ඇක්වා ලක්ෂ 48 යි – ප්‍රියස් 59 යි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඇක්වා ලක්ෂ 48 යි – ප්‍රියස් 59 යි

    Aqua-620x349.jpg


    මිල වැඩිවුණේ වැට් නිසා නොවෙයි.
    මේ වන විට ආනයනික වාහනවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය තුළ තමන් හට මෙම කර්මාන්තය නිරත වීම සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම-සභාපති නීතිඥ කෝකිල දීකිරිවැව මහතා පැවසීය. වත්මන් වාහන මිල ගණන් පිළිබඳ අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.



    මේ වන විට ටොයෝටා ඇක්වා රථයක් ලක්ෂ 48 ක්, ප්‍රියස් ලක්ෂ 59 ක්, හොන්ඩා ෆිට් ලක්ෂ 49-50, වෙසල් ලක්ෂ 70 ක් සහ Suzuki Stingray රථයක් ලක්ෂ 35 ක් දක්වා ඉහළ නැග තිබෙන බව දීකිරිවැව මහතා අප සමග පැවසීය. පවතින තත්ත්වය මත පසුගිය මාස කිහිපය තුළ වාහන අලෙවියේ විශාල කඩාවැටීමක් සිදුව තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.


    ඇමරිකන් ඩොලර්, ජපන් යෙන් වැනි විදේශ විනිමයන්ට එරෙහිව දිගින් දිගටම ශ්‍රී ලංකා රුපියලේ අගය පහළ වැටීම මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වාහන ආනයනයේ දී ඒවා රේගුවේ දී තක්සේරු කිරීමේ දී ඉහළ මිලක් නියම කිරීම හේතුවෙන් ගෙවිය යුතු තීරුබදු වටිනාකම වැඩි වී තිබීම ද වාහන මිල මෙලෙස ඉහළ යාමට දැඩිව බලපා ඇති බවයි.


    පවතින තත්ත්වය පිළිබඳ පසුගිය දා මුදල් අමාත්‍යවරයා හා වාහන ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පැවතිය ද එය ප්‍රතිඵල රහිත එකක් වූ බව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම සභාපතිවරයා කියා සිටියේය. කෙසේ වෙතත් ආනයනික වාහන සඳහා වැට් බදු අයකිරීමක් සිදුනොකරන බව ද ඔහු පැවසීය.
    ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා අධික බද්දක් අය කිරීමට පටන් ගැනීම හේතුවෙන් මේ වන විට එම වාහන අලෙවිය මුළුමනින්ම බිඳ වැටී තිබෙන බව පැවසූ ඔහු කියා සිටියේ නව බදු ක්‍රමය යටතේ නිසාන් ලීෆ් රියක මිල ලක්ෂ 50 ක් පමණ වන බවයි. මෙම තත්ත්වය මත මේ වන තෙක් මුදා නොගත් ඉලෙක්ට්‍රික් මෝටර් රථ විශාල ප්‍රමාණයක් තවමත් රේගු භාරයේ පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

    source Ada derana
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,943
    113
    ඕකට හේතුව අපේ රටේ උන් ජපන් වාහන මත්තෙම නැහෙන එක..
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කාර් පදින්න හිටපු උන් ආයෙත් නිදා ගනිල්ලා