මහින්ද හොරාගේ පිරිහීම හා අවසානය

madhawavishII

Banned
Apr 9, 2016
58
13
0
මහින්ද හොරාගේ පිරිහීම හා අවසානය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දැන් තමාට ‘හොරා’ කියනවාට බොහොම ප‍්‍රියකරයි. අම්බලන්තොට රැස්වීමකදී කී පරිදි ඔහුගේ ආධාරකරුවකු ඔහුට කොළ කෑල්ලක ලියා දන්වා ඇත්තේ හොරා කියනවාට අකමැති නොවන ලෙසත් හොරා යන්නෙහි තේරුම ‘හොඳම රාජ්‍ය නායකයා’ යන්න බවත්ය. හරියට මැකො, ප‍්‍රාලේ මෙනි. සුදුරෙදි හොරා, සිවුරු හොරා වැනි නම් ඇති කුරුල්ලන් කිසිදිනෙක ඒවා හොරකම් කර නැති බවද මහින්දට කියා දී ඇති ඒ ආධාරකරුවා, එලෙසම හිටපු ජනාධිපතිවරයාටද හොරා කීවත් ඔහු කිසිවක් හොරකම් කර නැති බවද පැහැදිලි කර දී ඇත. මහින්ද මේ පැහැදිලිකිරීම ගැන මහත් සේ සතුටට පත්ව සිටින බැවින් දැන් ඔහුගේ පෝස්ටර් කටවුට්වල ‘මහින්ද හොරා’ යන්න ඔහුටම මුද්‍රණය කරගත හැකිය. විරුද්ධ පාක්‍ෂිකයන්ටද, ‘මහින්ද හොරා’ කියා පෝස්ටර් කටවුට් ඇති තරම් ප‍්‍රසිද්ධ කළ හැකිය. හැම තැනකදීම ‘මහින්ද හොරායැ’යි ආමන්ත‍්‍රණය කළ හැකිය. තමා හොඳම රාජ්‍ය නායකයා බව ඉන් කියැවෙනවායැ’යි මහින්දට සතුටු විය හැකි අතර, හොරා යන්නෙන් තමන් දන්නා පොදු අදහස ගැන සිතමින් රටේ මහජනතාවටද සතුටු විය හැකිය.

ඒ අතර, අකුරැුස්සේ මහජන රැස්වීමේ සිදුවීමේදී මහින්ද හැසිරුණේ තමන්ගේ ශරීරයේ නිදන්ගතව ඇති චණ්ඩිකම පැහැදිලිවම ප‍්‍රදර්ශනය කරන අන්දමිනි. තමන්ගේම පාක්‍ෂිකයකු (මහින්ද පාර්ශ්වය දැන් කියන්නේ ආණ්ඩුව මිනිසුන්ට බොන්නට දී මහින්දගේ රැස්වීම්වලට එවා ඇති බවය.) අතින් ඇල්ලූ විට ඉන් කිපෙන මහින්ද ඔහුට පහරදීමට අත අමෝරාගෙන ඉදිරියට පනිද්දී තමාගේම ආරක්‍ෂක නිලධාරියකු විසින් තල්ලූ කරනු ලදුව විසිවී වැටෙන්නට ගොස් අනෙක් ආරක්‍ෂකයන්ගේ උදව්වෙන් නොවැටී සිටින අන්දම ඒ සිදුවීමට අදාළ වීඩියෝවලින් පැහැදිලිව පෙනෙයි. සමහර අවස්ථාවලදී විවිධ පුද්ගලයන්ට බැනවැදීමෙන් නතරනොවී පහර දෙන්නටද උත්සාහ කරන දේශපාලනඥයකු වශයෙනි සාමාන්‍යයෙන් මහින්ද ජනතාව අතර හැඳින්වෙන්නේ. ඔහු එවැනි දේ කරනවාදැ’යි පැහැදිලි සාධකයක් මේ වනතෙක් නැතිවුණත්, අකුරැුස්සේ සිදුවීම ඔහුට ඒ හැකියාවත් තිබෙන බවට කිසියම් සාධකයක් සපයයි. රටේ ජනාධිපති හෝ අගමැති හෝ වැනි ඉහළ තනතුරක් දැරුවකු මෙවැනි සිදුවීමකට මුහුණදුන් පළමු අවස්ථාව මෙය විය යුතුය. ඒ අවස්ථාවේදී ඔහු දක්වන ප‍්‍රතිචාරය ‘උඹ කවුද යකෝ මගේ අතින් අල්ලන්න.’ වැනි දෙයකි. මෝරාගෙන් තෝරා වෙන්කර ගන්නටත්, පරයාගෙන් පරවා වෙන්කර ගන්නටත් කූනිස්සාගෙන් ඉස්සා වෙන්කර ගන්නටත් කරිජ්ජ පෑගූ තමාට හැකි බව ඊට දින කිහිපයකට පෙර අනුරාධපුරයේදී ඔහු කීවේය. ඉන් ඔහු කියන්නට තැත්කළේ තමා මහපොළවේ මිනිසුන් සමග ගැවසෙමින් දේශපාලනය කරන්නකු බවය. එහෙත් අකුරැුස්සේ සිදුවීමෙන් පෙනෙන්නේ මිනිසුන්ගේ අත් අල්ලාගෙන ඔළු අතගෑවත්, ළමයින් වඩාගත්තත්, තමා උන්ගෙන් ‘වෙනස්’ කෙනකුය කියන සීමාව දැඩි ලෙස පවත්වා ගන්නට මහින්ද රාජපක්‍ෂ මහතා සැලකිලිමත් වන බවය. පසුගිය කාලය පුරාම රාජපක්‍ෂ පවුල රටේ සලකුණු කළ සීමාවද එයයි.

