Streets Foods in Sri Lanka

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    කන්න කන්න ආස හිතෙන මගතොටේ ගන්න තියෙන කෑම ජාති 6ක්.

    පාරෙ විකුණන කෑම ජාති ලංකාවෙ හැම පාරකම දකින්න ලැබෙන්නෙ නම් නැහැ. ඒවාට වෙන්‍වුනු විශේෂ තැන් තියෙනවා. කටට රහක් තියෙන්න කන්න කැමති, නිදහසේ ඒ කෑම රස විඳින්න කැමති, දුහුවිල්ලට බයක් නැති කට්ටිය ලංකාවෙ ස්ට්‍රීට් ෆුඩ් ජාති ටෙස්ට් කරන්න ගොඩක් මනාපයි. ඒ නිසා දැක්කොත් මේ දේවල් ට්‍රයි කරල බලන්න අමතක කරන්න එපා. මොකද අතට හරියන ගානකට, දිවට හරියන රස දෙන, හිතට හරියන කෑම පහක් අනිවා ලියන්නෙම ඒ නිසයි.

    1. ඉස්සො වඩේ


    x246j4.jpg


    වඩේ කරත්තවල දකින ඉස්සො වඩේ එක වගේ පොඩි මහත ඉස්සො වඩේ එකක් ගැන නෙමෙයි මේ කියන්නෙ. මේව ටිකක් ලොකු පැතලි ඉස්සො තුන් දෙනෙක් විතර ඉන්න වඩේ එකක්. ගාන රුපියල් හතලිහක් විතර. ඒ වගේම මේක විකුණන තැන්වල කකුළුවො වඩේ එකක් වගේම කූනිස්සො වඩේ එකකුත් ගන්න පුළුවන්. ඒ වෙලාවෙ තෙලට දාලා රත් කරල දෙන මේ වඩේ එක උඩින් කැරට් ටිකක් සහ ලූනු ටිකක් ග්‍රේට් කරල දෙනව වගේම උඩින් දාන මිරිස් රස සෝස් එකටත් මේකෙ රස වැඩිවෙනවා. කටට කෙළ උණනවා වැඩි නිසා ලියන එක නතර කලාට කද්දි ගත්තු ෆොටෝ එකක් අනිවා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වැඩිපුරම හොයාගන්න පුළුවන් වෙන්නෙ ගෝල් ෆේස් කිට්ටුවෙන් වුනත් දැන් මිනිස්සු අතර මේ රහ ජනප්‍රිය නිසා ගොඩක් තැන් වලින් හොයාගන්න පුළුවන්.

    2. අච්චාරු

    ixxbfp.jpg


    සමහරු හිතන්නෙ අච්චාරු කන්න කැමති බඩදරු අම්මල විතරයි කියල. එහෙම නැහැ ලොකු පොඩි ඕන කෙනෙක් අච්චාරු කන්න ආසයි. ඒ වගේම දැන් අච්චාරු වෙනුවෙන්ම කඩ හැදිලා තියෙනවා. දිවුල්, අන්නාසි, ලොවි, අඹ, අඹරැල්ලා වගේ පළතුරු විනාකිරි, සීනි, ලුණු, මිරිස්, ගම්මිරිස් එක්ක තියෙනකොට කොහොමවෙතත් මේටික කියවෙනකොටත් කටට කෙළ ඉනුවා නේද? අච්චාරු නං ඉතිං බාලිකා පාසල් ගාව වගේම ඕනම මිනිස්සු ගැවසෙන තැනක තියෙනවා.

    3. ටේස් රොටිය

    2nrh3q0.jpg


    මේක සාමාන්‍ය යීස්ට් රොටියක්. ඒත් රත් කරපු යීස්ට් රොටියක් නිකං හපන කොටත් අමුතු රහක් තියෙන්නෙ. ඒවගේම මේක පිරෙන්න ගාපු තුනපහ, මිරිස්, ගම්මිරිස් සැර සෝස් එක නිසා මේක උගුරෙන් පහලට බහින්නෙ ඇඟට දාඩියත් දම්මවන ගමන්මයි. මේක කද්දි රස විඳ විඳ ගොඩක් වෙලා ඉන්න හිතෙන තරම් මේක අශ්වාද ජනකයි. මේක උඩටත් ලූනු ටිකක්, කැරට් ටිකක් වගේම මිරිස් රස වැඩි වෙන්න අමු මිරිස් කෑල්ලකුත් එකතු වෙනවා. මේකෙ ගානත් රුපියල් හතලිහක් විතර. හැබැයි ඉතිං රස දිව්‍ය ලෝකෙ රස පරාදයි. ගෝල් ෆේස්, කොම්පඤ්ඤවීදියෙ වගේම, ටවුන් හෝල් කිට්ටුවත් තියෙනව. ඒ නැතත් ටවුන් අවට මිනිස්සු ගැවසෙන තැන්වල මේ රොටි කරත්ත උවමනා තරම් දැකිය හැකියි.

