දකුණු චීන මුහුදේ ආරවුල

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දකුණු චීන මුහුදේ ආරවුල

    TDNNRYR.jpg

    පසුගිය දශක කිහිපය තිස්සේ නැගෙනහිර ආසියානු රටවල් කිහිපයක් අතර නොසන්සුන්කම වර්ධනය වීමටත් ආරවුල දිගින් දිගටම නරක තත්ත්වයට පත්වීමටත් හේතුවී තිබෙන ප්‍රදේශයක් වන්නේ දකුණු චීන මුහුදයි.පසුගිය වසර කිහිපය තිස්සේ චීනය සහ අසල්වැසි රටවල් දකුණු චීන මුහුදේ තමන්ගේ අයිතිය වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදිණි.නව දූපත් නිර්මාණය කිරීම,තිබෙන දූපත් පුළුල් කිරීම සහ ප්‍රහාරක,ඔත්තුබලන යානා වෙනුවෙන් එම දූපත්වල ගුවන් පථයන් ඉදිකිරීම ආදිය සිදුකෙරේ.චීනය මෙම මුහුදු ප්‍රදේශයේ සිදුකරන හමුදා ක්‍රියාකාරකම් නිසා එක්සත් ජනපදයත් චීනයත් අතර සම්බන්ධතා පීඩනයට ලක්වී තිබේ.



    දකුණු චීන මුහුද යනු?

    දකුණු චීන මුහුද පිහිටා තිබෙන්නේ පැසිෆික් සාගරයේ බටහිර කෙළවරේ ආසියාවේ ගිනිකොණදිග ප්‍රදේශයේය.දකුණු චීන මුහුද වර්ග සැතපුම් මිලියන 1.4ක් පුරාවට පැතිර තිබේ.එහි ගල්පර ,දූපත්,අතොළු(අයිතිය සම්බන්ධව ආරවුල් පවතින අතොළු වන්නේ Spratly Islands, Paracel Islands ,Scarborough Shoal ආදියයි.)

    KMygPxy.png
    දකුණු චීන මුහුද​

    FhrfDdV.jpg
    Scarborough Shoal​





    දකුණු චීන මුහුදේ අයිතිය වෙනුවෙන් සටන් වදින්නේ කවුද?

    දකුණු චීන මුහුද වටා තිබෙන චීනය,තායිවානය,පිලිපීනය,මලයාසියාව,ඉන්දුනීසියාව සහ වියට්නාමය ආදී රටවල් එහි පිහිටා ඇති දූපත්,අතොළු,ගල්පර ආදියට තමන්ට තිබෙන උරුමය ප්‍රකාශ කරයි.1947 දී චීනය විසින් සිතියමක් ප්‍රකාශයට පත් කරමින් එම මුහුදු ප්‍රදේශය සම්බන්ධ තමන්ගේ අයිතිය කියා පෑවේය.ඔවුන් එහිදී සම්පුර්ණ දකුණු චීන මුහුදම තමන්ගේ යැයි කීහ.නමුත් අනෙකුත් ආසියානු රටවල් චීනයේ හිමිකම් කීමට විරුද්ධ විය.වියට්නාමය,පිලිපීනය සහ මලයාසියාව Spratly Islands දූපත්වලට තමන්ට තිබෙන හිමිකම ප්‍රකාශ කර සිටියි.

    wlbCPRD.jpg
    පේනවා නේද චීනා තමන්ගේ මුහුදු සීමා කොයිතරම් දුරට පුලුල් කරගෙන තියෙනවද කියලා​

    UKjIP3J.png
    Paracel සහ Spratly Islands දූපත්​

    Paracel සහ Spratly Islands දූපත් වෙනුවෙන් තමන්ට තිබෙන අයිතිය පෙන්වීමට සියවස් ගණනක් පැරණි සිතියම් තමන් සතුබව වියට්නාමය කියා සිටියි.ඒ අතර තායිවානය ,චීනය සතු මුහුදු ප්‍රදේශවලට තමන්ට තිබෙන අයිතිය ප්‍රකාශ කර සිටියි.

    q3FGjUh.png
    චීනුන් දකුණු චින මුහුදට තමන්ට තිබෙන අයිතිය ප්‍රකාශ කරන 1947දී ඉදිරිපත් කලා යැ‍යි කියන සිතියම​





    මෙම මුහුදු ප්‍රදේශය මෙතරම් වැදගත් වන්නේ ඇයි?

