මුදලාලිලා-කරන-හොරවැඩ ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මුදලාලිලා-කරන-හොරවැඩ ....

    කඩේට යනකොට මේවට මාට්ටු වෙන්න එපා! මෙන්න අපේ ලංකාවේ මුදලාලිලා කරන හොරවැඩ....

    ලංකාවේ කඩ වලට කොහෙද නීති? ඉතින් අපේ සමහරක් මුදලාලිලා බලාගෙන ඉන්නේ චාන්ස් එකක් ලැබුණ ගමන් මොනවා කරලා හරි කමක් නැහැ ලාබයක් හොයා ගන්න තමා. ඒ නිසා මොනවා උනත් තවමත් අපි සිල්ලර කඩවල් වලට ගියවිට, අපිට මොනවා හරි අඩුවෙන් දීලා වැඩි ලාභයක් ගන්න තමා මුදලාලිලා බලන්නෙ.

    එනිසා මේ පහත ට්‍රික්ස් ටික ගැන ඔබ අනිවා අවධානය යොමු කරන එක හොඳයි.


    වැඩියෙන් සල්ලි අඩු කිරීල්ල.

    image05-4.jpg


    කඩේකට ගියාම අපි ඉල්ලන්නේ ග්‍රෑම් 500ක් නම්, පොලිතින් කවරය සහ ඔතා දෙන පත්තර කොලයේ බරත් එකතු උනාම තමයි මුදලාලිගේ ග්‍රෑම් 500 සම්පුර්ණ වෙන්නේ. එහෙම උනාම ගෙදර ඇවිල්ල බලනකොට අපිට කොහොමත් ග්‍රෑම් 15-20 අඩුවීම සාමාන්‍ය දෙයක්. එත් අපිට ඒක එතරම් දැනෙන්නේ නැති උනාට ඒ වගේ ග්‍රෑම් 15-20 මුදලාලි 100 දෙනෙක් ගෙන් ඉතුරු කරගත්තොත් නිකම්ම කිලෝ එකක ලාභය ඔහුට ඇවිල්ල.

    හම්මේ ඒ වෙලාවට බලන්න එපැයි අපි කඩෙන් බදඩු ගන්නකොට මුදලාලිගේ මූණෙ ඇඳෙන හිනාව. හිනා යන්නේ නැතුවැයි මෙහෙම මුදළාලිට ලාභ වෙනකොට?



    බඩු වල බර වැඩි කිරීම.

    image08-3.jpg


    අපි මිලදී ගන්නා පරිප්පු සීනි වගේ දේවල් අපි සිල්ලරව මිලදී ගන්නකොට පොඩ්ඩක් සීනි එහෙම දියවෙලා තියෙන තෙත ගතියක් ඔබේ අතට දැනිලා ඇති. එහෙම වෙලාවට මුදලාලි කියන්නේ නම් “ආ මහත්තයා ගනනං ගන්න එපා, මේ රස්නෙට සිනි කොහොමත් දියවෙනවා” කියලා. ඒ වුනාට ඇත්ත කතාව ඊට වඩා වෙනස් දෙයක්. සීනි ගෝනියට වතුර මුසු කල විට, එය කොහොමත් බරින් වැඩියි. පරිප්පු වලටත් මේ දේමයි වෙන්නේ.

    මේකෙන් වැළකෙන්න කරන්න තියෙන ආරක්ෂාකාරීම වැඩේ තමයි, කිලෝ එකේ පැකට් වලට වෙන් කරලා විකුනන්න තියෙන සීනි හෝ පරිප්පු මිලදී ගන්න එක. සීනි වලට ජලය මුසු නම් ලේසියෙන් පොලිතින් කවරයෙන් බලාගන්න පුළුවන්. ඒ පොලිතින් කොලයට ජලය උරන්නේ නැති නිසා. පුලුවන්නම් ඔය වගේ යනකොට පැකට් එක නැත්තම් පොලිතින් කවරයක් ඔබ අරන් යන්න කඩේට.

    මෙහෙම දෙයක් අහු වුනාම මුදලාලිට හොඳට අමතලා එන්න පුළුවන් ඔබට කිසි බයක් නැතුව.