අකුරැුස්සේදී මේ කනගාටුදායක තත්ත්වයට පත්වූයේ ජනවාරි 8දාට පෙර රටේ මහරජාණන්, අසහාය නායකයාණන් හැටියට ඉහළින් ඔසොවා තැබූ පුද්ගලයෙකි. ඒ කාලයේ ඔහුගේ හිස උඩින් කුරුල්ලකුටවත් පියාඹන්නට අවසරයක් තිබුණේ නැත. එහෙත්, දැන් මේ පුද්ගලයා, හන්දියක් ගානේ තුට්ටු දෙකට වැටෙමින් ඡන්දය සිඟාකමින් යයි. ඔහු මේ තත්ත්වයට පත්වූයේ කවර හේතුවක් නිසාද යන්න සියල්ලෝම දිනති. ඒ බලයට ඇති අධික ලෝභකම නිසාය.

බලලෝභය නිසා මහින්ද රාජපක්‍ෂ 2014දී එක් වරක් වැරදි තීරණයක් ගත්තේය. ඒ වසර දෙකකට පෙර ජනාධිපතිවරණය කැඳවීමයි. ඔහු කල්පනා කළේ, තමන් සිටින්නේ ඉතාම ඉහළ ජනප‍්‍රිය හා බලවත් ස්ථානයක බවත්, කිසිවකුට තමා සමග තරග කරන්නට නොහැකි බවත්ය. ඔහු වටා සිටි සහචරයෝද ඒ බව ඔහුට පුන පුනා කීහ. තමා වටා සිටි මහජන ගඟද දුටු මහින්ද සිය අදහස තදින් තහවුරු කර ගත්තේය. ‘සැඟවුණු අමුත්තා කෝ’ කියමින් තමන්ගේ තරගකරුවා ගැන අවලාද කියූ ඔහුට නියම තරගකරුවා ටික දිනකදීම මුණ ගැහුණේය. ‘අවුරුදු දෙකක් ඉස්සෙල්ලා ජනාධිපති වරණයට යෑම තමා කළ පණ්ඩිතකමක්’ බව ඔහු දැන් කියයි. ඔහු පණ්ඩිතකමයැ’යි කියන්නේ රටේ ජනතාව ‘මෝඩකම’ යැයි කියන දේට විය යුතුය. හරියට ‘හොරා’ යන්නට දෙන අර්ථකථනය වාගේමය.