    දකුණු චීන මුහුද යනු ලොව වැදගත්ම වෙළඳ මාර්ග වැටී තිබෙන මුහුදකි.ආසන්න වශයෙන් ඇ.ඩො. ට්‍රිලියන 5ක් පමණ වටිනා දෑ වසරක් තුල මෙම මුහුද හරහා ප්‍රවාහනය කරයි.අනෙක් වැදගත්ම කාරණාව වනුයේ ප්‍රදේශයේ තිබෙනවා යැ‍යි කියන බොර තෙල් සහ ස්වභාවික වායු සංචිතයි.එක්සත් ජනපදයේ බලශක්ති දෙපාර්තුමේන්තුවට අනුව මෙහි තෙල් බැරල් බිලියන 11ක බොර තෙල් සහ ස්වාභාවික වායු කියුබ් අඩි ට්‍රිලියන 190ක් පමණ දකුණු චීන මුහුදේ තිබේ.

    FkwBOnZ.png
    දකුණු චීන මුහුද ඔස්සේ වෙළඳ නෞකා ගමනාගමනය​

    NHEd6fP.png
    දකුණු චීන මුහුදේ තෙල් සහ වායු සම්පත(ඇස්තමේන්තු වලට අනුව)​





    ජාත්‍යන්තර නීතිය

    1982 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත් මුහුදු ප්‍රදේශ සම්බන්ධ අයිතියට අදාල ගිවිසුමට (UNCLOS) අනුව රටකට ඔවුන්ගේ වෙරළේ සිට නාවුක සැතපුම් 200ක් දක්වා මුහුදු ප්‍රදේශයක අයිතිය ලැබේ.එම ප්‍රදේශය exclusive economic zone නමින් හඳුන්වයි.එම මුහුදු කලාපය තුල අදාල රටට ධීවර කටයුතු සිදුකිරීම,තෙල් සහ ගෑස් කැණීම සහ අනෙකුත් නාවික කටයුතු සඳහා අවසර හිමිවේ.

    චීනය ,වියට්නාමය,පිලිපීනය සහ මැලේසියාව මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.නමුත් එක්සත් ජනපදය තවමත් මෙම ගිවිසුම පිළිගෙන ඊට තම අත්සන යොදා නැත.ඊට හේතුව අදාල ගිවිසුම ඔස්සේ එක්සත් ජනපදයේ නාවික මෙහෙයුම්,වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම අහුරා ලීම ඇතුලු අවාසි රැසක් ඇතිවන නිසාය.

    තමන්ගේ exclusive economic zones කලාපවල සිට විදෙස් රටවල නාවික හමුදා සහ හමුදාවල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට තමන්ට අයිතියක් තිබෙන බව චීනය ප්‍රකාශ කරයි.නමුත් එම අර්ථකථනය බැහැර කරන එක්සත් ජනපදය කියා සිටින්නේ සියලුම රටවලට තම තමන්ගේ කලාපවල මුහුදේ සහ ගුවනේ නිදහසේ ගමන් කිරීමේ අයිතිය තිබෙන බවයි.

    YuqnL9w.png
    UNCLOS ගිවිසුමට අත්සන් නොකල රටවල් රතු පැහැයෙන් පෙන්වා තිබේ.​





    මෙම මුහුදු කලාපයට තමන්ට තිබෙන හිමිකම් ප්‍රදර්ශනය කිරීමට ඒ ඒ රටවල් සිදුකරන ක්‍රියාවන් මොනවාද?

    කලාපයේ රටවල් කිහිපයක්ම තමන් දැනට අල්ලාගෙන සිටින දූපත් අතොළු ආදිය පුළුල් කීරීමට හෝ කෘත්‍රීම දූපත් නිර්මාණය කිරීමට යොමුව තිබේ.ඒ ඔස්සේ ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ආර්ථික කලාපයේ(exclusive economic zones)පළල වැඩිකර ගැනීමයි.චීනය,වියට්නාමය,පිලිපීනය,තායිවානය සහ මැලේසියාව දකුණු චීන මුහුදේ දූපත්වලට භාණ්ඩ ප්‍රවාහන,ඔත්තුබලන සහ ප්‍රහාරක යානා ගොඩබැස්වීමට හැකි විශාල ප්‍රමාණයේ ගුවන් පථ ඉදිකර තිබේ.මේ බව තහවුරු කරන චන්ද්‍රිකා ඡායාරූප පසුගිය සමයේ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කෙරිණි.

