කුඹී කරදරේ නවත්තමු

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කුඹී කරදරේ නවත්තමු

    මැස්සෝ වගේම තමයි මේ කාලෙට කුඹි ඇවිත් ගෙවල් ආක්‍රමණය කරන එක. වැස්සත් කළු කුඹි, නයි කුඹි, ඇඹලයි, රතු කුඹි, තෙල් කුඹි තව හුලන් කුඹි ගෙදර තියෙන එක එක තැන් වලින් ඇතුලට එන්න ගන්නවා. ඇත්තම කිව්වොත් ගේ ඇතුලින් කෑම සුවඳ එලියට යන ඕනෙම හිලකින් මුන් ඇතුලට එනවා. ඉතින් අපිට මේ කුඹි නිසා අවුරුද්දට හදන කැවුම් කොකිස් ටික වගේම නෑගම් එන අය අරන් එන ටියාරා කේක් ඒගොල්ලන්ටම කපලා කවලා තව කෙනෙක් එනකම් පරිස්සම් කර ගන්න අපිට ලොකු කරදරයක් විදින්න වෙනවා. ගොඩක් අය කරන්නේ පිඟානකට වතුර දාලා ඒ උඩින් පරිස්සම් කර ගන්න ඕනේ දේවල් තියන එකයි. හැබැයි වතුර උඩිනුත් පීනලා යන කුඹි තමයි අද කාලේ ඉන්නේ.

    හැබැයි මොක කරන්නත් කලින් කුඹි ගේ ඇතුලට එන මුලික හේතු නැති කරන්න වෙනවා. ඒ කියන්නේ අපි ගෙදර හොඳට අතුගාලා හේම තියා ගන්න ඕනේ. කුණු දිනපතා නිවසින් ඉවත් කරන්න. ඉවත් කරන්න බැරිනම් නිසි ලෙස අසුරන්න. ඒ වගේම බීම තෙත් වෙන්න දෙන්නත් එපා. තව කෑම ශීතකරණයක නොදා ඉන්න වෙලාවට හොඳට කවර කරලා වහලා තියන්න. ඒ වගේම කෑම කාලා නැත්තම් සංග්‍රහ කරලා ඉවරවුනාට පස්සෙ කෑම පිඟන් එහෙම්මම තියන්නත් එපා.

    ඉතින් උඩ සඳහන් කරපු ටික හරියට කරනවානම් ගොඩක් දුරට කුඹි නවත්තගන්න පුළුවන්. හැබැයි ඒත් ඒ ඔක්කොම කලත් සමහර වෙලාවට කුඹි ඇතුලට එන්න පුළුවන්. ඉතින් අපිට මොනවාද කරන්න පුළුවන්.


    බැරියර් හදමු



    හුණු කූරු වල ඇති කැල්සියම් කාබනේට් නිසා කුඹි ඒවායින් ඈත් වෙලා ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් කුම්බින්ව ඈත් කරලා තියන්න ඕනේ තැන් වල හුණු කූරු වලින් ඉරි අඳින්න. නැත්තම් ඔයාලා දන්නවනම් කුඹි හරියටම ගේ ඇතුලට එන තැන හරි මිදුලේ ඉන්න තැන හරි හිතට හොඳයි කියලා හිතෙන විදියකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඉරි අඳින්න බැරිනම් හුණු කූරු කුඩු කරලා වුනත් පාවිච්චි කරහැකි. හුණු කුඩු වගේම අපිට පිටි, කහ, අඟුරු, පැඟිරි තෙල්, ගම්මිරිස්, මිරිස් කුඩු, වැස්ලින්, විනාකිරි වගේ ඒවත් කුඹින්ව එන එක නවත්තන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමේ ආපු උන්ව එලවන්න ගැලපෙන්නේ නෑ. කුඹි එන එක නැවැත්තුවහැකි.