ජනාධිපතිවරණය ඉක්මනින් කැඳවීමට තීරණය කිරීම පණ්ඩිතකමක්යැ’යි ඔහු කියන්නේ නම්, ඒ ළඟම ඔහු කළ දෙවැනි පණ්ඩිත කමෙන්ද දැන් ඔහු පීඩා විඳින්නේය. ඒ මහමැති වරණයට ඉල්ලන්නට ඉදිරිපත් වීමයි. ඒ දෙවැනි පණ්ඩිතකමේ විපාකයද අගෝස්තු 18වන දා වනවිට ඔහුට ඇස්පනාපිට භුක්ති විඳින්නට ලැබෙනු ඇත.

මහින්ද රාජපක්‍ෂ ආගමනයෙන් මුල් දිනවල ඇතිවූ දිස්නය දැන් ශීඝ‍්‍රයෙන් වියැකෙමින් යයි. යළි ගොඩගත නොහැකි ලෙසටය. අනුරාධපුරයෙන් මැතිවරණ සටන අරඹන විට සිටි මහින්ද රාජපක්‍ෂ දැන් දේශපාලන වශයෙන් තවත් දුර්වල වී තිබේ. ඒ දුර්වලවීම ගැන තම සිතට දැනෙන බැවින්දෝ දැන් ඔහුගේ ශරීර භාෂාවද කියාපාන්නේ අතිශය නොසන්සුන්, දැඩි ආතතියකින් පෙළෙන, විපරිත චරිත ස්වභාවයක් ඇති පුද්ගලයකුගේ ස්වරූපයයි. ඉහත පරිදිම ඔහු වේදිකාවේදී කියන කතා කිසිම වැදගැම්මක් නැති ඒවාය. අනුනට වචනයක් වචනයක් ගානේ අවලාද නගනසුලූ ඒවාය. රටක අගමැතිවරයකු වන්නට සිතාගෙන සිටින්නකුට කිසිසේත් ගැළපෙන්නේ නැති කරිජ්ජ පාගන්නන්ගේ කතාය දැන් ඔහු කරන්නේ. එහෙත් අකුරැුස්සේ වුණාක් වැනි සිදුවීම් තව තවත් සිදුවුවද, ඉන් තමාගේ කීර්තිනාමයට කොපමණ හානියක් වුවද ඒ සියල්ල අධික බලලෝභයේ කඩතුරාවෙන් වසා වැළඳගැනීමේ පරිචයක් මහින්දට තිබේ.

මහින්දගේ මේ පිරිහීම ඔහු වටා සිටින සහචරයන්ටද විශාල ප‍්‍රශ්නයක් වී ඇති බව පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. ඔහු ඔසොවාගෙන යන අනෙකුත් සන්ධාන දේශපාලකයන් ඔහු නැති තැන ඔහුට නගන අවලාද අඩුවක් නැත. පසුගියදා මාධ්‍යවේදියකු සමග කතාකළ වයඹ පළාතේ ඉතාමත් තරුණ හා ජනප‍්‍රිය සන්ධාන දේශපාලකයකු කීවේ, මහින්ද කුරුණෑගලට ඇවිත් තමන්ට වදයක් වී ඇති බවය. ඒ ඔහුගේ අදහස් ශිෂ්ට භාෂාවට පෙරලූ විට කියැවෙන දෙයයි. මහින්දවාදියකු ලෙස මුල් පෙළේ පෙනීසිටින, හැම තිස්සේම මහින්ද ආරක්‍ෂාකරන බව පෙන්වන දකුණේ තවත් සන්ධාන දේශපාලකයකුද කීවේ, පක්‍ෂයක් හැටියට තමන් මෙතෙක් කල් කර ඇත්තේ පවුලක් ගොඩනැගීම පමණක් බවය. මේ අදහස් කී අයගේ නම් කිව නොහැකි වුවත්, කියන්නට තියෙන්නේ, ඔවුන් මෙහෙම කියනවා නම්, අනිත් අය මොනවා නොකියනවා ඇද්ද කියාය. මහින්දගේ තත්ත්වය ඒ තරම්ම නරකය. ඔහු මේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ හුදෙක් බල ලෝභයම නිසා බව සන්ධාන දේශපාලකයෝද සියලූ ඡන්දදායකයෝද හොඳින් දනිති. බුදුදහම ගැන නිතර කියන නමුත් බුද්ධ ධර්මය ජීවිතයට එකතුකරගෙන නැති මහින්ද දුරදිග නොසිතුවත්, අධික ලෝභය නිසා බදලා අල්ලාගැනීම හා තමන්ට තියෙන දේත් අත්හැරීම අතර ඇති වෙනස කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සිංහල බෞද්ධ බහුතර ජනතාව හොඳින් දැනගෙන ඉන්නට ඇති ඉඩකඩ වැඩිය. මහින්දම කියන පරිදි වැඩිම පන්සල් ගණනාවක් ඇති කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඒ පන්සල්වලින් අල්පේච්ඡබව, අභිනිෂ්ක‍්‍රමණය පිළිබඳ බුදුදහමේ ඉගැන්වීම් හොඳින් ගම්වලට ගෙනගොස් ඇති නම් මහින්දගේ බලලෝභය හා වෛරය ගැන තේරුම්ගන්නට අලූත් සමීකරණ කුරුණෑගල දිස්ත‍්‍රික් ජනතාවට අවශ්‍ය නැත.