    තරාදියේ යට කාන්දමක්.

    image07-1.jpg


    එක දවසක් අපි කඩේකට ගියාම, ඒකෙ මොකවත් දාන්නේ නැතුවත් තරාදියේ පඩි දාන පැත්ත පාත් වෙලා තියෙන්නේ. මේක ගැන දැනගන්න අපි ඉල්ලුවා ලූස් පාන්පිටි ග්‍රෑම් 500ක්. අනේ මුදලාලිත් පටස් ගාලා කිරලා දුන්න, කිසිම අවුලක් නැහැ. ඒත් කඩේ එහා පැත්තේ තියෙන ඉලෙට්‍රොනික් තරාදියට දැම්මම තමා ග්‍රෑම්500 වෙනුවට ග්‍රෑම් 450ක් විතරක් තියෙනවා දැක්කේ.

    පස්සේ අපි හෙමීට තරාදියේ බඩු දාන පැත්ත උස්සලා අනිත් පැත්ත හරවලා බැලුවා. බලනකොට ස්පීකර් එකකින් ගලවගත්තු තඩි කාන්දමක් අර තරාදි පියන යටින් අලවලා. ☺

    කොහොමද මුදලාලිගේ ටිකිරි මොලේ…!



    ගම්මිරිස් වෙනුවට පැපොල් ඇට.

    image01-5.jpg


    ගම්මිරිස් කියන්නේ ලපටි ඇට විදියට කඩාගෙන අව්වේ වේලලා ගත්තම කළුම කළු අට වර්ගයක් විදියට පෙනෙන කුස්සියට නැතුවම බැරි ආහාර රසකාරකයක්. ඉතින් මේවා වෙළඳපොළට එන්නේ ගෝනිවලට පුරවලා. කළුවට කලුවේ එන මේ ඇට, එක්ක අපේ මුදලාලිලා අපිව රවට්ටන්න ගස්ලබුවල මැද තියෙන ඇට වේලලා ගම්මිරිස් එක්ක මුසු කරලා විකුනන්න තියෙනවා.

    අනේ ඉතින් මේවට අහුවෙන්නේ අපිම තමා. කන කෑම කටට රස නැති උනාම එකට වැරැදි කියන්නේ අපි අම්මට හරි ගෙදර පවුලට හරි. අනේ ඉතින් ඒ අහිංසක මිනිස්සු මොනා කරන්නද මේ අය පැපොල් ඇට දානකොට.



    හාල් වලට වැලි මුසු කිරීම.


    image00-5.jpg


    අපි කඩෙන් සිල්ලරව මිලදීගන්න හාල් ගෙදර ගෙනල්ල අපේ අම්මලා ගරලා බලනකොට නෑඹිලිය පුරාම පොඩි පොඩි වැලි කැට අහුවෙන අවස්ථා ඕන තරම්. එහෙම වෙන්නේ සහල් වලට පාටට සමාන කුඩා ගල් වැලි එකතු කරලා තියෙන නිසා. ඒ නිසා හැකි හැම විටම පැකට් කල කිලෝ 5, 10, 25 සහල් පැකට් මිලට ගන්න.


    මාරු සල්ලි වෙනුවට ටොපියක් දීම.


    image03-4.jpg


    අපි කඩේකින් බඩු ගත්තම ඉතුරු රුපියල් ගානත් එක්ක අපිට රුපියල් දෙකේ තුනේ කාසි ලැබෙන්න තියෙනවා නම් බොහෝ මුදලාලිලා අර ලොකු සල්ලි කොළ ටිකත් එක්ක ටොෆි කීපයක් දෙනවා ඔබට මතක ඇති. එහෙම කරන්න ඔහුට එපා කියලා නැතත්, ඔහුට එය ඔහුගේ ටොෆි ටික විකුණා ගන්නට ලැබෙන අවස්ථාවක් බව දන්නේ බොහොම ටික දෙනයි.
    වෙලාවක මාරු සල්ලි වෙනුවට ටොපි ටිකක් දීලා බලන්න ඕනේ මුදලාලි බඩු දේවිද කියලා…



    රතුපාට පොලිතින් කොළයට ළූණු විකිණීම.

    image02-4.jpg


    මේක ගොඩක් වෙලාවට වෙන්නේ සති අග පොළවල් වල තමා. බොහෝ රතු ළූණු, බොම්බයි ළූණු විකුණන තැන් වල උඩින් රතුපාට පොලිතින් උරයක් හෙවිලි කරලා තියෙනවා ඔබට බලාගන්න හැකිවේවි. බොහෝවිට මෙය තමන්ගේ භාණ්ඩ අව්වෙන් වැස්සෙන් බේරගන්න කරන ක්‍රමයක් වගේ පෙනුනත්, ඇත්තටම එතන වෙන්නේ ඒ පාට නිසා අපිට නරක් වුනු, තැලුණු, පොඩි වුනු ළූණු ගෙඩි පෙනීම් අඩු කිරීම. එහෙම උනාම ඔවුන්ට හරි පහසුවෙන්ම අපිට ඔවුන්ගේ බඩු විකුණා ගන්න පුළුවන්.

