ගුවන් මගීන්ගේ ගමන් මළු
ගුවන් මගීන්ගේ ගමන් මළු
( Main Luggage and Hand Luggage)
සාමාන්‍යයෙන් එක් මගියෙක් සඳහා වර්ග දෙකක ගමන් මළු ගෙන යාමේ හැකියාව මගියාට ලැබෙනවා. ඒ ගුවන් යානයේ ගමන් මළු ගෙන යාම සඳහා වෙන් වන කොටසේ අසුරා ගෙන යන ගමන් මල්ල සහ අතේ ගෙන යා හැකි ගමන් මල්ල ලෙස.
1. Hand Luggage
2. Main Luggage
ගුවන් යානයේ ගමන් මළු ගෙන යන කොටසේ යැවිය හැකි බෑගය (හෝ කීපය) පළමුවෙන්ම ගනිමු. මේ සඳහා සාමාන්‍යයෙන් නොමිලේ ගෙන යා හැකි ප්‍රමාණය ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස දැක්වුව හොත් Qatar Airways වල එය කි.ග්රෑ. 20 ක් පමණ වන විට Air Arabia සමාගමේ ගුවන් යානයක එය කි.ග්රෑ. 30 ක් පමණ වෙනවා. නමුත් මේ ප්‍රමාණයත් මගියාගේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. දීර්ඝ කාලයක් සඳහා විදේශ ගත වන ශිෂ්‍යයෙක් නම් වඩා වැඩි ප්‍රමාණයක් ගෙන යාමේ හැකියාවක් තිබෙනවා. එසේ නැතිනම් වදේශයක පදිංචියට යන්නේ නම් ද වැඩි ප්‍රමාණයක් ගෙන යා හැකියි.
මෙම බෑගයේ ආරක්ෂක අංශ වලින් ඉඩ ලබා දෙන ඕනෑම දෙයක් ගෙන යා හැකියි. නමුත් මෙහිදී අන්තර්ජාතික ගුවන් සේවා සංවිධානය මගින් පනවා ඇති නීති රීති ද සැලකිල්ලට ගත යුතු වෙනවා. එම ආයතනය මගින් සමහර භාණ්ඩ ගෙන යාමත් සමහර භාණ්ඩ වලින් ගෙන යා හැකි ප්රමාණයනුත් සීමා කර තිබෙනවා. (ඒක වෙන දවසක ලියන්නම්) මෙම බෑගය සැකසීමේදී සැළකිය යුතු විශේෂ කරුණ වන්නේ එක් බෑගයක් 32kg වලට වඩා ඉක්ම නොවිය යුතුය. එයට හේතුව ජාත්‍යන්තර කම්කරු නීති වලට අනුව එක් කම්කරුවෙකුට එසවිය හැකි බර ප්‍රමාණය 32kg වලට සීමා කර තිබිමයි. ඒ අනුව යම් අයෙකුට 32kg වලට වඩා ගෙන යාමට අවශ්‍යය නම් එය කොටස් වලට වෙන් කර (32kg කොටස්) සකසා ගත යුතුය.
යම් අයෙකුට වැඩිපුර භාණ්ඩ ගෙන යාමට අවශ්‍ය නම් ඒ සදහා කිසිදු තහනමක් නැති මුත් ගුවන් සමාගමට ඒ සඳහා වීශාල මුදලක් ගෙවිය යුතු වෙනවා. මෙම මුදල් ප්‍රමාණය ගමනාන්තය සහ ගුවන් සමාගම අනුව වෙනස් වෙනවා. එම මුදල සමහර විට එක් කිලෝ ග්‍රෑමයක් සඳහා රු. 800/- සිට රු. 3000/- පමණ වෙනවා.
අතේ ගෙන යා හැකි ගමන් මල්ලේ උපරිම බර 7kg පමණයි. මෙම බෑගයේ ආහාර වර්ග ආදියත් තහනම් නොවන ගුවන් භාණ්ඩත් ගෙන යා හැකියි.
