මහින්ද රාජපක්‍ෂ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,060
    5,820
    113
    canada
    මහින්ද රාජපක්‍ෂ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මැයි දෙවැනිදා සිට ඉහල නැංවෙන බදු සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    Cartoon2.jpg


    මාධ්‍ය නිවේදනය


    මැයි දිනයෙන් පසු බලාත්මක වෙන අසාධාරණ බදු වැඩිකිරීම්
    රජයකට බදු නැතිව පවතින්න බැරි බව අපි කවුරුත් දනිමු. ආණ්ඩුවකට තම කාර්යභාර්යයන් ඉටු කිරීමට ආදායමක් තිබිය යුතු නිසා ධනවතුන්ගේ ආදායම් මත මෙන්ම සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන ආහාරපාන, ඉන්ධන, විදුලි සංදේශ සේවා, වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මතත් බදු අය කරනු ලැබේ. බදුඅය නොකරන රටක් ලෝකයේ නැත. නමුත් ආණ්ඩුව බදු පණවද්දී එය සාධාරණ පදනමක් මතසිදු කළ යුතුය. 2016 මැයි දෙවන දා සිට ක්‍රියාත්මක වීමට යන බදු වැඩිකිරීම් කොතරම් සාධාරණද කියා අපි විමසා බැලිය යතුයි.

    පසුගිය වසරේ ජනවාරි මාසයේදී වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු අපේ රටට ආනයනය කරන සියළුම භාණ්ඩවල ජාත්‍යන්තර මිල විශාල වශයෙන් අඩු විය. 2014දී බොර තෙල් බැරලයක මිල ඩොලර් 96 ක් වූ අතර අද එය ඩොලර් 40කි. 2014 අවසන් වන විට තිරිඟු ටොන් එකක් ඇමරිකානු ඩොලර් 230 ක් වූ අතර අද එය ඩොලර් 165කි. 2013/2014 වසර වලදී ඩොලර් 5000කට වැඩි වූ කිරිපිටි ටොන් එකක් අද ඩොලර් 2000ට වැටී තිබේ. 2014 දී සීනි ටොන් එකක් ඩොලර් 414 ක් වූ අතර අද එය ඩොලර් 334ක් වේ. 2014 දී ඩොලර් 300ක් වූ වානේ ටොන් එකක් අද ඩොලර් 90කි. 2014දී යූරියා පොහොර ටොන් එකක් ඩොලර් 325 ක් වූ අතර අද එහි මිල ඩොලර් 200කි.

    2006 සිට 2014 දක්වා මගේ පාලන සමය තුළ මේ සියළුම භාණ්ඩවල ජාත්‍යන්තර මිල ඉහල මට්ටමක පැවතුනි. 2011/2013 අතර බොරතෙල් බැරලයක මිල දිගටම ඩොලර් 105කට වඩා වැඩි විය. බොරතෙල් මිල ඩොලර් 100ට වඩා අඩු වූයේ 2014 සැප්තැම්බර් මාසයෙන් පසුවය. 2008 දී යූරියා පොහොර ටොන් එකක මිල ඩොලර් 750 ක් දක්වා ඉහල ගියේය. 2011 සිට 2013 දක්වා කාලයේදී යූරියා මිල දිගටම ඩොලර් 500කට වඩා වැඩිවිය. 2008 වානේ මිල ටොන් එකක් ඩොලර් 1,265 දක්වා වැඩි වී 2013 දක්වාම එය ඩොලර් 500ට වඩා අඩු වූයේ නැත. 2008 තිරිඟු ටොන් එකක් ඩොලර් 440 ක් දක්වා වැඩි වූ අතර 2011 සීනි ටොන් එකක් ඩොලර් 655 දක්වා වැඩි විය. මගේ පාලන සමය තුළ දිගටම තිරිඟු හා සීනි මිල ඉහල මට්ටමක පැවතුනි.

