නිර්මාංශවීමේ සුවය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,049
    16,757
    113
    නිර්මාංශවීමේ සුවය

    ඔබ මස් අනුභව නොකළ යුත්තේ ඇයි? විද්‍යාත්මක හේතුව දැනගන්න



    Capture1.png

    බොහෝ අය නිර්මාංශවාදය ඉතා ඉක්මණින්ම සම්බන්ධ කරනුයේ භික්ෂූන් හෝ භික්ෂූණීන් සමගය. නමුත ඇත්ත වශයෙන්ම අද බොහෝ පුද්ගලයින් විද්‍යාත්මක හේතුන් නිසා නිර්මාංශ වීම තෝරාගනී. ඒ නිසා මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ නිර්මාංශ ආහාර ගන්නවුන් විය යුතු වීමට අදාළ විද්‍යාත්මක හේතු සම්බන්ධවය.

    අපේ මුතුන්මිත්තන් ස්වභාවයෙන්ම නිර්මාංශ ආහාර ගත්තවුන්ය. මනුෂ්‍ය පරිණාමය හැදෑරීමේදී මේ බව ඔප්පු කිරීමට සාධක ඇත. එසේම ජීව විද්‍යාව පිළිබද පාඩම් පොත්වලින්ද මේ බව උගන්වනු ලැබේ. එම නිසා නිරවද්‍යතාව සදහා විශේෂ පැහැදිලි කිරීමක් අනවශ්‍යය. මිනිස් සිරුර මස් අනුභව කිරීම සදහා සුදුසු නැත.

    ඇමරිකා එක්සත් ජනපදයේ කොලෙම්බිය් සරසවියේ ආචාර්ය ජී. එස්. හන්ට්න්ගන් විසින් කාය ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබද ලියා ඇති ලිපියකින් මනුෂ්‍යයන් නිර්මාංශ විය යුත්තේ ඇයි ද යන්න ඔප්පු කර පෙන්වා ඇත. එමනේම එම ලිපිය අනුව මාංශ අනුභවය මනුෂ්‍යයින් සදහා සුදුසු වන්නේද නැත. ඔහු පෙන්නා දෙන පරිදි, මස් අනුභව කරන සත්තවයින්ට (ව්‍යාඝ්‍රයින් වැනි) කුඩා බඩවැල් මහ බඩවැල් යන දෙවර්ගය ම පිහිටා ඇත. ඔවුන්ගේ මහ බඩවැල් සෘජුවම පිහිටා ඇති අතර ඒවා මෘදු ගතියෙන් යුක්තය. ඊට පටහැනිව, ශාකවලින් යැපෙන සතුන්ට මෙම දෙවර්යටම එනම් කුඩා බඩවැල් සහ මහ බඩවැල් ද ඇති නමුත් ඒවා දියගය. මස්වල ඇති කෙදි පුමාණය අඩු නිසාත් ප්‍රෝටීන් බහුල නිසාත් පෝෂණ ගුණය උරා ගැනීමට දිගු කාලයක් අවශ්‍ය වන්නේ නැත. ඒ නිසා මස් අනුභව කරන සතුන්ගේ බඩවැල් ශාක අනුභව කරන සතුන්ගේ බඩවැල් වලට වඩා කෙටිය.