බොහෝ මගීන් හැකි සෑම දෙයක්ම තමාගේ ගමන් මළු වලට ඔබාගෙන පැමිණීමටඋත්සහ කරනවා. නමුත් අවාසනාව වන්නේ බොහෝ මගීන් මෙම භාණ්ඩ අවසානයේදී ගුවන් තොටුපලේම හැර දමා යාමයි. එලෙසම ඔවුන් කාර්ය මණ්ඩලයට ද කරදර කරනවා තම බෑගය කෙසේ හෝ භාරගන්නනා ලෙසට. නමුත් ඔවුන්ට එසේ කළ නොහැකිය. නැතහොත් තමන් සමග ගමන් ගන්නා වෙනත් මගියෙකුට මෙම භාණ්ඩ ඔහුගේ පුමාණයට ඇතුලත් කිරීමට උත්සහ කරනවා. මෙය නම් යම් සධාරණ ක්‍රියාවක්. නමුත් එසේ භාණ්ඩ ලබා ගන්නා පුද්ගලයා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මන්ද එය සමහර විට අනවශ්‍ය කරදරයක් විය හැකියි.
මෙසේ එක් මගියෙකුට ගෙන යා හැකි බර ප්‍රමාණය ටිකට් පතේ මුද්‍රණය කර තිබෙනවා. එය උදාහරණයක් ලෙස 20K හෝ 20kg ලෙස සටහන් වෙනවා. මේ සියළුම විස්තර ගුවන් ටිකට් පත ලබා ගන්නා නියෝජිත ආයනයෙන් ලබා ගත හැකියි.
ඒවගේම යම් බිඳෙන සුළු දෙයක් ගෙන යාමට අවශ්‍ය නම් එය වෙනම අසුරා ගුවන් ටිකට් පත් පරීක්ෂා කරන නිලධාරීන්ට එය දැන්විය යුතුය. එවිට එය ඔවුන් බිඳෙන සුළු භාණ්ඩයක් ලෙසට සදහන් කර ගුවන් යානය වෙත යොමු කරනු ඇත.
තවද සෑම බෑගයකම වීවෘත කර හැකි ස්ථාන ඉබි යතුරු දමා ආරක්ෂා කර තිබීම සුදුසුය. තවත් අවශ්‍ය වන්නේ නම් මූළු බෑගයම සෙලේෆේන් වලින් ආවරණය කර ගත හැකිය. මේ සඳහා අවශ්‍ය පහසුකම් ගුවන් තොටුලළේ සපයා ඇති අතර එක් බෑගයක් සඳහා රු. 500/- ක් අයකෙරේ.
තවත් දෙයක් සඳහන් කිරීමට අවශ්‍යයි. තමාට අතේ ගෙන යාමට ලැබෙන ගමන් මල්ලේ අත්‍යවශ්‍යම දෙයක් දමා ගන්න. මගේ පෞද්ගලික මතය නම් ඇඳුමකුත් එහි අඩංගු විය යුතු බවයි. මන්ද හදිසියේවත් විශාල ගමන් මල්ල අස්ථාන ගත වුවහොත් එය පිහිටක් වන බැවිනි.(හදිසියේවත් ගමන් මල්ල අස්ථාන ගත වුවහොත් එය වහාම අදාල ගුවන් සමාගමට දන්වන්න. එය සොයා දීමට ඔවුන් අපොහොසත් වුව හොත් ඒ සඳහා වන්දියක් ඔවුන් ගෙවාවි. එසේ ප්‍රතික්ෂේප කල හොත් ඒ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් ප්‍රවාහන සහ නීති කටයුතු අංශයට ලිඛිතව දන්වන්න. 0112441522)
ඒ වගේම මේවා ගෙනියන්න එපා
කෙසේ වෙතත් අවසානයේ සඳහන් කළ යුත්තේ තමන්ට ගෙන හා හැකි බර ප්‍රමාණයත් ගෙන යා හැකි දේවලුත් පිළිබදව දැනුවත් වීම මගින් අනවශ්‍ය ප්‍රමාදයන් වලක්වා ගත හැකි බවයි.
සිංහල ජාතියට ජය වේවා !!!

Last edited: