මම කාගෙවත් ඉදුල් කාවෙත් නැ .කාලා වැඩකුත් නෑ සහෝ..මම මෙහෙම අහන්නම්කො ...ලංකාවට තියෙන ලොකුම සහ එකම ප්‍රශ්නය මහින්දගේ හොරකම් ද .?
ඒ ප්‍රශ්නේ අනුව ගත්තොත් මේ ආණ්ඩුව සම්පුර්නයෙන්ම අසාර්ථකයි .එල්ල කරපු චෝදනා එකක්වත් ඔප්පු කරලා තාම කිසිම කෙනෙක් අත්අඩංගුවට ගත්තේ නෑ .මහින්දට එරෙහිව චන්දෙ දුන්න බහුතරය චන්දෙ දුන්නේ මහින්ද හොරකම් කළා , මහින්ද වටේ ඉන්න අය හොරකම් කළා කියන අදහස නිසා .ඒ අදහස ඇති කලේ UNP එක.ඒ නිසාමයි ඒ කරපු චෝදනා දැන් ඔප්පු කරන්න බැරි වෙනකොට මිනිස්සු බනින්නේ .
මේ ආණ්ඩුව කරපු හොද දේවල් තියෙනවා .එක කාටවත් නෑ කියන්න බෑ .
- හොද විදේශ ප්‍රතිපත්තියක් තියෙනවා
- ස්වාධින කොමිෂන් පත් කරලා තියෙනවා
- 100% නොවුනත් නිතිය කලින්ට වඩා ක්‍රියාත්මක වෙනවා
- යම් තරමකට ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා.( කලින් මහින්දට බනින්න බැරි උනාට දැන් රනිල්ට බනින්න බය නෑ )
- සාපේක්ෂව දැනුම තියෙන මන්ත්‍රී පිරිසක් ඉන්නවා .නමුත් රට පාලනය පිළිබද අත්දැකීම් නෑ
අනිත් දේ තමයි අපේ මිනිසුන්ට මතකවත් නැති උනාට මේ දවස් වල ජිනීවා මානව හිමිකම් කවුන්සලය රැස් වෙලා ඉන්නේ ..අද එදා වගේ බයක් නෑ ලංකාවේ .අඩුමගානේ මහින්දවත් ඒ ගැන කතා කරේ නෑ..දැන් ඒ ප්‍රශ්නේ යම් තරමකට සුභදායි විධිහට විසදිලා .මම හැමදාමත් විස්වාස කළා මහින්ද ඒ වෙලාවේ වැඩ කරපු විධිහ වැරදි .චීනයේ හයිය අරගෙන අපි ලොකු සීන් එකෙන් ඉදලා ඕවා විසදන්න බෑ ..
මේ රජයේ අඩුපාඩුත් තියෙනවා ..
- තාමත් හැම දේටම මහින්ද කියා කියා ඉන්නවා
- තාමත් මහින්ද හොරා කැවා කියා කියා ඉන්නවා
- ETCA ගිවිසුම ගැන කරුණු හංගනවා
රජය කියන විධිහට මේ ETCA ගිවිසුමේ හැටියට ඉන්දියාවෙන් ඇවිල්ලා ලංකාවේ රැකියා වලට ඉල්ලන්න දෙන්නේ නෑ කියලානේ..ඔව් එක හරි ....එත්
1 - ඉන්දියාවේ ඉදන් ලංකාවට සේවය දීම
2 - ලංකාවට ඇවිල්ලා අවශ්‍ය සේවය දීලා අපහු යන එක
3 - ලංකාවට ඇවිල්ලා එයාලගෙම ආයතනයක් ආරම්භ කරලා එමගින් සේවය දීම
කියන ටික වෙනවා ..වෙන්නේ නැත්තේ ලංකාවේ තියෙන රැකියා වලට ඉන්දියාවේ අය ගන්න බැරි එක.එයාලට රැකියා දෙන්න පුළුවන් වෙන්නේ ලංකාව තුල එයාලම ආයතනයක් හදන්න ඕනි...එතකොට තේරෙයි ලංකාවේ පිරිවැයට වඩා අඩු පිරිවයකට ඉන්දියානුවන් ඇවිල්ලා වැඩ කරලා ගියාම ලංකාවේ ආයතන එකින් එක වැහෙන කොට මේකේ අගය ...
ඕනිම රජයක හොද නරක දෙකම තියෙනවා ..එත් මේ රජයත් මහින්ද වගේ බලෙන් වැඩ කරන්න යන එක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි
සහෝ..!
ඉඳුල් කන්නේ නෑ කියලා කුණු හෝදන comment එකක් දාලා
මම කලිනුත් කිව්වනේ චෝදනා නැතුවවත් ඔප්පු කරන්න බැරිකමවත් නෙවෙයි මරා file හැංගුවා වගේ පොනිල් මරාගේ කුණු මරාට එරෙහිව use කරනවා උගේ දේශපාලන පැවැත්මට
එක උදාහරණයක් කියන්නද පොනිල් හරි මරා හරි කවුරු බලයට ආවත් කවද හරි කියයිද පාර්ලිමේන්තු මන්ත්‍රීලා තමත්ගේ වත්කම් උපයාගත්ත විදිය පෙන්වන්න ඕනේ කියලා ?
ඔන්න චෝදනාවක් තියනවා ඔප්පු කරන්නත් පුලුවන් නීතිය ක්‍රියාත්මක වෙයිද ?
ඔයා UNP එක ගැන කියපු ඔක්කොම හරි මමත් ඒක පිලිගන්නවා
ඒත් තේරුම් ගන්න ඕන ඇත්ත තමයි ලංකාවේ මෙතෙක් බිහිවුන හැම ආණ්ඩුවක්ම මිනිස්සුන්ව ගොනාට අන්දලා තම තමන් ගොඩ ගියා
ඔයා මහින්දට කඩේයනවා වගේ කොයිතරම් වැරදි උනත් UNP එකට කඩේයන සෙට් එකකුත් ඉන්නවා ඔයා වගේම ලංකාවෙ 90%ක්ම එහෙම තමයි
නිකං බොරුවට පක්ෂයක් රකින්න හදනවා තමන්ගේ අය කරද්දි හොඳයි අනිත් පක්ෂෙ උන් කරද්දි වැරදියි
මේ දුර්වලතාවය හරියටම තේරුම් ගත්ත දේශපාලුවෝ උන්ගේ පරම්පරා ගානකටම හරියන්න ගේම ගහනවා
හිඟන්නෝ උනත් මිනිස්සු තමන්ගේ පක්ෂය දිනුම් කියලා චූන් එකේ ඉන්නවා



Last edited:

