රටකජු

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    රටකජු දිනපතා ආහාරයෙන් හෘදයාබාධ අඩුවේ...

    HUSK-PEANUTS-large.jpg


    රටකජු ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත. සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතර ආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනි රෝගවලින් සියයට 30 කින් අඩු කර ගත හැකියැයි එම පර්යේෂකයෝ පෙන්වා දෙති.

    රටකජු වැඩිපුර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රමාණය සියයට 17 කින් පමණ ද අඩු කර ගත හැකි බව සොයාගෙන ඇත.ඇමරිකානු සහ චීන විද්‍යාඥයින් එක්ව කරණ ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ඉහත කී ඇට වර්ග දිනපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.

    චිනයේ හුවා සොන් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකාවේ බොස්ටන් හි හාවර්ඩ් විද්‍යායතනයේ පර්යේෂකයන් මෙම අධ්‍යනය කර ඇත.

    එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ හෘදයාබාධ වලින් නොමේරූ ළදරු මරණ සහ පිළිකා මගින් විය හැකි මරණ සියයට 11 කින් අඩුකර ගැනීමට ද ඇට වර්ග ආහාරයට ගැනීම හේතුවන බවයි.

    රටකජුවල හිතකර කොලෙස්ටොරොල් (low density lipoprotein) වැඩි බවත්, ශරීරයේ ප්‍රදාහයන් අඩුවන බවත්, හදවත අවට රුධිර නාලවල ශක්තිය වැඩි කරවන බවටත් සොයාගෙන තිබේ. 1981 සිට 2002 දක්වා දියවැඩියාව ඇති කාන්තාවන් 6000කගේ ආහාර රටා දත්ත හා ඔවුන්ගෙන් ආඝාතය (stroke) හා හදවත් රෝග වැළඳුන් සංඛ්‍යාවන් විශ්ලේෂණය කිරීමේදී රටකජු ආහාරයට ගත කාන්තාවන්ට මෙම භයානක රෝග අඩුවෙන්ම වැළඳූ ඇති බව සොයාගැනුනා.
     

    kingdewi

    Well-known member
  • වෙන්න පුළුවන් මචන් , හැබැයි කන්න කලින් හොඳට බලන්න පුස් කාපුවද කියල . මොකද අපේ ගොඩක්ම විකුනන්න තියෙන්නේ මේවා !හොඳට බැලුවොත් විතරයි පෙන්නේ , පියලි දෙක වෙන්කරලා ~~~
    මොකද පුස් කාපු වල තියෙනවා ඇෆ්ලටොක්ෂින් කියල විෂක් , මේක පිළිකා කාරකයි !!!
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වෙන්න පුළුවන් මචන් , හැබැයි කන්න කලින් හොඳට බලන්න පුස් කාපුවද කියල . මොකද අපේ ගොඩක්ම විකුනන්න තියෙන්නේ මේවා !හොඳට බැලුවොත් විතරයි පෙන්නේ , පියලි දෙක වෙන්කරලා ~~~
    මොකද පුස් කාපු වල තියෙනවා ඇෆ්ලටොක්ෂින් කියල විෂක් , මේක පිළිකා කාරකයි !!!

    මමත් අහල තිෙයනවා