    පසුගිය වසර තුළ අපි ආනයනය කරන සියළුම භාණ්ඩවල ජාත්‍යන්තර මිල අඩුවූ නිසා ලංකාවේ මිල ගණන්ද සැලකිය යුතු මට්ටමකින් පහල බැසිය යුතුව තිබුණි. 2015 ජනවාරි මාසයේදී අලුත් ආණ්ඩුව පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 150 සිට 117 දක්වාත් ඩීසල් ලීටරයක් රුපියල්111 සිට 95 දක්වාත් අඩු කළේය.නමුත් ඊට පසුවත් බොරතෙල් මිල දිගින් දිගටම අඩු වූවත් ඒ වාසිය පාරිභෝගිකයාට ලබා දී නැත. අද බොරතෙල් මිල අනුව බලනවිට සියළුම ආණ්ඩුවේ බදු අයකිරීමෙන් පසුත් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 80කට වඩා අඩුවිය යුතු අතර ඩීසල් ලීටරයක මිල රුපියල් 50 කට වඩා අඩුවිය යුතුය.

    කලින් දක්වපු ආකාරයට 2014ට සාපේක්‍ෂව අද ජාත්‍යන්තර සීනි මිල අඩු වී තිබුණත් එහි වාසියත් පාරිභෝගිකයාට ලබා දී නැත. 2015 ජනවාරියේ දී පළමු යහපාලන අයවැයෙන් පාරිභෝගිකයාට සහන දෙනවා යැයි කියමින් සීනි ආනයන බද්ද කිලෝවකට රුපියල් 18 දක්වා අඩුකරන ලදී. නමුත් 2015 සැප්තැම්බරයේ දී එය රුපියල් 30 දක්වා වැඩි විය. එම නිසා ලෝක සිනි මිල අඩු වුවත් මෙහේ සීනි මිල අඩු වූයේ නැත. මම බලයේ සිටි කාලයට වඩා කිරිපිටි වල ජාත්‍යන්තර මිල 60% කින් පමණ අඩු වී තිබේ. 2016 යහපාලන අයවැයෙන් ග්‍රෑම් 400 ක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 295 ක් හැටියට නියම කළේය. ඒ අනුව ලංකාව තුළ කිරිපිටි ටොන් එකක සිල්ලර මිල රුපියල් 737,500ක් වේ. නමුත් ලෝක වෙළඳ පොලේ කිරිපිටි ටොන් එකක මිල රුපියල් 290,000ක් වැනි ගනණකි. නැව් ගත කිරීමට හා ඇසුරුම් කිරීමට යන සුළු වියදම හැරුණු කොට සෙසු සියළුම මුදල් ආණ්ඩුවේ බදු හා ආනයන කරුවන්ගේ ලාභය වේ.

    පසුගිය මාසයේ ආනයන බදු වැඩි කිරීම නිසා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.20 කින් වැඩි විය. නමුත් මම බලයේ සිටි කාලයට වඩා අද වන විට ලෝක තිරිඟු මිල 40%කින් පමණ අඩු වී ඇත. කිරිපිටි, සීනි වැනි භාණ්ඩ සම්බන්ධයෙන් වැඩියෙන් ආනයන බදු අය කරන්නේ දේශීය නිෂ්පාදකයා දිරිගැන්වීමට බව ආණ්ඩුව කීමට ඉඩ තිබේ. නමුත් ආනයන බද්ද වැඩි කිරීමෙන් පමණක් දේශීය නිෂ්පාදනය වැඩි වෙන්නෙ නැත. ආනයනය වෙනුවට දේශිය නිෂ්පාදනය වැඩි කිරීමට නම්, ඒ සඳහා නිෂ්පාදන ඉලක්ක හා ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක්ද සහිත වැඩපිළිවෙලක් තිබිය යුතුය. මේ ආණ්ඩුවට ඒ ආකාරයේ විධිමත් ආනයන ආදේශන වැඩපිළිවෙලක් නැත. ආනයන බදු වැඩිකිරීමෙන් ඒ අය බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවට ආදායමක් ලබා ගැනීම පමණි.