    am2d4aj.jpg
    Paracel දූපත්වල චීනයේ පාලනයට නතුවූ Woody දූපත​

    දකුණු චීන මුහුදේ නොසන්සුන්බව වැඩි කරන්නේ චීනය බලහත්කාරයෙන් තමන්ට අයිතියක් නොමැති මුහුදු ප්‍රදේශ ආක්‍රමණය කිරීමයි.අසල්වැසි රටවල මුහුදු ප්‍රදේශවලට පවා තමන්ට හිමිකම් තිබෙන බව චීනුන් ප්‍රකාශ කරයි.මේවන විට චීනය මෙම ප්‍රදේශයේ දුපත් 7ක් පමණ පුලුල් කර තිබේ.වෙබ් අඩවියට අනුව 2014 සිට මෙම දූපත් ප්‍රසාරණය සිදුකෙරේ.

    RIfHfmJ.jpg
    ගුවන් පථයක්ද සහිත චිනයට අයත් දූපතක්(මෙය නම් ගල් පරය විශාල කර නිර්මාණය කර තිබේ)​

    GxxdfGH.jpg
    දකුණු චීන මුහුදු ප්‍රදේශයේ පිලිපීන හමුදාව​

    මේවන විට දකුණු චීන මුහුදේ චීනය අයිතිවාසිකම් කියන විශාලතම භූමිය වන්නේ Mischief(Mischief Reef )නම් ගල්පරයයි.වෙබ් අඩවියට අනුව එය වර්ග අඩි මිලියන 60 විශාලය.පසුගිය වසරේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව චීනය එහි තුන්වන ගුවන් පථයකුත් නිර්මාණය කරමින් තිබේ.එහිදී හෙළිවූ තවත් වැදගත් කරුණක් වන්නේ Paracel සහ Spratly දූපත්වල චීනය විසින් ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල සහ අධි සංඛ්‍යාත රේඩාර් පද්ධති සවිකර තිබීමයි.

    Nd1PPib.jpg
    Spratly Islands​

    Xp83kAJ.jpg
    පිලිපීන ජනපති Ma Ying-jeou ගුවන් හමුදා ගුවන් යානයකින් Taiping දූපත දෙසට ගමන් කරන අයුරු​

    m4L0b3t.jpg
    පිලිපීනයට අයත් දකුණු චීන මුහුදේ Taiping දූපත(ගුවන් පථයක්ද සහිතය)​

    Paracel දූපත්වලට අයිතිවාසිකම් කීමේදී චීනය සහ වියට්නාමය අතර මාරාන්තික යුදමය ගැටුමක් ඇතිවීමේ අවස්ථා දෙකක් 1974 සහ 1988 දී වාර්තා විය.​

    CBQqXHs.jpg
    වම්පස: Paracel Islands දකුණු පස:Crescent Group​





    මේ ආරවුල එක්සත් ජනපදයට මෙතරම් වදවීමට කාරණයක් වන්නේ ඇයි?

    එක්සත් ජනපදයට දකුණු චීන මුහුදේ කිසිදු අයිතියක් නොමැතිවුවද ප්‍රදේශය කෙරෙහි ඔවුන්ගේ දේශපාලනික සහ ආර්ථික ඇලුම්කමක් තිබේ.වාර්ෂික ඩො.ට්‍රිලියන 1.2ක පමණ ඇමෙරිකානු භාණ්ඩ දකුණු මුහුද ඔස්සේ ප්‍රවාහනය කෙරේ.පිලිපීනයේ ආරක්ෂාවට අවශ්‍ය සහාය සපයන බවට එක්සත් ජනපදය ,පිලිපීනය සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබේ.පිලිපීනය සහ චීනය Mischief ගල්පරය වෙනුවෙන් අයිතිවාසිකම් කියන රටවල් දෙකකි.

    චීනය කලාපයේ ස්ථාවරත්වය බිඳ දමමින් තමන්ට අයිතියක් නොමැති ප්‍රදේශවලට හිමිකම් කීම කෙරෙහි එක්සත් ජනපදය විසින් චීනය වීවේචනය කර තිබේ.ඇමෙරිකාව හමුදා සහ බුද්ධි තොරතුරු රැස්කරන ඒකක මෙම කලාපයට එවා තිබෙන බව කියවේ.