ඉහත සියල්ලෙන් පෙනෙන්නේ මහින්ද ඉන්නේ අවදානම් තැනක බවය. දැනට ඇති සියලූ සාධක පෙන්වන්නේද මහින්ද බලවත් ලෙස පරාජය වනු ඇති බවය. මීළඟ අගමැතිවීමේ ඔහුගේ සිහිනය සැබෑවන්නට කිසිම පැත්තකින් ඉඩක් නැත. ඔහු අගමැති වුවත්, ඔහු වටා සිටින නිමක් නැති චෝදනාවලට ලක්වූ විවිධාකාර වංචාකාරයන්, දූෂිතයන් හා සමාජ විරෝධීන් පිරිස සහිත කැබිනට් මණ්ඩලයක් යළිත් ඉවසා දරාගෙන සිටින්නට දැන් නම් රටේ ඡුන්දදායකයා සිහිනෙන්වත් නොහිතනු ඇත. දැන් ඒ මජර අතීතයෙන් ගොඩඑන්නටත්, ආරම්භයක් ලෙස ඇතිවූ මේ වෙනස කල් පවත්වාගන්නටත් ඡුන්්දදායක බහුතරයක් තීරණය කර ඇති බව පෙනෙන්ට තිබේ.

අගමැති වීමට කිසිම ඉඩක් නැති නිසා පාර්ලිමේන්තු අසුනක් පමණක් දිනාගෙන පැමිණෙන මහින්ද රාජපක්‍ෂ ඉන්පසුද මුහුණ දෙනු ඇත්තේ අවදානම, අපවාදය හා අවලාදවලින් ගහන අනාගතයකටය. හිටපු ජනාධිපතිවරයකු වන ඔහුට සිටින්නට වන්නේ සාමාන්‍ය මන්ත‍්‍රීවරයකු හැටියටය. කොපමණ දක්‍ෂයකු ලෙස හැඳින්වුණත්, මන්ත‍්‍රීවරයකු ලෙස ඔහුට කරන්නට ඇති වැඩ සීමිතය. ඒ සියල්ලටත් වඩා අනාගත ‘අගමැති’ හැටියට කරන්නට ඔහු බලාපොරොත්තු වන වැදගත්ම කාර්යභාරය වූ තමන්ට, තම පවුලේ අයට, සහචරයන්ට එරෙහිව සිදුවන විශේෂ මූල්‍ය හා වෙනත් අපරාධ ගැන පරීක්‍ෂණ නවත්වාගැනීමට ඔහුට නොහැකිවනු ඇත. එහි ප‍්‍රතිඵලය වනු ඇත්තේ, නීතිය නිසි ලෙස ක‍්‍රිියාත්මක වීමෙන් ඇතිවන බලවත් අවදානමට මුහුණ දීමට ඔහුටත් සමීපතමයන්ටත් සිදුවීමයි.

මහින්ද රාජපක්‍ෂ මහතාටත් ඔහුගේ සහචරයන්ටත් අදාළ වන අපරාධ පරීක්‍ෂණ කිහිපයක්ම මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවත්, විශේෂ මූල්‍ය අපරාධ පිළිබඳ පොලිස් කොට්ඨාසයත් විසින් පවත්වාගෙන යනු ලැබෙයි. රටේ ඉහළම තනතුරුවල බලපෑම නිසා ඔහු අත්අඩංගුවට ගැනීමක් දැනට සිදුවිය නොහැකි නමුත්, නව ආණ්ඩුවක් යටතේ මේ අපරාධ පරීක්‍ෂණ ඉදිරියට යනවිට ඉන් රාජපක්‍ෂ මහතාත් ඔහුගේ සමීපතමයනුත් කෙරෙහි වඩාත් අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කෙරෙනු ඇත. ඔහුට ඒවාට මුහුණ දෙන්නට සිදුවන්නේ සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දුබල රැුස්වළල්ලක් සහිතවය. දැනටමත් ජවිපෙ නායක කියා ඇති පරිදි, ඔහුගේ පාලන කාලයේ සිදුවූ විවිධාකාර වැරදි හා අක‍්‍රමිකතා, බලය අනිසි ලෙස යොදාගැනීම් සොයාබලන්නට නව ජනාධිපති කොමිසමක් ආරම්භවීමට වුවද ඉඩ නැත්තේ නොවේ. ඊට ඔහුට මුහුණ දීමට සිදුවනු ඇත්තේ තනිවම මිස දැන් ඔහු වටා ඉන්නා මැක්කන් වැනි සහචරයන් සමග නොවේ. 1978 විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනත යටතේ, විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට ජනාධිපතිවරයාට හැකි අතර, එම කොමිසම යම් කරුණක් හෝ කරුණු අරබයා පවත්වන විමර්ශනයක අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවට යවා, එහි තුනෙන් දෙකක අනුමැතිය ලබාගත් පසු ප‍්‍රජා අයිතිය අහෝසිකිරීම දක්වා දුරදිග යා හැකිය. අනෙක් පැත්තෙන් සැප්තැම්බර් මාසයේ ජිනීවාහිදී රැුස්වන මානව හිමිකම් කවුන්සිලය මෙතෙක් කල් තමන් රඳවාගෙන සිටි ලංකාව පිළිබඳ සිය නිරීක්‍ෂණ හා නිර්දේශ අඩංගු වාර්තාව ඉදිරිපත් කරනු ඇත. එම වාර්තාවෙන්ද ලංකාවට මෙන්ම රාජපක්‍ෂවරුන්ටද සැලකිය යුතු බලපෑමක් එල්ලකිරීමට ඉඩ තිබේ. මේ අවදානම් කිසිවක් බලලෝභයෙන් ගිනිකණ වැටී සිටින මහින්ද රාජපක්‍ෂට වැටහෙන්නේ නැත. ‘විනාස කාලේ විපරීත බුද්ධිඃ’ කියා පෙර කියා ඇත්තේ මෙවැනි අවස්ථාවලටය.

-
 

madhawavishII

Banned
Apr 9, 2016
58
13
0
“මහින්ද මේ රටට කරපු දෙයක් නෑ.. ඔහුට තියන්නේ හොරා කෑමේ රුදාව.. රට හදන්න පුළුවන් අපට පමණයි” – චන්ද්‍රිකා

මහින්ද රාජපක්ෂ වසර ගණනාවක් පූරාවටම රටට කල දෙයක් නොමැති බවත්, ඔහුගේ ඒ නොහැකියාව නිසා මෙරට ජනතාව ඔහු බලයෙන් පන්නා දැමූ බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායක පවසයි .

ඇය මේ බව කියා සිටියේ ඊයේ පැවති උත්සවයකට සහභාගිවී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනපතිණිය ,

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අද ආණ්ඩුවේ ඉන්නවා. තව පිරිසක් එලියේ ඉන්නවා. ඒ එළියේ ඉන්න අයට අමාරුවක් තියනවා. දැන් ඔය තව කට්ටියකට රුදාව හැදිලා පොඩ්ඩක් නටනවා. හොරකං කරලා හොරකං කරලා දැන් හොරකම් කරන්න බෑනේ. ඒ නිසා පොඩි අමාරුවක් ඇති. අපි පක්ෂයක් ලෙස ඉදිරියටම යනවා.