    ලෝක භාණ්ඩ මිල ගණන් අඩුවීමේ වාසිය මේ ආකාරයට උපරිම ලෙස භුක්ති විදින අතරම ආණ්ඩුව තවත් ආදායම් ඉපයීම සඳහා වැට් බද්ද 11% සිට 15% දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. එමෙන්ම මෙතෙක් වැට් බද්ද අය නොකරපු විදුලි සංදේශ, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත්‍ර වලටත් එය පණවනු ඇත. මෙයින් සිද්ද වෙන්නේ දැනට වැට් බද්දට යටත් භාණ්ඩ වල මිල 4%කින් වැඩි වන අතර මෙතෙක් වැට් බද්දට යටත් නොවු දුරකථන හා අන්තර්ජාල සේවා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගාස්තු, වෛද්‍ය රාසායනාගාර ගාස්තු, පුද්ගලික රෝහල් ගාස්තු, පෙර පාසලේ සිට තෘතීය මට්ටම දක්වා අධ්‍යාපන ගාස්තු, උපකාරක පන්ති ගාස්තු වැනි සේවාවන්වල මිල එක්වරම 15 % කින් වැඩිවීමයි. මේ සේවාවන් පාවිච්චි කරන්නේ ධනවත් අය පමණක් නොවේ. වැට් බද්ද වැඩි කිරීමට හා පුළුල් කිරිමට අමතරව, 2% ක ජාතිය ගොඩනැගීමේ බද්ද විදුලි සංදේශ හා විදුලිබල ක්‍ෂේත්‍ර වලටත් පුළුල් වෙනවා. වැට් බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද යන දෙකම බලපාන නිසා මැයි 02 වන දා සිට වැඩියෙන්ම මිල ඉහල යන්නෙ දුරකථන හා අන්තර්ජාල සේවාවන්වල මිලයි. සියළුම විදුලි පාරිභෝගිකයන්ගෙන් ජාතිය ගොඩනැගීමේ බද්ද අය කිරීමෙන් ආණ්ඩුවට ලොකු ආදායමක් ලබාගන්න පුළුවන්.

    මේ ආකාරයට බදු වැඩිකිරීම ගැන ජනතාව අතරින් දැඩි විරෝධයක් මතු වූ විට ජනතාවට බරක් වන ආකාරයට බදු පනවන්න ඉඩ නොතබව බවත්, ජනතාවගේ දුක හඳුනන්නේ නැති ආර්ථික උපදේශකයන් ගෙදර යැවීමට තමන් සූදානම් බවත් ජනාධිපති වරයා කියා සිටියා. දවස් දෙක තුනකට පස්සේ යහපාලන ඇමතිවරයෙක් මාධ්‍ය හමුවක් කැඳවා ජලය, විදුලිය, බෙහෙත්, සහල්, එළවළු වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට වැට් බද්ද පනවන්නේ නැති බව කිය සිටියා. මේ ප්‍රකාශය නිසා බොහෝ අය සිතන්නේ ජනාධිපතිවරයාගේ නියමයෙන් මේ අත්‍යවශ්‍ය භාන්ඩ මත පනවන්න ගිය වැට් බද්ද අහෝසි වුණයි කියාය. නමුත් මෙතනදී සිදුවුණේ මහා ප්‍රෝඩාවක්. ජලය, හාල්, එළවළු, විදුලිය වැනි දේවල් මත කොහොමටත් වැට් බද්දක් තිබුණේ නැත. වැට් බද්ද අය නොකරන භාණ්ඩ වල නම් කියා ඒවා මේ ආණ්ඩුව විසින් බද්දෙන් නිදහස් කරපු ආකාරයට හුවා දැක්වීම මොනතරම් නරුමවාදී හා දුෂ්ඨ රැවටිල්ලක්ද? යහපාලකයන් පසුගිය ජනාධිපතිවරණ සමයේ ඉඳලම ජනතාව නොමඟහැරියේ මේ ආකාරයටමය.