    ඉතින් අපි ගෙදර ඇවිල්ල බඩු මල්ලෙන් මේවා එලියට ගන්නකොට තමා මුදලාලිගේ දෙමාපියන්ට පිං දෙන්න හිතෙන්නේ…



    ලීටරේ මිලට බෝතලේ දීම.

    image04-3.jpg


    භුමි තෙල්, පෙට්‍රල් වගේ දේවල් අපිට හදිසියකදී ගමේ නගරේ කඩේකින් හොයා ගන්න එක එතරම් අමාරු නැහැ. මොකද නීතියෙන් මේවා විකිනීම තහනම් උනත් සමහර වෙලාවට අපිට ඉන්ධන පොළ තියෙන්නේ අපි ඉන්න තැනින් ගොඩක් දුර නම් මේ විකල්පය ඒ වෙලාවට මසුරං.


    ඉතින් ඒ වාසිය භාවිතා කරලා අපේ මුදලාලිලා ඉන්ධන පිරවුම් මධ්‍යස්ථාන වලින් කලින් මිල ගෙවලා ඉන්ධන තමන්ගේ කඩේ තියා ගෙන ඉන්නවා රහසිගතව. ඔවුන් කරන්නේ ලීටරේ [1000ml] මිලදී ගන්න මිලටම බෝතලේ[750ml] අලෙවි කරනවා. මෙහෙම කලාම ඔවුන් බෝතල් හතරක් අලෙවි කලාම වැඩිපුර බෝතලයක ලාභය ඔවුන් සතුයි.
    අපේ සල්ලි අඩු වෙනවා, මුදලාලිව තර වෙනවා කියලා තමා කියන්න වෙන්නේ..




    මේ වගේ දේවල් වෙන්නේ මුළු ලෝකෙන්ම අපේ රටේ විතරයි. අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ ☺

    source: http://www.aniwa.lk/2016/02/09/8-sri-lankan-mudalali-tricks/
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මුදලාලිලා ගැන නම් කියලා වැඩක් නෑ. :growl::growl: (අර තරාදි සීන් එකේ, කාන්දම හයි කරන්නේ පඩි දාන පැත්තට නෙමෙයි, බඩු දාන පැත්තට නේද ?පඩි දාන පැත්තට හයි කලොත් වැඩිපුර බඩු දෙන්න වෙනවා නේද ? මට වැරදුනාද මන්දා ) :sorry::sorry:
     
    • Like
    Reactions: yosh371

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මුදලාලිලා ගැන නම් කියලා වැඩක් නෑ. :growl::growl: (අර තරාදි සීන් එකේ, කාන්දම හයි කරන්නේ පඩි දාන පැත්තට නෙමෙයි, බඩු දාන පැත්තට නේද ?පඩි දාන පැත්තට හයි කලොත් වැඩිපුර බඩු දෙන්න වෙනවා නේද ? මට වැරදුනාද මන්දා ) :sorry::sorry:

    yes,,you are correct
     
    • Like
    Reactions: blue_in_rio

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මුදලාලිලා ගැන නම් කියලා වැඩක් නෑ. :growl::growl: (අර තරාදි සීන් එකේ, කාන්දම හයි කරන්නේ පඩි දාන පැත්තට නෙමෙයි, බඩු දාන පැත්තට නේද ?පඩි දාන පැත්තට හයි කලොත් වැඩිපුර බඩු දෙන්න වෙනවා නේද ? මට වැරදුනාද මන්දා ) :sorry::sorry:

    oww oww.... waradila .... wenas kera machn....+8
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මේ වගේ දේවල් වෙන්නේ මුළු ලෝකෙන්ම අපේ රටේ විතරයි. අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ :lol:
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මුදලාලිලත් කාල බීල මනුස්සයො වගේ ඉන්න එපයි බන්....

    - මීට මුදලාලි කෙනෙක්....