    හුණු කූරු වලින් කුඹි නවත්තන විදිහ



    උගුල් අටවමු



    උගුල් අටවන එක මම එතරම්ම අනුමත කරන්නේ නැති වුනත් අපිට බැරිම අවස්තාවක ඒවත් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ලේසියෙන්ම අටවන්න පුළුවන් උගුල තමයි දෙපැත්ත ඇලවෙන ටේප් එකක් අරගෙන අපිට පරිස්සම් කර ගන්න ඕන කෑම වටේ අලවන එක. ඉතින් කෑම සුවඳට එන කුඹින්ගේ ගමන එතනින් නවතිනවා. තව ක්‍රමයක් තමයි බොරැක්ස් පාවිච්ච් කරන එක. ඔයාලට කරන්න තියෙන්නේ පරණ ප්ලාස්ටික් බෝතලයක් අරගෙන පතුලට සෙන්ටිමීටර් කිහිපයක් උඩට වෙන්න පැන්සලක විතර මහතට හිල් කිහිපයක් හදන එක. ඊට පස්සෙ 3:1 අනුපාතයට බොරැක්ස් කුඩු සමඟ සීනි කලවම් කරන්න. හිල් වලට සෙන්ටිමිටරයක් විතර ඉතුරු වෙනකම් ඇර කලවම් කරපු මිශ්‍රණය භාජනයට දාන්න. ඊට පස්සෙ සුප් වගේ උකුවට හිටින විදිහට වතුර දාලා කලවම් කර ගන්න. ඊට පස්සෙ බටර් ටිකකුත් එකතු කරන්න. ඊට පස්සෙ භාජනේ පියන වහලා කුඹි ගුල බැවින් තියන්න. උන් ඇතුලට පොරකකා ගියත් එලියට එන්නනම් පුළුවන් වෙන එකක් නෑ. තව උණු වතුරයි සේදුම් දියරයි එකට ජෑම් බෝතලයකට දාලා කුඹි ගුල ගාවින් තියන්නත් පුළුවන්. :dull: තව මේක කියවන සුපිරි දුෂ්ඨයෙක් වගේ වෙන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාලට පුළුවන් මල් පෝච්චියක් මුනින් අතට හරවලා කුඹි ගුල උඩින් තියලා වතුර යන්න තියෙන පොඩි හිලෙන් ඇතුලට උණු වතුර වත් කරන්න. හැබැයි ඉතින් කෙලින්ම සමූල ගාතනයක් වෙනවා. කරන දෙයක් තමන් කරන පව් සෙවනැල්ල වගේ පස්සෙන් එනවා කියලා මතක තියාගෙන කරන්න.


    ස්ප්‍රේ එකක් හදා ගමු



    කුඹි විනාකිරි සුවඳටත් කැමතිම නෑ. ඉතින් ඔයාලට පුළුවන් වතුරත් එක්ක විනාකිරි කලවම් කරලා ස්ප්‍රේ බෝතලයකට දාලා කුඹි එන තැන් වල මතුපිටට ස්ප්‍රේ කරන්න. හොඳ ප්‍රතිපල ගන්නනම් දවසට කිහිප සැරයක් කරන්න වෙනවා. තව අපිට දෙහි වතුරත් එක්ක කලවම් කරන්නත් පුළුවන්. නැත්තම් දෙහි හරි දොඩම් හරි ලෙලි බ්‍රෙන්ඩර් කරලා පාවිච්චි කරන්නත් පුළුවන්.

    ස්වර්ණමා
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මරන්න එපා උන්ව. උනුත් කන්න දෙයක් හොයාගෙනනෙ එන්නෙ.