    විදුලි සැපයුම මත වැට් බද්දක් නැතිවූවාට ජාතිය ගොඩනැගීමේ බද්ද එයට ආදල වේ. මාසයකට ලක්‍ෂ 10 කට වඩා වෙළඳාමක් තියෙන සියළුම සිල්ලර කඩවලිනුත් මේ වැට් හා ජාතිය ගොඩනැගීමේ බද්ද අය කෙරෙන නිසා පොදුවේ ජීවන වියදමේ වැඩිවීමක් ඉදිරි කාලයේ දී සිදුවෙනු ඇත.

    මේ ආණ්ඩුව ඡන්ද දිනා ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේ දී නොයෙක් වගකීම් විරහිත පොරොන්දු දුන්නේය. ජනාධිපතිවරණය දිනාගත්තට පස්සේ ඊළගට එන පාර්ලිමේන්තු මැතිවරණය දිනීම සඳහා ඒ දීපු පොරොන්දු වලින් කොටසක් හෝ ඉටු කිරීමට ආණ්ඩුවට සිද්ද විය. ඡන්ද දිනීමට දීපු වැටුප් වැඩිකිරීම් හා වෙනත් සහන වලට මුදල් සොයාගැනීමට මේ ආණ්ඩුව බලයට ආ දා සිට විදේශීය හා දේශීය වශයෙන් විශාල ණය ගත්තේය. 2015 ජනවාරියේ සිට අද දක්වා මේ ආණ්ඩුව ඩොලර් මිලියන 7,436ක විදෙස් ණය අරගෙන තිබෙන බව මම මීට කලිනුත් ප්‍රකාශ කළෙමි. මෙයින් අඩක් පමණ එනම් ඩොලර් මිලියන 3,298ක් මේ අවුරුද්ද ඉවර වෙන්න කළින් ආපසු ගෙවීමට සිදුවේ. ඒ විදේශීය ණය වලට අමතරව ආණ්ඩුව දේශීය වශයෙන්ද රුපියල් බිලියන සිය ගණනක් භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් නිකුත් කිරීමෙන් ලබාගෙන තිබේ. දැන් ආණ්ඩුව මේ ණය ගෙවන්න මහජනතාවගෙන් මුදල් එකතු කිරීමට බදු වැඩිකරමින් සිටි.

    මගේ ආණ්ඩුව ගත්ත ණය ගෙවන්න මේ ආකාරයට ණය ගන්න වෙලා තිබෙන බව ආණ්ඩුව කීවද එය සම්පූර්ණ මුසාවකි. රටක ණය බර මනිනු ලබන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියටය. 1977 බණ්ඩාරණායක මැතිනියගේ පාලන සමය අවසන් වූයේ දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්‍ෂව 68.6%ක ණයබරක් ඇතුවය. 1994 දී යූ.එන්.පී ආණ්ඩුව පරදින විට මෙය 95.1% දක්වා වැඩි වී තිබුණි. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය 2001දී යූ.එන්.පීයට පරදිනකොට දළ ජාතික නිෂ්පාදනයට සාපේක්‍ෂව රටේ ණය බර 103.5 % දක්වා වැඩි වී තිබුණි. 2004 යූ.එන්.පීය නැවතත් පරදිනකොට ණය ප්‍රතිශතය තවමත් 102.3 %ක අගයක පැවතුනි. 2005 දී මම ජනාධිපති වන විට ණය ප්‍රතිශතය 90.6 %ක් විය. 2015 ජනවාරී මාසයේ දී මම රටට ඉතුරු කර ගියේ 75.5%ක ණය ප්‍රතිශතයක් පමණයි. 1979 වසරෙන් පසුව තිබුණු අඩුම ණය බර මෙය වේ. මේ රටේ සියළුම පොදු ව්‍යාපාර වල ණයත් ආණ්ඩුවේ ණය හැටියට ගණන් බැලුවද මාගේ පාලනයෙන් පසු ඉතිරි වූ ණය ප්‍රතිශතය මිට අවුරුදු 25 කට 30 කට කලින් පැවති ණය බර ප්‍රතිශතයට වඩා අඩුය.

