ෆ්ලයිඩුබායි ශොකාන්තය..
පයිලට් සහ කො පයිලට් දෙන්නටම ගැබිනි බිරින්දැවරු.. කැප්ටන් ඇරිස්ටො ගේ බිරිදට පුතෙක් ඉපදෙන්න ඉන්නවලු. කොපයිලට් ඇලහැන්ඩ්‍රො ගේ බිරිදට ටුවින්ස්ලා.. පව් ජීවිත. කැප්ටන්ගේ ෆ්ලයිඩුබායි එයාර්ලයින් එකේ අවසන් ෆ්ලයිට් එකලු. සදුදා ඉදන් රයන් එයාර් එකේ වැඩ කරන්න ඉදලා තියෙන්නේ.. පේන හැටියට කාලගුනේ තමා හරස් වෙලා තියෙන්නේ. ඒත් සුපුරුදු පරිදි බජට් ගුවන්සේවා වල බජට් එක මිනිස් ජීවිත වලට එහා ගිය සෙල්ලම හිතලා නොකලත් මෙතනත් වෙලා තියනවා. එයාර්පොට් එකට විනාඩි ගානකට කලින් යුරාල් එයාර්ලයින් එකෙයි එස් සෙවන් එයාර්ලයින් එකෙයි ෆ්ලයිට්ස් බාලා තියෙන්නේ තුන්පාරකට වැඩිය ට්‍රයි කරලා.. ක්‍රැස්නොඩර් එයාර්පොට් එකට ඩයිවර්ට් කරන්න පුලුවන්කම තියෙද්දිත් නරක කාලගුනයේදි අමාරුවෙන් හරි ට්‍රයි කරන තීරනය පයිලට් ගන්න ඇත්තේ බජට් එයාර්ලයින් එකක තියන බජට්කම හින්දම වෙන්නත් ඇති.. මේ ෆ්ලයිට් එකේ ඉන්දියන් අලුත බැදපු කපල් එකකුත් ඉදලා තියනවා. ඒ දෙන්නව රොස්ටොව් ඔන් ඩොන් වල අයුර්වේද ස්පා එකක වැඩ කරන දෙන්නෙක්. නිවාඩුවට ඉන්දියාවට ඇවිත් ආපහු යන ගමන්. මේ දෙන්නව දක්කම මතක් උනේ, ගොඩක් බජට් එයාර්ලයින් යුස් කරන්නේ නිවාඩුවට ගෙදර යන හරි ෆස්ට් ටයිම් වැඩට රට යන හරි බැක්පැකර් ටුවරිස්ට්ලා හරි.. ඩොලර් 100ක 200ක අඩුවට තමන්ගේ ජීවිතය බජට් එයාර්ලයින්වල මැනේජ්මන්ට් එකට බාරදෙන්න එපා. කොච්චර හොද එයාර්ලයින් එකක් උනත් බජට් කියන්නේ හැම අතින්ම ඩොලර් එකක් උනත් අඩු කරගන්න බලනවා එයාලා. පයිලට්ලා වරදි නැති උනත්, මේ සිද්දියෙදි වගේ එයාර්පොට් ඩයිවර්ට් කරන සිද්දි වලදි බජට් එයාර්ලයින් කොහෙත්ම ඒ අමතර වියදම දරන්න ලැස්ති නැ. ඒ නිසා යන්න කලින් චූට්ටක් හිතන්න.. සාමාන්ය ගුවන්සේවා කඩන් නොවැටෙනවාම නෙමෙයි. නමුත් බජට් එයාර්ලයින් බජට් වෙන්නේ ඔන්බොඩ් මීල් එකටයි ඩ්‍රින්ක් එකටයි විතරක් නෙමෙයි කියන එක මතක තියාගන්න..