මචන් සින්හලෙන් දාපන් හුගක් පැහැදිලි එතකොට , උබ කියන්නේ ටී.ව් දෙකම කොන්ට්‍රොල් කරන්න ක්‍රමයක් තියෙනවඩ එක ඩෙකොඩර් එකෙන්. නැත්තන් එකම රිසිවර් එකට ඩෙකොඩෙර් 2 ප්ල්ග් කලත් දෙකටම ගෙවන්න ඔන නෙද? තෑන්ක් යු
තනි Dish එකෙන් ඩිකෝඩර් කීපයකට දෙන්න පුලුවන්. ඒකට Splitter ඕනෙ නෑ. ඒත් Dialog එකෙන් ඩිකෝඩර් ගන්න ඕනෙ ඒ කියන්නෙ අලුතින් කනෙක්ෂන් ගන්න ඕනෙ. ඉතිං ඒ කතාව මෙතනින් ඉවර කරමු මොකද ඒක නොකර කරගන්න විදියක් ගැනනෙ අහලා තියෙන්නෙ.
TV දෙකකට video out දෙන්න පුලුවන් අමතර මොකුත් ගහන්නෙ නැතුව තනි ඩිකෝඩරෙන්. එකකට AV Out එකෙන් දෙනවා අනිකට RF Out (ඇන්ටනා ජැක් එක හරහා) එකෙන් දෙනවා. හැබැයි දෙකේම එකම චැනල් එක බලන්න පුලුවන්.
ඩිකෝඩර් එක එක්කො ගෙදර තියන්න ඕනෙ නැත්තං කඩේ තියන්න ඕනෙ. කඩේ තිබ්බොත් ගෙදර ඉඳං චැනල් මාරු කරන්න බෑ. ඒක නිසා IR Extender එකක් අදින්න පුලුවන් ඩිකෝඩර් එකේ ඉඳං නැති තැනට. එතකොට ඩිකෝඩර් එක කඩේ තිබ්බත් ගෙදර ඉඳං චැනල් මාරු කරන්න පුලුවන්.

)