    මමනම් කරන්නෙ ටිකක් උස ලොකු බාල්දියක් ගන්නවා. ඒක වටේට පටියක් වගේ close up(ටූත් පේස්ට් එක) ගානවා. අනිත් ටූත් පේස්ට් දන්නෙ නෑ. මමනම් ගාන්නෙ ඕක. අගල් 3-4 cm ඝනකමට,හොදට තලපෙ වගේ රවුමට වටයක් ගාගන්නවා. තව හීනියට අර පටියෙ උඩිනුයි යටිනුයි තව පටි 2ක් ගාගන්නවා. පස්සෙ අර බාල්දියට ඕන කරන ඔක්කොම බඩු ටික දානවා. අපේ ගෙදරනම් මේකට කූබි එන්නෙ නෑ. හැබැයි සති 3 කට වගේ සැරයක් අලුතින් ටූත් පේස්ට් ගාන්න වෙනවා. (සැර ටූත් පේස්ට් එකක් වෙන්න ඕනෙ. මම ගාන්නෙ closeup. අනිත් ඒවා test කරල නෑ)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මතක ඇතුව බාල්දිය කොහෙටවත් හේත්තු වෙන්න දෙන්න එපා.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මරන්න එපා උන්ව. උනුත් කන්න දෙයක් හොයාගෙනනෙ එන්නෙ.

    මමනම් කරන්නෙ ටිකක් උස ලොකු බාල්දියක් ගන්නවා. ඒක වටේට පටියක් වගේ close up(ටූත් පේස්ට් එක) ගානවා. අනිත් ටූත් පේස්ට් දන්නෙ නෑ. මමනම් ගාන්නෙ ඕක. අගල් 3-4 cm ඝනකමට,හොදට තලපෙ වගේ රවුමට වටයක් ගාගන්නවා. තව හීනියට අර පටියෙ උඩිනුයි යටිනුයි තව පටි 2ක් ගාගන්නවා. පස්සෙ අර බාල්දියට ඕන කරන ඔක්කොම බඩු ටික දානවා. අපේ ගෙදරනම් මේකට කූබි එන්නෙ නෑ. හැබැයි සති 3 කට වගේ සැරයක් අලුතින් ටූත් පේස්ට් ගාන්න වෙනවා. (සැර ටූත් පේස්ට් එකක් වෙන්න ඕනෙ. මම ගාන්නෙ closeup. අනිත් ඒවා test කරල නෑ)

    :yes: ඔව් බන්.. හුණු කූරු වලටත් ඉරෙන් පනින්නේ නෑ.. මරණ එකනම් මාත් අනුමත කරන්නේ නෑ ක්‍රමේ දැම්මට
     
    Last edited:

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මරන්නෙ නෙතුව ඔනෙ එකක්..ela...
    11.gif
    11.gif
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මගේ දාඩිය වලට කළු කූබි එනවා බන්. ඇවිල්ලා කනවත් එක්ක. උඩ ගිහින් ඇහැරෙන්නේ. :baffled:
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මගේ දාඩිය වලට කළු කූබි එනවා බන්. ඇවිල්ලා කනවත් එක්ක. උඩ ගිහින් ඇහැරෙන්නේ. :baffled:

    Ubata diabetes da danna
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,037
    113
    මරන්න නන් ඉතින් භූමි තෙල් ගැහුවත් හරි...මරන් නැතුව එලවන්ඩ තමයි බලන්ඩ ඕනේ.මේසෙ කකුල් වලට වතුර පුරවපු කෝප්ප තියලා ඒකට භූමි තෙල් දාන එකත් කරනවා...
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    my solution: 99.9% working
    Having an Army of Alpha's around the house :P

    (Keeping your enemies closer) :rofl: :cool:

    I feed yellow crazy ants know as "ambalaya" with sugar water and jaggery. They keep every smaller ants away from the house.. since they can't digest sugar directly, I had to make sugar water. and they seems to enjoy it. :D

    for me this is more humane... :yes:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මගේ දාඩිය වලට කළු කූබි එනවා බන්. ඇවිල්ලා කනවත් එක්ක. උඩ ගිහින් ඇහැරෙන්නේ. :baffled:

    ලේ එකක් චෙක් කරගනින් මචං දියවැඩියාවද දන්නෙ නැහැ