙව් කාලකන්නි...