Turn OLD LAPTOP into top class Gaming Laptop

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Convert or Upgrade OLD LAPTOP into top class Gaming Laptop

    Convert or Upgrade OLD LAPTOP into top class Gaming Laptop
    💻 ➜ 🖥


    දැන් හැමෝම ගේම් පිස්සෝ ඉන්නේ. කිරියේ නම් බහුතරයක්ම ගේම් පිස්සෝ. ආයේ කතා දෙකක් නෑ. ගේම් ගහන්න ආසාව තිබ්බට මොකෝ අපි හැමෝටම ගොඩක් සල්ලි බාගේ නැහැ නේ ඔය ලොකු ලොකු ගේම් ගහන්න. මටත් තියෙන්නේ අවුරුදු දෙකක් පරණ ලැප්ටොප් එකක්. ඉස්සර නම් ආපු අලුත් අලුත් ගේම් ගැහුවට දැන් මේකට ඔව්වා ඔරොත්තු දෙන්නේ නෑ. එහෙම උනහම හැමෝම කරන්නේ පරණ ලැප්ටොප් එක මල්ලිට හරි අක්කට හරි දීලා ගෙදරට දඩයක් දාලා අලුත් එකක් ගන්නවා.. :rolleyes: නැත්නම් ඔයාට සල්ලි තියෙනවා නම් අලුත් එකක් ගන්නවා. තවත් සමහරු ගේමින් ඩෙස්ක්ටොප් හදනවා. ඔය මොක කරන්නත් ලොකු සල්ලියක් යට කරන්න එපැයි. මම කිව්වොත් ක්‍රමයක් තියෙනවා කියලා ඔයාගේ අවුරුදු 8ක් පරණ ලැප්ටොප් එකේ Far Cry Primal, Battlefield 4, Starwars Battle Front, Tom Clancy The Division වගේ ගහන්න පුළුවන් කියලා මට හිනා වෙයි නේ? :shocked::lol:

    මේකයි වෙන්නේ. මේක 100% ම නොමිලේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පොඩි පොඩි දේවල් ටිකක් ඕනා වෙනවා. වැඩේ 90% වගේ ප්‍රායෝගිකයි(මෙහෙම කියන්නේ Laptop model එක අනූව ආයෙත් Back covers හයි කරන්න යන වෙලාවට :sorry:).

    උවමනා බඩු ටික තමයි:
    High-end Graphic card, Power supply, Monitor, Adapter dock, HDMI & Power cables, External USB WiFi Module.

    ඔන්න ඔය ටික තියෙනවා නම් මෙන්න මේ විදියට ඔයාලගේ දැන් තියෙන ලැප් එක උනත් අලුත්ම අලුත් ගෙමින් ලැප්ටොප් එකක් කරගන්න පුළුවන්. මේ Adapter එකෙන් කරන්නේ Laptop එකේ තියෙන Mini PCI Express Slot එකට External VGA Card එකක් සම්බන්ද කරන්න පුළුවන් විදියට ඉඩ හදලා දෙන එක. අපි කවුරුත් දන්නවා PCI Express slot එකට විවිද උපකරණ සම්බන්ද කරන්න පුළුවන් බව. ලැප්ටොප් කුඩා නිසා ඒ පරිමාණය VGA කාඩ් හදන්නේ නෑ. තවත් Plus point එකක් වෙන්නේ ඔයාට තියෙන්නේ පරණ Dedicated laptop VGA එකක් නම් මෙම ක්‍රමය මගින් අලුත් desktop performance VGA එකක් හම්බෙන එක. මේ ගැජට් එකෙන් External VGA එකට Power & VGA Output connection ලබා දෙන්න ඉඩ පහසුකම් ලබා දෙනවා. එතකොට මොළය ලැප් එකේ තියෙන්නේ බර අදින්නේ Exteternal GPU එකෙන්.



    SKU149984_55.jpg

    Adapter Link on banggood.com
    Adapter Link on ebay.com

    Another e-GPU Adapter from bplus

    මම මේ ඊයේ පෙරේදා මගේ ලැප්ටොප් එක ගලවපු වෙලාවක මගේ WiFi Module එක තියෙන තැන දැක්කා. මෙන්න Photos. ඒක ලැප්ටොප් BIOS බැටරි 2ට එහා පැත්තේ තියෙන්නේ.

    Laptop model: HP Envy 15-j037tx

    asset.jpg


    Another HP Laptop (මගේ එකට කවර හයි කළහම පේන හැටි වගේ)

    hp_envy_15_j003ed_e4a07ea.jpg


    Untitled_1.jpg

    මේ පින්තුරේ ඇවිත් මොඩියුල් එක ලං කරලා ගත්ත එකක්. ඔය තියෙන එක ගලවා ඔය port එකට තමයි අර external adapter dock එක සම්බන්ද කරන්නේ. ඉතින් ඕක පිහිටලා තියෙන තැන එක එක ලැප්ටොප් වලට වෙනස් වෙන්න පුළුවන්. එකයි මම කිව්වේ 100% ම ප්‍රයෝගික වෙන්න අමාරුයි කියලා. නමුත් අලුත් ලැප්ටොප් එකක් ගන්න එක හෝ ඩෙස්ක්ටොප් එකක් ගන්න එකට වඩා සාපේක්ෂව ලාබයි කියලා හිතෙන්නේ නැද්ද? :nerd:

    Video comments කියවලා බැලුවහම ගොඩක් අය වැඩ කළා කියලා තියෙනවා සහ තවත් අයගේ Laptop models මේ සෙටප් එක අදුර ගත්තේ නෑ කියලා.. මම හිතනවා ඔයාලටත් මේක වැඩ කරයි කියලා.

    පොඩි දෙයක් කියන්න තියෙනවා. මේක මම තවම කරලා බැලුවේ නෑ. මේ දවස් වල මට උපාධි අවසාන නිබන්ධනය කරන්න ඕනා. ඒක නිසා මේක මම කරලා කියන්න ටිකක් කල් යයි. පුළු පුළුවන් අය කරලා මෙතන විස්තර දාන්නකෝ.

    මේ Rig එකට හදපු Laptops.

    sku_404635_29.jpg


    sddefault.jpg


    df9aae82-1c93-4459-b688-1f00341a30a8.jpg


    IMPORTANT NOTICE:
    1. ගන්න ආස අය Seller ව contact කරලා තමන්ගේ Laptop model එකට වැඩ කරනවද බලන්න.
    2. තමන්ගේ ලැප්ටොප් එක ගලවලා WiFi Module එකේ Female Interface එක මොන වගේද බලන්න.
    3. මිළදී ගනිද්දී අලුත්ම version එක ගන්න. (v8.0)

    6bcaf4fc-e415-4c93-84fe-6feec1df291f.jpg



    Discussion Forums: techinferno forum
    Laptop compatibility list for bplus e-GPU

    විශේෂ ස්තුතිය shssilva සහෝදරයට යන්න ඕනා තව adapter එකක් හොයලා දුන්නට.
    11.gif


    එහෙනම් අදට අපි ගියා. පස්සේ දවසක හම්බවෙමුකෝ. අනික් යටත් බලන්න බම්ප් එකක් දාන් යන්න. සැලකුවට කමකුත් නෑ. :rofl:

     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    external adaptor dock meken wenne mokakda machoo ?

    ඕකෙන් කරන්නේ ඔයාගේ ලැප්ටොප් එකේ Mini PCI-E Port එකට Graphic Card එක සම්බන්ද කරන එක මචං. Graphic card එකට ගොඩක් Power & Space ඕන නිසා අර Adapter එකෙන් ඒදේ ලබා දෙනවා.
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඕකෙන් කරන්නේ ඔයාගේ ලැප්ටොප් එකේ Mini PCI-E Port එකට Graphic Card එක සම්බන්ද කරන එක මචං. Graphic card එකට ගොඩක් Power & Space ඕන නිසා අර Adapter එකෙන් ඒදේ ලබා දෙනවා.

    machan mage hp probook 4530s thiyenne mata okata bari da set karanna ?

    matath games gahanna asai macho mage lap eke baha :no:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    uba me gadget eka aran wade karada? mama oye video eka balala awuruddakatath wadi. habai youtube eke thiyenneth oya video 2 witharai. oka sira product ekaknam me wenkota bara video ganak watila
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    uba me gadget eka aran wade karada? mama oye video eka balala awuruddakatath wadi. habai youtube eke thiyenneth oya video 2 witharai. oka sira product ekaknam me wenkota bara video ganak watila

    මට dissertation එක බං. අනික ළගදීම කරන්න බැරිවෙයි. ජොබක් නොකරන නිසා පොකට් මනී නෑ. :sorry::(
     
    • Like
    Reactions: LalaJ