    Hx6DO31.jpg
    Mischief Reef​





    මෙම ආරවුල යුද්ධයක් දක්වා දුරදිග යෑමට හැකියාවත් තිබේද?

    දෙවන ලෝක යුද සමයේදී ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය කෝප ගැන්වූයේ අග්නිදිග ආසියාවේ සම්පත් කෙරෙහි බැල්ම හෙළීමත් සමගයි.වර්තමානයේදී ඊට සමාන සිද්ධියක් චීනය විසින් සිදුකරන බව පෙනෙන්නට තිබේ.ඔවුන් තමන්ට අයිති නැති විශාල මුහුදු ප්‍රදේශයකට හිමිකම් කියන බව ඔබටම පෙනෙනවා ඇති.චීනුන් තම අසල්වැසියන්ගේ මුහුදු සීමාද ආක්‍රමණය කර තිබේ.

    EsPPh0v.jpg
    John Kerry සහ Wang Yiගේ හමුව​

    මෙම දකුණු චීන මුහුදේ ආරවුල හමුවේ චීනය සහ එක්සත් ජනපදය අතර සබදතා අනතුරකට ලක්ව තිබේ.2015 ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපදයේ නියාමක මිසයිල සහිත වර්ගයේ නෞකාවක් චීනය සතු කෘත්‍රීම දූපතක් වන Subi(Reef) ආසන්නයෙන් යාත්‍රා කර තිබේ.එම දූපත හිමිකම් කියන මුහුදු ප්‍රදේශය නාවික සැතපුම් 12කි.මෙම සිද්ධියට ප්‍රතිචාර ලෙස චීන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපදය ප්‍රදේශයේ සිදුකරන මැදිහත්වීමට එරෙහිව දූපතේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය පියවර ගන්නා බවයි.ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කිරීමට තමන්ට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා තව තවත් නාවික අභ්‍යාස මෙම මුහුදු ප්‍රදේශයේ සිදුකරන බව එක්සත් ජනපද නිවේදනය කර තිබේ.

    7Ps0mmx.jpg
    චීනයට අයත් දූපත Subi Reef​

    මෙම අර්බුදයට පිලියමක් සෙවීමට පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද-චීන හමුවක් සිදුකරන ලදි.එයට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සහ චීන විදේශ ඇමති වැන්ග් යි මෙට් සහභාගී විය.වොෂින්ටන් නගරයේ පැවති මෙම සාකච්ඡාවේදී දකුණු චීන මුහුදේ අර්බුදකාරී තත්ත්වයට සාමකාමී විසඳුමක් ලබාගැනීමට චීනය එකඟවු බව ජෝන් කෙරී පවසා තිබේ.ඕනෑම ආරවුලක් සාමකාමීව විසඳා ගත යුතුබව එම මාසයේම පැවති අග්නිදිග ආසියා සමුළුවේදී බැරක් ඔබාමා අවධාරණය කර තිබිණි.චීන ජනපති ෂි ජින්පින්ග් පසුගිය වසරේදී කියා සිටියේ සාකච්ඡා ඔස්සේ මෙම ආරවුල සාමකාමීව විසඳා ගැනීමට බලාපොරොත්තුවන බවයි.



    Source:Huffingtonpost.com

    -HarshaLulzSec-
     

    amilamadusanka123

    Well-known member
  • May 14, 2015
    1,693
    136
    63
    වැදගත් ත්‍රෙඩ් එකක්
    Rep +

    මචං, මං උඹේ හැම ත්‍රෙඩ් එකක්ම කියවනවා.
    ඒත් අද තමයි Rep එකක් දෙන්න පුළුවන් වුනේ.
    :)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Good Post bro..
    Thanks

    වැදගත් ත්‍රෙඩ් එකක්
    Rep +

    මචං, මං උඹේ හැම ත්‍රෙඩ් එකක්ම කියවනවා.
    ඒත් අද තමයි Rep එකක් දෙන්න පුළුවන් වුනේ.
    :)
    Thanks
    මම හිතුවේ කට්ටිය Geopolitic වලට කැමැත්තක් නෑ කියලා

    Good Post !!!
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    patta machan asawen kiyewwa..

    thanks

    adath rep denna balu..
    Thanks

    Thanks