    4. ඕබිට්ස් ඩෝනට්ස්

    2dm81f4.jpg


    ඕබිට්ස්ලගෙ මිනි ඩෝනට්ස් කන්න නං පූරුවෙ පින් කරල තියෙන්න ඕන. කන්වෙන්ෂන් සෙන්ටර් එකේ සමහර දාට දකින්න පුළුවන් වගේම මේගොලොන්ගෙ අවුට්ලට් එකක් මැජස්ටික් සිටියෙත් තියෙනව. හැබැයි එතනින්න කනකොට නං ඔන්න මේක ස්ට්‍රීට් ෆුඩ් එකක් වෙන්නෙ නැහැ. මේකෙ රසවත්ම ටික තමයි ඩෝනට් එක හැදෙන විදිය බලාගෙන ඉන්න එක. ඒ වගේම තමයි සීනි ටිකක් ඉහල එන මේ ඩෝනට් එක කෑවම ඉතිං ඇබ්බැහි වෙන එක වලක්වන්න බැහැ.

    5. ෂවර්මා

    24yqtfa.jpg


    කරකවපු රොටියක් මැද්දෙ ලූනු සහ සලාද කොල එක්ක හැපෙන මස් කටක රස බලන්න දවසේ ඕනම වෙලාවක් ඔට්ටුයි. මේ රස එක එක මිල ගණං වලට වෙළඳ පොලේ තියෙනවා. ඉස්සර විජේරාම හන්දියේ රුපියල් 60ට තිබ්බට, දැන් දැන් ටික ටික ගණං වැඩි වෙලා. තවත් රසට කන්න හොයනවනං කෙබාබ් චිකන් එක්ක කොම්පඤ්ඤවීදියේ බර්ගර්ස් කිං එකෙන් කන්නත් පුළුවන්. රස හොයන කට්ටිය ආසාවෙන් කන කෑමක් විදියට ෂවර්මා හඳුන්වන්න පුළුවන්. අයිස් මයිලෝ එකක් එක්ක උගුරෙන් පහලට බස්සගන්න තිබ්බනං මරු.

    6. මැද්ද පලපු උළුඳු වඩේ

    dfama.jpg


    මේ‍ක තියෙන්නෙ කලින් කියපු ඉස්සො වඩේ කරත්ත වල නෙමෙයි. ඒ කරත්තවල තියෙන උළුඳු වඩේ ටිකක් ලොකු වැඩියි. මේ තියෙන්නෙ පාරෙ තල්ලු කරගෙන යන වඩේ කරත්තවල. ගාන වෙන්නෙ රුපියල් දහයක් විතර. එවෙලේ බැදපු පොඩි උළුඳු වඩේ එකක් දෙකට කපලා ගාලා දෙන සම්බොලෙ එක්ක ඕන තරං වඩේ කන්න පුළුවන්. සමහරු මේව හවසට කන්න කියල ගත්තට, කන්න ගත්තට පස්සෙ දහයක් විතර කාල රෑට කාගන්න බැරිවෙච්ච අවස්ථාත් තියෙනවා අවවාදයයි. ඇබ්බැහි වන සුළුයි! බොරුල්ල පැත්තෙ දකින්නත් පුළුවන්. එහෙම විශේෂයෙන් කියන්න ඕන නැහැ. ගොඩක් වෙලාවට බාර් ගාවදි මේ කරත්ත දකින්න පුළුවන් වගේම නිකං පාර අයිනෙත් දකින්න පුළුවන්.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Nature is bitch women fat is stored in their butt and boobs so they seems attractive.Why the fk the nature didn't store fat in out biceps or likewise places to be attractive.Instead gave us a huge ass belly.