ARPICO ප්‍රෝඩාව

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මීට මාස 2කට පමන පෙර නත්තල වෙනුවෙන් ලංකාවේ නමගිය ආයතනයක් වන ආර්පිකෝ https://www.facebook.com/arpicosupercentre විසින් Facebook එකේ සියලු වියදම් සමග 4දෙනකුට නොමිලේ පිටරට සවාරියක් පිළිබද ව්යාජ තරගයක් පැවැත්වුනා. ඔවුන්ගේ තරග නීති වල අනුව ඔවුන්ගේ nominated brands භාණ්ඩ මිලදී ගත් විට වැඩිපුර points 2ක් ලැබෙන බව කියවුනා. එක ඔවුන්ගේ තරග පින්තූරය වියයුතු අතර සෑම ලයික් 10කටම එක point එකක් ලැබෙන බව පැවසුනා.

    තරගය අවසන් වන්නේ දෙසැම්බර් 15 බවත් පැවසුන නමුත් එක්විටම කිසිවෙකුටවත් නොදන්වා තරගය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරුනෙ Fansලාගෙ ඉල්ලීම නිසා බව පවසමින් නමුත් කිසිවෙක් නිසා නොව ඔවුන්ගෙ හිතුමතෙ ගත් තීරනයක් බව පැහැදිලිවම පෙනුනා. හදිසියේම එය points නොව Draw එකක් බවට පත්වුනා එක්විටම තරගයේ නීති වෙනස් වුයේ තරගකරුවක් සියල්ල රවටමින්. ඔවුන්ගේ අරමුණ වුයේ ප්‍රසිද්ද වීම හා භාන්ඩ විකුණා ගැනීමයි.
    දෙසැම්බර් 31 අවසන් වූ තරගයේ ප්‍රතිපල ලැබුනේ පෙබරවාරි 6වනදා වූ අතර තරගය වෙනුවෙන් මහන්සි වී මුදල් හා කාලය වැය කල තරගකකරු වන්ගේ උත්සාහය අපතේ යවමින් පොයින්ට්ස් අඩුවෙන්ම ලබාගත් කෙනෙකුට ජය ලබා දුන්නා. තරගය ඉතාම දුර්වල ලෙස සංවිදානය කොට තිබු අතර එය පාරිබෝගිකයින් සම්පුරණයෙන් නොමග යවා භාන්ඩ විකුණා ගැනීමක් විය. ලංකාවේ නමගිය ආයතනයක් පාරිබෝගිකයින් රැවටුයේ මේ අයුරිනි. මොවුන්ගේ මෙවැනි තරග බොහොමයක් ඇති අතර මෙවැනි ආයතන ඔවුන් පිළිබද ලැජ්ජාවට පත් විය යුතුය.

    ymafl.jpg

    33u5sg9.jpg

    2qlh1qt.jpg

    16gl542.jpg
     
    Last edited:

    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    ඉතින් දැන් උඹලා ආර්පිකෝ යන්නෙ නැද්ද?
    තවම යනවා නෙ?
    ලොල්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,117
    16,967
    113
    වෙළෙන්දෝ කොහොමත් කපටියි තමා බං.ඒක ලොකුද පොඩිද කියලා වෙනසක් නැහැ.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    528
    113
    ලන්ඩන් වත්ත
    යකෝ තව ඉලව්වකටද හොන්කොන්ග් ඩිස්නි ලන්ත බලන්න යන්නෙ බන්. අපි දැන් ඉන්න ඩිස්නිලන්තෙ තියන ෆන් එක ඔය එක රටක වත් නැතිව ඇති. ඒක නිසා ඔය ලැබිච්ච නැති දෙවල් වලට හුල්ලෙන්නෙ නැතිව ඔය 7.30 / 8.00 නිවුස් බලල පත්තර කැලි ටිකක් බලපන්. ලොවෙත් නැති ආතල් එකක් ගත්තහැකි:yes::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    යකෝ තව ඉලව්වකටද හොන්කොන්ග් ඩිස්නි ලන්ත බලන්න යන්නෙ බන්. අපි දැන් ඉන්න ඩිස්නිලන්තෙ තියන ෆන් එක ඔය එක රටක වත් නැතිව ඇති. ඒක නිසා ඔය ලැබිච්ච නැති දෙවල් වලට හුල්ලෙන්නෙ නැතිව ඔය 7.30 / 8.00 නිවුස් බලල පත්තර කැලි ටිකක් බලපන්. ලොවෙත් නැති ආතල් එකක් ගත්තහැකි:yes::yes:
    සහතිකම ඇත්ත. ඊයේ පෙන්නුවා තඩි හරකෙක් පාවි-පාවි මුහුදේ නානවා. :lol: :lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Oya likes walin contests thiyanancompany poddakwath wishwasa karanna epa.
    Anith eka Hong Kong Disneyland yanna echchara wiyadamak yanne na. Bing Kong flights ehemath Godak adui Cathay Pacific eke. Arpico ekata bana bana inne nathuwa Disneyland yanna one nam thamange wiyadamin giyama iwarai.
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Oya likes walin contests thiyanancompany poddakwath wishwasa karanna epa.
    Anith eka Hong Kong Disneyland yanna echchara wiyadamak yanne na. Bing Kong flights ehemath Godak adui Cathay Pacific eke. Arpico ekata bana bana inne nathuwa Disneyland yanna one nam thamange wiyadamin giyama iwarai.

    අනිවා බන්. කවදාවත් ඔය තරඟ වලින් දෙයක් දිනලා ගොඩ යන්න ඉන්න එපා බන්. උන්ගේ එවුන්ම තමයි අන්තිමට දිනන්නේ. හොඳම වැඩේ තමන්ගේ අතේ සල්ලි වලින් ගිහින් එන එක. ඒ මදිවට ලජ්ජා නැද්ද බන් ඔය එක එකාගේ ads facebook එකේ දාගෙන නෝන්ඩි වෙන්න. දැන් බලපන් උඹ උන්ගේ ad ඒකත් දාල අන්තිමට හුලන්. අනික හිතපන්කෝ උඹේ facebook යාලුවොන්ට උඹ ගැන මොනවා හිතෙන්න ඇද්ද කියලා.

    ඒ නිසා මම නම් කියන්නේ කරන දෙයක් කීයක් හරි එකතු කරන් කරන්න කියලා. :yes:
    :yes::yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    යකෝ තව ඉලව්වකටද හොන්කොන්ග් ඩිස්නි ලන්ත බලන්න යන්නෙ බන්. අපි දැන් ඉන්න ඩිස්නිලන්තෙ තියන ෆන් එක ඔය එක රටක වත් නැතිව ඇති. ඒක නිසා ඔය ලැබිච්ච නැති දෙවල් වලට හුල්ලෙන්නෙ නැතිව ඔය 7.30 / 8.00 නිවුස් බලල පත්තර කැලි ටිකක් බලපන්. ලොවෙත් නැති ආතල් එකක් ගත්තහැකි:yes::yes:

    පට්ට කියමන . ඔව්බන් අපි ඉන්නේ අතල් ඩිස්නිලන්තෙක නේ.