    f31.16b1.jpg

    මනුෂ්‍යයින්ගේ කුඩා සහ මහ බඩවැල් යන දෙකම ඉතා සමීප වශයෙන් ගතහොත් මීටර් එකහමාරක් පමණ දිගය. එය කිහිප වාරයක්ම එකට එතී ඇති නිසා ඒවායේ මෘදු නොවු බිත්ති එකට යාවී ඇත. මාංශ භක්ෂකයින්ගේ බඩවැල්වලට වඩා ඒවා දිගින් වැඩි නිසා අප ආහාරයට ගන්නා මස් දිගු වේලාවක් බඩවැල්වල රැදී පවතී. ඒ හේතුව නිසා මස් නරක් වී විෂබීජ උපදවන්නේය. මෙය අක්මාවට කරදර වැඩි කිරීමකි. එනම් අක්මාව විසින් කරනු ලබන්නේ විෂබීජ ඉවත් කිරීම නිසා, ඊට කිරීමට ඇති කාර්යය මේ නිසා වැඩි වන්නේය. එමෙන්ම මංශවල යුරෝකිනේස් (Urokinase) ප්‍රෝටීන් සහ යූරියා බහුලව ඇති නිසා වකුගඩුවල කාර්යයද දුෂ්කර වේ. සෑම මස් රාත්තලකම මූත්‍රාකරන (Urokinase) ප්‍රෝටීන් ග්‍රෑම් 14ක් අඩංගුය. යුරෝකිනේස් ප්‍රෝටීන් දියරය ජීව ශෛල තුළ බහාලූ විට එම ශෛලවල ක්‍රමවත්ව ක්‍රියාකාරීත්වය අඩුවේ. එපමණක් නොව, මස්වල කෙදි ගතිය හා සිලියලෝස් අඩු නිසා, මළබද්ධය පහසුවෙන් ම ඇතිවේ. ගුද මාර්ගයේ පිළිකා සහ අර්ශස් වැනි රෝගවලට හේතුව මළබද්ධය බව අපි දනිමු. වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුෂ්කර වීම නිසා වකුගඩු විනාශ විමට පුළුවන අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වීමෙන් සිරෝසිස් (අක්මා රෝගයකි) රෝගය පමණක් නොව අක්මාවේ පිළිකාද ඇති කරයි.

    ඌරන් පිළිබද වැඩිදුරටත් කරන ලද පර්යේෂණයට අනුව පෙනී යනුයේ මේද අධික ආහාර ගැනීම නිසා අක්මාව පිලාව යන ඉන්ද්‍රියන් විශාල වන බව සහ සම අභ්‍යන්තරයේ ඇති ශෛල මහත්වීම සිදුවන බවයි. මස්වල ඇති කොලෙස්ටරෝල් සහ සන්තෘප්ත මේද හෘද ස්පන්ධනය අක්‍රමවත් කරයි. තායිවානයේ ෆෝමෝසාවල මරණයවලට මුල් වී ඇති හේතු දහයෙන් එකක් වේ.

    පිළිස්සීමෙන් හා බැදීමෙන් මස්වල රාසයන ද්‍රව්‍යයක් (Methylcholanthrenel) සෑදෙන අතර එය බලවත් පිළිකා රෝග කාරකයක් බව පර්යේෂණවලදී සොයාගෙන ඇත. මෙම රසායන ද්‍රව්‍යය මීයන්ට එන්නත් කළ විට උන් නොයෙකුත් පිළිකා වර්ගවලට එනම් ඇට තඩිස්සි වීම, ලේ පිළිකා, ආමාශ පිළිකා ආදියට ගොදුරු වී ඇත.

    අප දිනපතා ආහාරයට ගන්නා මස් ලබා ගන්නා සුතුන් වෙත ආරම්භක අවස්ථාවේදී අක්‍රමිකතා තිබී ඇත්නම් අප ඒවා ආහාරයට ගත් විට ප්‍රතිඵලය අවබෝධ වේ. සමහර අය සිතන්නේ මස් පිරිසිදු සහ ආරක්ෂාකාරී බවයි. මස් මඩුවලදී ඒවා පරීෂා කරන බව ඔවුන් විශ්වාස කරයි. නමුත් ගවයන්, ඌරන්, කුකුළන් බොහෝ ගණනක් මස් සදහා දිනපතා මරණු ලබන නිසා සැබෑ වශයෙන් ම එතරම් විශාල සංඛ්‍යාවක් පරීක්ෂාවට භාජනය කිරීම අපහසුය. එම මස් පරීක්ෂකයින්ගේ වරදක් නොවේ. නමුත් වැඩ අධික වීම නිසා සිදුවන්නකි. එයට අමතරව එම සතුන්ගේ සෑම මස් කෑල්ලක්ම පරීක්ෂා කර එහි පිළිකා රෝගකාරක තිබේදැයි බැලීම ඉතාමත් අපහසු කාර්යයකි. හැම සතෙකුම පරීක්ෂා කළ ද සෑම මස් කෑල්ලක්ම පරීක්ෂා කරීම අසීරුය. එය කොතරම් ආමරු කාර්යයක් දැයි අපට සිතාගත හැකිය. දියුණු රටවල් වන යුරෝපය සහ ඇමරිකාවට පවා මෙය ගැටළුවක් වී ඇත. එය තවමත් කාර්යක්ෂම පාලනය කළ නොහැකි තත්වයකි. වර්තමානයේදී යම් ගැටලු සහගත තත්වයක් සතෙකුට ඇති වු විට මිනිසුන් කරනුයේ හිස වෙන් කිරීමය. එසේ නැතහොත් පයේ කිසියම් රෝගයක් තිබුණේ නම් පය කපා ඉවත් කිරීමය. නරක කොටස් පමණක් ඉවත් කොට ඉතිරිය විකුණනු ලැබේ. සමහර රටවල සනීපාරක්ෂක බලධාරීන් විසින් විකිණීම පිණිස ඇති කරන ඌරන්, හරකුන්, කුකුලන් හා තාරාවුන් පරීක්ෂා කරන්නේ අවම වශයෙනි.

    3499-1024x614.jpg

    සත්ත්වයින්ට දෙනු ලබන ආහාර ගැන කතා කරන විට සතුන්ගේ ආහාරයට පුතිජීවක (Antibiotics) එකතු කරනු බන අතර එම සතුන්ගේ මස් ආහාරයට ගන්නා මිනිසුන් විසින්ද එම ප්‍රතිජීවක උරා ගැනීම නිසා මිනිසුන් තුළ ඇති ප්‍රතිශක්තීකරණය දුර්වල වේ. ඒ අනුව මෙම පුද්ගලයන්ට යමු රෝගයක් වැළදුණු විට තවදුරටත් ප්‍රතිජීවකවලින් ඔවුන්ට පිහිටක් නොලැබෙන නිසා තවත් අගනා ජීවිතයක විනාශය සිදුවේ. මාංශ අනුභව කිරීමේ පුරුද්ද එයට හේතුවයි.

    නිර්මාංශ ආහාර ඉතාමත් හොදයැයි සලකන සමහර අය, එහි ප්‍රමාණවත් පෝෂණ ගුණයක් නැතැයි සිතයි. එය වැරදි අවබෝධයකි. වෛද්‍යවරුන් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ මංශ භෝග වැඩි වශයෙන් ආහාරයට ගැනීම සුදුසු බවයි. මුදවන ලද කිරි, කඩල, සෝයා ඉතා පෝෂ්‍යදායී වේ. ධාන්‍ය ආහර සහ එළවළුවලින් අපේ ශරීරය පවත්වා ගැනීම සදහා අවශ්‍ය සියලුම පෝෂක කොටස් ලබා ගත හැකිය.

    මස්වල ඇති ප්‍රෝටීන්, ශාකවල ප්‍රෝටීන්වලට වඩා උසස් බවත් පළමු වැන්නෙහි සම්පූර්ණ ප්‍රෝටීන් අඩංගු අතර දෙවැන්නෙහි ඒවා අසම්පූර්ණ බවත් බොහෝ දෙනා අදහස් කරති. එහෙත් සොයා, කඩලවල ඇත්තේ සම්පූර්ණ ප්‍රෝටීන් බව හදුනාගැනීමට ඔවුන් අසමත් වී ඇත. මාංශ අනුභව කරන මිනිසුන් සම්පූර්ණ ප්‍රෝටීන් ලබා ගත හැකි වුවත් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ මාංශ ප්‍රෝටීන් ආහාරයට දෙනු ලැබූ සත්වයින් ආරම්භයේදී ශක්තිමත් සහ නිරෝගී සම්පන්න වුවත්, ඔවුන් අඩු ආයුෂික ය යන බවත් විශේෂත්වයකින් තොරව ඔවුන් සියල්ලන්ටම රුධිර පීඩන රෝගයන් හා වකුගඩු ආබාධ ඇති බවත්ය. එයට හේතු වී ඇත්තේ ජීවධාතු විටමින් සහ ඛණිජ ලබණවලට වඩා ප්‍රෝටීන් වෙනස් නිසාය. එය අපේ ශරීරය තුළ විශාල වශයෙන් ගබඩා කර ගැනීමට නොහැකිය. එය බහිශ්‍රාවය කළ යුතුවේ. එම නිසා අක්මාවට සහ වකුගඩු වලට අමතර අපහසුතාවයක් දැරීමට සිදුවන්නේය.

    best-vegetarian-protein-sources.jpg

    ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිට මනුෂ්‍ය වර්ගයාගේ ආහාරය වී ඇත්තේ ශාකයන්ය. පාරණි ග්‍රීක හා හීබෘ පුරාවෘත්තයන්වල විස්තර වී ඇති ආකාරය අනුව මුල් අවදියේදී මිනිසුන් ආහාරයට ගෙන ඇත්තේ පලතුරු වර්ගයන්ය. පැරණි ඊජීප්තු පැවිද්දන් කිසිදාක මස් අනුභවකර නැත. ප්ලේටෝ, දිගෝගිනිස්, සොක්‍රටීස් වැනි බොහෝ උසස් ග්‍රීක දාර්ශනිකයන් නිර්මාංශවාදයට පක්ෂ ව නිතරම කථා කර ඇත. ශාක්‍ය මුණි බුදුන් අහිංසාවේ (ජීවීන්ට හිංසා නොකළ යුතුය) වැදගත්කම අවධාරණය කළහ. එසේම මංශ අනුභව නොකරන ලෙස අනුගාමිකයින්ට අවවාද කළ අතර, එසේ කිරීම නිසා අනෙකුත් ජීව සත්වයින් ඔවුන් කෙරෙහි බිය වෙතැයිද පැවුසූහ. දයාව පිළිබදව අපේ ප්‍රාර්ථනය ඉෂ්ඨ කර ගැනීම සදහා මනුෂ්‍යයින් වන අප මාංශ අනුභවය නැවැත්විය යුතුය. ඒ අනුව නිර්මාංශ වූ බෞද්ධයින් බොහෝ දෙදෙනෙකු අදත් සිටී. බොහෝ තාඹ් වාදීන් ද පැරණි ක්‍රිස්තියනි සහ ජුදාස්වරුන්ද නිර්මාංශිකයන් විය.

    ඩයනා කුමරිය, චාල්ස් කුමරුන්, පෝල් නිව්මන්, අයින්ස්ටයින්, ප්ලේටෝ, පයිතගරස්, සොක්‍රටීස්, ශේක්ෂ්පියර්, ඩේවිඩ්, පෙට්‍රාව්, ඩාවින්චි, එමර්සන්, සෝලා, රස්ල් ෂෙලී නම් කවියා, නොබෙල් ත්‍යාග ලාභී තාගෝර්, රුසියානු ලේඛක ටොල්ස්ටෝයි, ජයනප්‍රිය අයිරිෂ් නාට්‍යකරු බර්නාඩ් ෂෝ, ඉන්දියානු නායකයකු වන ගාන්ධි සහ අල්සෙශියන්, වෙවද්‍ය දූත මෙහෙයේ සහ අප්‍රිකාවේ දේව ධර්ම වරයකු වන ෂවීට්සර් ආදීන් ඔවුන්ගෙන් කිහිප දෙනෙකි.

    අයිස්ටයින් වැඩිදුරටත් මෙසේද පවසා ඇත. ‘‘මනුෂ්‍යාගේ චරිත ස්වභාවය වෙනස් කිරීම සහ පවිත්‍ර භාවයට පත් කිරීම සදහා නිර්මාංශ ආහාරයකින් ලැබෙන ප්‍රයෝජනය මුළු මිනිස් වර්ගයා වෙතම හිතකර වූ ක්‍රියාවක් යැයි මා සිතමි. එබැවින් නිර්මාංශවාදය මිනිසුන් තෝරා ගැනීම ඉතාම සුභ දායක මෙන්ම සාමකාමීද වේ. ‘‘එබැවින් නිර්මාංශ විය යුතුය.‘‘ යන්න අපට පෙනී යයි. ඉතිහාසය පුරාම බොහෝ වැදගත් පුද්ගලයින් සහ මුනිවරයන් ප්‍රඥාවන්තයින් විසින් දෙන ලද සාධාරණ සහ සාමන්‍ය උපදේශය එයයි.

    3a403ce1cb124d680b1a1d4626777df6.jpg

    ඉහත අප සාකච්ඡාවට බදුන් කළ කරුණු අනුව නිර්මාංශ වීම යහපත් ජීවිතයකට කය, මනස නිරවුල්ව තබා ගැනීමට ඉවහල් වන බව සනාථ වෙයි. යෝග දර්ශනය ඔස්සේ මෝක්ෂය සොයා ගමන් කරන අයටද නිර්මාංශ වීම අත්‍යවශ්‍ය දෙයකි. එය දෙවියන්ට ප්‍රිය බව වර්ධනය කරයි. සාමකාමී යහපත් ජීවිතයකට ඉවහල් වේ. දීර්ඝායුෂ ඇති කරයි. ශරීරය නිරෝගී කරයි. චාම් සරල දිවි පෙවෙතකට යොමු කරවයි.තීරණය ඔබේ අතේ..



    source:කර්ම
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,049
    16,757
    113


    හොඳ ලිපියක්, රෙප් 9+ :yes::yes:

    Good Article, Thanks for sharing :yes::yes::yes::yes::yes::yes:

    GOOD POST

    මේ ආටිකල් එකේ කියන දේ 100% ඇත්ත.මම දවසක් පත්තරයක දැක්කා ලංකාවේ සීයා කෙනෙක් අවුරුදු 102 ක් වයස.ඒ සීයා කවදාවත් මස්,මාළු කාලා නැහැ.පොළොස් තමයිලු පොඩි කාලේ ඉදන් කන්න කැමති.අපිට මස්,මාළු addict වෙලා තියෙන්නේ.මස් මාළු කෑවේ නැත්නම් නිකන් බඩ පිරුණේ නැහැ වගේ ෆීල් එකක් එන්නේ ඒකයි.:yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් බන් මිනිස්සු අහවල් එකකට මළකුණු කනවද මන්දා මෙච්චර කන්න දේවල් තියෙද්දිත්.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    Proud to be the same family..!

    Ubalatat nitara oluwe kakkuma / daadiya / hamatissema tharaha yana prashna ehema darunuwatama thiyenawanam maasa 3k Vegetarian wela balapn.aniwa 80%kata wadiya prashne wisadenawa.
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    matanam mona dee kalath mas maalu nokaa inna behe. me dawas wala mama beef, chicken, mutton and fich thunama ekata kanne thun weelatama. aththama kiyanna one mata ewa dakiddi nokaa inna behe hugaak bana ahuwa nokaa inna e unata offshore job karana mama wage kenekuta vegetable kaala survive karanna amarui. eka deyah kochchara keewath mama reeta dahaye idala ekolaha wenakal hoda exercise paarak daanawa. okkoma thel ain wenna. den mata 33years but thawama mama dakina kenek kiyanne 25yrs withara athie kiyala.