    වැටුප් වැඩිකර තිබෙන නිසා ජනතාවට අලුතින් පනවන බදු ගෙවීමේ ප්‍රශ්නයක් නැතැයි ආණ්ඩුවේ ඇමතිවරු කියනු අපට ඇසේ. නමුත් වැටුප් වැඩි වූයේ වැඩකරන ජනතාවගෙන් 15% ක් පමණක් වන රජයේ සේවකයන්ට පමණයි. පුද්ගලික අංශයේ හෝ ස්වයං රැකියා වල නියුතු 85%ක බහුතරයේ ආදායම් වැඩි වී නැත. එපමණක්ද නොව ආර්ථිකය බිඳ වැටීම නිසා මේ 85%හේ ආදායම් හා රැකියා අවස්ථා අඩුවී ඇත.

    ආණ්ඩුව බදු වැඩි කිරීමට යන්නේ ඔවුන් ඡන්ද දිනා ගැනීමට ජනතාවට දුන් පොරොන්දු ඉටු කර පවත්වාගෙන යෑමට මුදල් නැති නිසාය. බටහිර රටවලින් මේ සඳහා විශාල වශයෙන් ආධාර ලැබේවි යැයි යහපාලකයෝ සිතාගෙන සිටියත් ඒ මුදල් ලැබුණේ නැත. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක ඡන්ද පොරොන්දු ඉටු කරන්න මොනම රටකින්වත් ආධාර දෙන්නේ නැත. දැන් තමන්ගේ දේශපාලන පැවැත්ම බලය ලබා ගැනීම සඳහා තමන් විසින්ම රවටා නොමඟහරිනු ලැබූ ජනතාවගෙන්ම අය කරන මුදල් වලින් තහවුරු කරගැනීමට මොවුන් උත්සාහ කරමින් සිටි. මේ වනාහි ප්‍රෝඩාවෙන් බලය ලබා ගෙන ප්‍රෝඩාවෙන්ම පවත්වාගෙන යන මේ ආණ්ඩුව මෙතෙක් සිදුකල නරුමවාදීම උප්පරවැට්ටියයි. මේ බදු වැඩිකිරීම් වලට එරෙහිව ජනතාව එකාමෙන් නැගී සිටිය යුත්තේ ඒ නිසාය.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈත්ත. මහින්ද මහත්තයා කලින් කිව්වාම මේ ආණ්ඩුව එතුමා ගත්ත ණය වලට වඩා මේ අවුරුද්දේ ණය අරන් තියෙනව කියල ඒකට මුන් උත්තර දුන්නේ නෑ. ඒ කියන්නේ ඒක ඈත්ත. මුන් පිස්සු බන් කෙලින්නේ. ආර්ථිකේ නම් කමක් නෑ. අර පිස්සෝ කෑම්ප් වලට පනින එකනේ බන් ඉවසන් ඉන්න බෑරි
     
    • Like
    Reactions: BINGU_PUTHA

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඈත්ත. මහින්ද මහත්තයා කලින් කිව්වාම මේ ආණ්ඩුව එතුමා ගත්ත ණය වලට වඩා මේ අවුරුද්දේ ණය අරන් තියෙනව කියල ඒකට මුන් උත්තර දුන්නේ නෑ. ඒ කියන්නේ ඒක ඈත්ත. මුන් පිස්සු බන් කෙලින්නේ. ආර්ථිකේ නම් කමක් නෑ. අර පිස්සෝ කෑම්ප් වලට පනින එකනේ බන් ඉවසන් ඉන්න බෑරි