ඔය මහින්ද රාජපක්ෂම පක්ෂය දෙකට කඩන්න හැදුවා 1980 දී සිරිමාවෝ මැතිණිය එළියට පන්නලා . එතුමියව පක්ෂයෙන් පන්නන්න ඔය ඊයේ කලා වගේ හැම තැනම රැස්වීම් තිය තිය ගියා. ඒ වුණාට අපි පක්ෂය රැක ගත්තා . ජනතාව ඉන්නේ අපි එක්ක .අපි ඉදිරියට යනවා .ඔය මන්ත්‍රිවරු ටිකක් එයා එක්ක ඇති .හොරකම් කරන්න බෑනේ දැන් .ඒ කාලේ හොරකම් කරපු මන්ත්‍රින් ටිකක් එක්ක ඔය දැන් ඉන්නේ. යහපාලනය යටතේ හොරකමට ඉඩ නෑ .

කවුරුන් කුමක් කීවත් අපට මේ රට කල හැකි බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළද අද කිසිදු අර්බුධයක් නොමැති බවද ඇය සදහන් කළාය.
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මහින්ද පැරදිලා දැන් අවුරුද්දකට වැඩියි..තාමත් මහින්ද මහින්ද කියලා ජප කරන එකේ තේරුම මොකක්ද බං?
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කවුරුහරි එකෙක් උබේ ඇගිල්ලෙන් අල්ලලා අනිත් පැත්තට නැමුවොත් උබත් කරන්නෙ මහින්ද අකුරැස්සදි කරපුදේම තමයි .. ජනපත් වුනත් ඒත් මනුස්සයෙක්නෙ.. ඇගිල්ලක් කඩාගන්න තරම් කරකවද්දි (අනික ඌ බිපු එකෙක්) .. ඌව තල්ලු කරනවා ඇරෙන්න වඩාගෙන නළවන්නද පොන්ස් උබ කියන්නෙ..
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    උබේ සාක්ෂරතාවය අනුන්ට මඩ ගහන්න නෙවෙයි හොද දේකට පාවිච්චි කරපන් උබට හැකියාව තියෙනවා ඒත් පහත් මානසිකත්වයෙන් මිදියන්.. තමුන්ගෙ හර්දසාක්ශියට අනුව වැඩ කරපන් අනුන්ගෙ අතකොළුවක් නොවි..
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    කවුරුහරි එකෙක් උබේ ඇගිල්ලෙන් අල්ලලා අනිත් පැත්තට නැමුවොත් උබත් කරන්නෙ මහින්ද අකුරැස්සදි කරපුදේම තමයි .. ජනපත් වුනත් ඒත් මනුස්සයෙක්නෙ.. ඇගිල්ලක් කඩාගන්න තරම් කරකවද්දි (අනික ඌ බිපු එකෙක්) .. ඌව තල්ලු කරනවා ඇරෙන්න වඩාගෙන නළවන්නද පොන්ස් උබ කියන්නෙ..

    :yes::yes:
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    අනේ ඉතින් අවුරුද්දට කීයක් හරි හොයාගන්නනෙ මෙ..
    කීයක් දුන්නද ලොල්ලො
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    ඒ අතර, අකුරැුස්සේ මහජන රැස්වීමේ සිදුවීමේදී මහින්ද හැසිරුණේ තමන්ගේ ශරීරයේ නිදන්ගතව ඇති චණ්ඩිකම පැහැදිලිවම ප‍්‍රදර්ශනය කරන අන්දමිනි.
    -

    ඒ චන්ඩිකම නැත්නම් ප්‍රභාකරන් තාමත් ජීවතුන් අතර. අනිත් උන්ගෙ කොන්ද පනනෑ කියල මහින්දට බැනලා වැඩක් තියනවද
     

    madhawavishII

    Banned
    Apr 9, 2016
    58
    13
    0
    OKAWATH BIDEN NATHUWA THIYAGMU YODIYE,...MMHH MHH

    sri-lanka-president-family-celebrates-sinhala-tamil-new-year-1.jpg
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ කරන්න අවේ චන්ද කඩන වැඩේ නම්
    දැන් නියමෙට වැඩ කරනවා!
    cheers!!