    නලුවෙක් නෙමෙයි එලුවෙක්ලුනෙ........:rofl::yes::D
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා...:frown::frown: ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...:frown::frown::frown:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,820
    113
    canada
    සමහරු හිතන් ඉන්නවා ආණ්ඩුව බදු අඩු කරලා තෙල් මිල අඩු කල කියල. ලෝක වෙළද පොලේ බොරතෙල් මිල අඩුවුණාම අඩුවට දෙන්න පුළුවන්. $100 ට 120 තිබ්බ එක $28 පවා අඩුවුණාම තෙල් මිල නිකම්ම අඩු වෙනවා. එත් ආණ්ඩුවේ බදු එහෙමමයි. ලෝක වෙළද පොලේ මිල වැඩි උනාම අර ගානටම වැඩි කරන්න වෙනවා.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මහින්ද ලොක්ක ගාව ඉන්න එකෙක් මේක බලං ඉන්නව නං කියපල්ල උන්නැහේට අර බැසිලයවයි, රත්තරංවයි ඔය තව ඉන්න පිම්පි හැත්තයි හලල එන්න කියලා........
    කලිනුත් පොරව කෑව, දැනුත් කන්න හදනවා.....
    සහ ආයෙ මොනව හරි ක්‍රෙම්කින් බලයට ආවොත් අර නිශාන්ත වික්‍රමසිංහ කියන වල් වේස පාහර අවලමාව හිරේ දාන්න කියලා......
    මහින්දට විරුද්ධව මිනිස්සුන් ගේ මො වලට විසබීජ ගියේ ඔය හැත්ත නිසා.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා...:frown::frown: ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...:frown::frown::frown:

    ඕකුන් මැරිලා ඉපදෙන්න කොට මෙරට තියෙයිද බන් යන විදිහට අදද හෙටද කියල ෂුවර් නැහැ :dull:
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,052
    1,925
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔය මහින්ද ලොක්ක ගාව ඉන්න එකෙක් මේක බලං ඉන්නව නං කියපල්ල උන්නැහේට අර බැසිලයවයි, රත්තරංවයි ඔය තව ඉන්න පිම්පි හැත්තයි හලල එන්න කියලා........
    කලිනුත් පොරව කෑව, දැනුත් කන්න හදනවා.....
    සහ ආයෙ මොනව හරි ක්‍රෙම්කින් බලයට ආවොත් අර නිශාන්ත වික්‍රමසිංහ කියන වල් වේස පාහර අවලමාව හිරේ දාන්න කියලා......
    මහින්දට විරුද්ධව මිනිස්සුන් ගේ මො වලට විසබීජ ගියේ ඔය හැත්ත නිසා.

    hariyatama kiyala thiyenawa.
    +13
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,857
    1,002
    113
    ගෙදර
    මැයි දෙවැනිදා සිට ඉහල නැංවෙන බදු සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    මාධ්‍ය නිවේදනය


    මැයි දිනයෙන් පසු බලාත්මක වෙන අසාධාරණ බදු වැඩිකිරීම්
    මෙතෙක් වැට් බද්දට යටත් නොවු දුරකථන හා අන්තර්ජාල සේවා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගාස්තු, වෛද්‍ය රාසායනාගාර ගාස්තු, පුද්ගලික රෝහල් ගාස්තු, පෙර පාසලේ සිට තෘතීය මට්ටම දක්වා අධ්‍යාපන ගාස්තු, උපකාරක පන්ති ගාස්තු වැනි සේවාවන්වල මිල එක්වරම 15 % කින් වැඩිවීමයි.
    නොමිලේ වයි ෆයි ගන්න හන්සයට කතිරෙ ගහපු එවුන්ට වයි ෆයි කෙසේ වෙතත් තිබිච්ච පයිත් නැතිව ඇති දැන්.:D:D:D
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    මුන් කිව නේද තියපු රත්තරන් බඩු ගන්නිද්දී එකට පොලිය නැතිව ගන්න සහන ක්‍රමයක් දෙනවකියල ...?
     
    Last edited: